Revelation 15:3 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔවුහු දෙවියන්වහන්සේගේ සේවක මෝස‍ෙස්ගේ ගීතය හා බැටළු පැටවාණන්ගේ ගීතය ගයමින් මෙසේ පැවසූහ: “සියලු බලැති දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්ස, හරි උදාර ය, විස්මිත ය, ක්‍රියා ඔබගේ. ජාතීන්ගේ රජ්ජුරුවනි, යුක්තිය ය, සත්‍යය ය, මාර්ග ඔබගේ.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔව්හු දෙවියන් වහන්සේගේ සේවකයා වූ මෝසෙස්ගේ ගීතිකාව ද බැටළු පෝතකයාණන්ගේ ගීතිකාව ද ගායනා කරමින් මෙසේ කී හ: “සව් බලැති ස්වාමීන් වන දෙවියන් වහන්ස, ඔබගේ ක්‍රියා උදාර ය, චමත්කාර ජනක ය. ජාතීන්ගේ රජාණෙනි, ඔබගේ මාර්ග සාධාරණ ය, සැබෑ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ මෝසෙස්ගේ ගීතිකාවද බැටළුපැටවාණන්ගේ ගීතිකාවද ගායනාකරමින්: සර්ව පරාක්‍රමවූ ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ ක්‍රියා මහත්ය, විස්මපත්ය; ජාතීන්ගේ රජ්ජුරුවෙනි, ඔබගේ මාර්ග ධර්මිෂ්ඨය, සැබෑය.
Sinhala SNRV (New Revised Version 2018)