Revelation 22:8 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මේ දෑ ඇසූ, දුටු තැනැත්තා යොහන් වන මම ය. ඒවා ඇසූ, දුටු පසු ඒ දෑ මට පෙන්වූ දේව දූතයාට නමස්කාර කරන්නට මම ඔහු පාමුල වැටුණෙමි.
Sinhala Bile - New Revised Version (NRSV)
මේ සියල්ල ඇසූ දුටු තැනැත්තා ජොහන් වන මම ය. එවිට මා ඇසූ දුටු දේ මට පෙන්වූ දේව දූතයාට නමස්කාර කරන පිණිස මම ඔහුගේ පාමුල වැටුණෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මේ දේ ඇසුවාවූ දුටුවාවූ තැනැත්තා යොහන් නම් මමය. මම ඇසූ දුටු කල මේ දේ මට පෙන්වූ දේවදූතයාට නමස්කාරකරන්ට ඔහුගේ පාමුල වැටුණෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මේ සියල්ල ඇසූ දුටු තැනැත්තා ජොහන් වන මම ය. එවිට මා ඇසූ දුටු දේ මට පෙන්වූ දේව දූතයාට නමස්කාර කරන පිණිස මම ඔහුගේ පාමුල වැටුණෙමි.