Revelation 22:6 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මා ඇමතූ දේව දූතයා, “මේ වචන විශ්වාසනීය ය; සත්‍ය ය. ඉක්මනින් සිදු විය යුතු දෑතම සේවකයනට පෙන්වන පිණිස, දිවැසිවරුන්ගේ ආත්මවල දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තම දූතයා එවූ සේකැ” යි කී ය.
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට දේව දූතයා මට කතා කොට, “මේ වචන විශ්වාස කටයුතු ය, සැබෑ ය. මඳ කලෙකින් සිදුවන්නට යන දේ තමන්ගේ සේවකයන්ට පෙන්වනු පිණිස දිවැසිවරුන්ට ආනුභාවය දුන් දෙවි ස්වාමීන් වහන්සේ ස්වකීය දූතයා එවූ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද ඔහු මට කථාකොට: මේ වචන විශ්වාසය, සැබෑයයි කීයේය. ටික කලකින් සිදුවෙන්ට ඕනෑ දේ තමන්ගේ මෙහෙකරුවන්ට පෙන්වන පිණිස අනාගතවක්තෘවරුන්ගේ ආත්මවල දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන් දූතයා එවූසේකැයි මට කීයේය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට දේව දූතයා මට කතා කොට, “මේ වචන විශ්වාස කටයුතු ය, සැබෑ ය. මඳ කලෙකින් සිදුවන්නට යන දේ තමන්ගේ සේවකයන්ට පෙන්වනු පිණිස දිවැසිවරුන්ට ආනුභාවය දුන් දෙවි ස්වාමීන් වහන්සේ ස්වකීය දූතයා එවූ සේක.