Psalms 57:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දාවිත් සාවුල් ඉදිරියෙන් ගුහාවට පලා ගිය පසු දාවිත් ගැයූ ගීතයකි. මට අනුකම්පා කළ මැනව; අහෝ දෙවිඳුනි! මට අනුකම්පා කළ මැනව. මම ඔබ සරණ පතමි; විපත් කුණාටුව පහ වී යන තෙක්, ඔබ පියාපත් සෙවණෙහි මම රැකවරණය පතමි.
Sinhala Bile - Revised Old Version (SROV)
නායක වාද්‍යකරුටයි; ‘නාස්ති නො කළ මැනව.’ දාවිත් සාවුල් ඉදිරියෙන් ගුහාවට පලාගියාට පසු ඔහු ලියූ ගීතයකි. දෙවියන්වහන්ස, මට කරුණාකළ මැනව, මට කරුණාකළ මැනව; මක්නිසාද මාගේ ආත්මය ඔබ සරණකොට ගනියි. එසේය, මේ විපත්ති නිමවන තෙක්, ඔබගේ පියාපත් සෙවණ සරණකොට ගන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මට අනුකම්පා කළ මැනව; අහෝ දෙවිඳුනි! මට අනුකම්පා කළ මැනව. මම ඔබ සරණ පතමි; විපත් කුණාටුව පහ වී යන තෙක්, ඔබ පියාපත් සෙවණෙහි මම රැකවරණය පතමි.