Psalms 45:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කෝරාගේ පුත්‍රයන්ටයි. අනුශාසනාවක් වන, ප්‍රේමවන්තියන් ගැන සෑදූ ගීතිකාවකි. රජිඳුන් උදෙසා මේ කාව්‍යය රචනා කරමි. එවිට මාගේ සිත විසිතුරු තේමාවකින් පිබිදෙයි. මාගේ දිව දක්ෂ ලේඛකයෙකුගේ පන්හිඳ වැනි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නායක වාද්‍යකරුටයි; ෂොෂන්නීම් යන තූර්ය ඇතුව ගීතිකාකිරීමටයි; කෝරාගේ පුත්‍රයන්ටයි. අනුශාසනාවක් වන ප්‍රේමවන්තියන් ගැන සෑදූ ගීතිකාවකි. යහපත් කාරණයකින් මාගේ සිත ඉතිරී යයි. මම රජ්ජුරුවන් සඳහා කව් කියමි. මාගේ දිව දක්ෂ ලියන්නෙකුගේ පන්හිඳ වේ.
Sinhala SNRV (New Revised Version 2018)
රජිඳුන් උදෙසා මේ කාව්‍යය රචනා කරමි. එවිට මාගේ සිත විසිතුරු තේමාවකින් පිබිදෙයි. මාගේ දිව දක්ෂ ලේඛකයෙකුගේ පන්හිඳ වැනි ය.