Psalms 52:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දාවිත්ගේ සංගීතයකි. ඒදොමිය ජාතික දොවෙග් නමැත්තා පැමිණ, “දාවිත් අබිමෙලෙක්ගේ ගෙදරට ඇතුළු වී ය”යි සාවුල්ට දැන් වූ පසු දාවිත් විසින් ලියන ලද්දකි. එම්බා බලවන්තය! ඔබේ දුෂ්ටකම ගැන පාරට්ටු කරගන්නේ මන් ද? දෙවියන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නායක වාද්‍යකරුටයි. දාවිත් අහිමෙලෙක්ගේ ගෙදරට ඇතුල්වීයයි ඒදොමිය දොවෙග් විත් සාවුල්ට දැන්වුවාට පසු දාවිත් ලියූ අනුශාසනාවකි. එම්බා බලවන්තය, ඔබ නපුරු ක්‍රියායෙහි කුමට පාරට්ටුකරගන්නෙහිද? දෙවියන්වහන්සේගේ කරුණාව නිතරම පවත්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
එම්බා බලවන්තය! ඔබේ දුෂ්ටකම ගැන පාරට්ටු කරගන්නේ මන් ද? දෙවියන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය.