Revelation 13:4 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මකරා තම ආධිපත්‍යය මෘගයාට දී තිබූ නිසා, ඔවුහු මකරාට නමස්කාර කළහ. ඔවුහු මෘගයාට නමස්කාර කරමින්, “මෘගයාට සමාන කවුරු ද? ඌට විරුද්ධව යුද්ධ කළ හැක්කේ කවරකුට දැ?” යි කීහ.
Sinhala Bile - New Revised Version (NRSV)
මකරා මෘගයාට අධිපතිකම පැවරූ නිසා ඔව්හු මකරාට නමස්කාර කළහ. ඔව්හු මෘගයාටත් නමස්කාර කොට, “මෘගයාට සමාන කවරෙක් ද? ඌ හා සමඟ සටන් කිරීමට කවරෙකුට හැකි දැ”යි කී හ.
Sinhala Bile - Revised Old Version (SROV)
මහ සර්පයා මෘගයාට බලය දුන් නිසා ඔව්හු මහ සර්පයාට නමස්කාරකළෝය; ඔව්හු මෘගයාටත් නමස්කාරකොට: මෘගයාට සමාන කවුද? ඌ හා සමඟ යුද්ධකරන්ට කවෙරකුට හැකිදැයි කීවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
මකරා මෘගයාට අධිපතිකම පැවරූ නිසා ඔව්හු මකරාට නමස්කාර කළහ. ඔව්හු මෘගයාටත් නමස්කාර කොට, “මෘගයාට සමාන කවරෙක් ද? ඌ හා සමඟ සටන් කිරීමට කවරෙකුට හැකි දැ”යි කී හ.