Psalms 60:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මෙය ප්‍රසිද්ධ ආඥාවක් වශයෙන් ඉගැන්වීමට ය. මෙය ඉගැන්විය යුතු දාවිත්ගේ සංගීතයකි. දාවිත් ආරම්-නහරයිම් සහ ආරම්-ශෝබා නමැති අය සමඟ සටන් කරන විට, ජෝවාබ් හැරී අවුත් ලවණ නම් මිටියාවතේ දී ඒදොමිය ජාතිකයන්ගෙන් දොළොස් දහසකට පහර දුන් පසු මෙය ලියන ලදී. අහෝ දෙවිඳුනි! ඔබ අප අත්හැර අප බලකොටු බිඳදැමූ සේක; ඔබ උදහස් වූ සේක. අප වෙත යළි වැඩිය මැනව.
Sinhala Bile - Revised Old Version (SROV)
නායක වාද්‍යකරුටයි; ෂූෂන්-ඒඩුත් යන තූර්ය ඇතුව ගීතිකාකිරීමටයි. මෙසොපොතාමියේ සිරියයන්ද ශොබායේ සිරියයන්ද සමඟ දාවිත් යුද්ධකරන්ටත් යෝවාබ් හැරී ඇවිත් ලුණු මිටියාවෙත්දී ඒදොම්වරුන් දොළොස් දහසකට පහර දෙන්ටත් යෙදුණු කල දාවිත් ලියූ ගීතයකි. ඉගැන්වීමටයි. දෙවියන්වහන්ස, ඔබ අප ඉවතලූසේක, අප විසුරුවා දැමූසේක; ඔබ උදහස්වූසේක; අප පළමු ස්වභාවයට පැමිණෙවුව මැනව.
Sinhala SNRV (New Revised Version 2018)
අහෝ දෙවිඳුනි! ඔබ අප අත්හැර අප බලකොටු බිඳදැමූ සේක; ඔබ උදහස් වූ සේක. අප වෙත යළි වැඩිය මැනව.