Revelation 17:3 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඉන්පසු ඔහු ආත්මයාණන් තුළ කාන්තාරයට මා ගෙන ගියේ ය. එවිට හිස් හතක් හා අං දහයක් තිබූ, අපහාසික නාමවලින් පිරී සිටි තද රතු පැහැති මෘගයකු පිට හිඳ සිටින ස්ත්‍රියක එහිදී මම දැක්කෙමි.
Sinhala Bile - New Revised Version (NRSV)
දේව දූතයා ආත්මයාණන්ගේ ආනුභාවයෙන් මරුකතරකට මා ගෙන ගියේ ය. එහි රතු ම රතු මෘගයෙකු පිට ස්ත්‍රියක වාඩි වී සිටිනු මම දිටීමි. ඒ මෘගයා දේවාපහාස නාමවලින් පිරී සිටියේ ය. ඌට හිස් සතක් ද අං දසයක් ද විය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු ආත්මයාණන්ගේ ආනුභාවයෙන් කාන්තාරයකට මා ගෙනගියේය. එවිට දේව අපහාස නාමවලින් පිරී සිටියාවූ හිස් සතක් හා අං දසයක් ඇත්තාව රතුපාට මෘගයෙකු පිට ස්ත්‍රියෙක් වාඩිවී ඉන්නවා දුටිමි.
Sinhala SNRV (New Revised Version 2018)
දේව දූතයා ආත්මයාණන්ගේ ආනුභාවයෙන් මරුකතරකට මා ගෙන ගියේ ය. එහි රතු ම රතු මෘගයෙකු පිට ස්ත්‍රියක වාඩි වී සිටිනු මම දිටීමි. ඒ මෘගයා දේවාපහාස නාමවලින් පිරී සිටියේ ය. ඌට හිස් සතක් ද අං දසයක් ද විය.