Psalms 51:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
බැත්-ෂෙබා සමඟ පරදාර සේවනයෙහි යෙදුණු දාවිත් වෙත නාතාන් ගිය පසු දාවිත් තැනූ ගීතයකි. දෙවිඳුනි, ඔබේ දයා කරුණාවෙන් මට අනුකම්පා කළ මැනව; ඔබේ විපුල දයාවෙන් මාගේ අපරාධ මකාදැමුව මැනව.
Sinhala Bile - Revised Old Version (SROV)
නායක වාද්‍යකරුටයි. දාවිත් බැත් ෂෙබා කරා පැමිණීම නිසා අනාගතවක්තෘවූ නාතාන් ඔහු වෙතට ගිය පසු දාවිත් සෑදූ ගීතයකි. දෙවියන්වහන්ස, ඔබගේ කරුණා ගුණය ලෙස මට දයාවුව මැනව. ඔබගේ අධික දයාබරකම ලෙස මාගේ අපරාධ මැකුව මැනව.
Sinhala SNRV (New Revised Version 2018)
දෙවිඳුනි, ඔබේ දයා කරුණාවෙන් මට අනුකම්පා කළ මැනව; ඔබේ විපුල දයාවෙන් මාගේ අපරාධ මකාදැමුව මැනව.