Revelation 8:12 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
සිවුවන දේව දූතයා තම හොරණෑව පිම්බේ ය. එවිට හිරුගෙන් තුනෙන් එකකට ද සඳුගෙන් තුනෙන් එකකට ද තරුවලින් තුනෙන් එකකට ද පහර දෙනු ලැබී ය. එසේ වූයේ ඒවායින් තුනෙන් එකක් අඳුරු වන පිණිසත්, දහවලෙන් තුනෙන් එකක් නො බබළන පිණිස හා රැයෙන් තුනෙන් එකකට එයම වන පිණිසත් ය.
Sinhala Bile - New Revised Version (NRSV)
සතර වන දූතයා ද හොරණෑව පිම්බේ ය. එවිට හිරුගෙන් තුනෙන් කොටසක් ද සඳුගෙන් තුනෙන් කොටසක් ද තාරකාවලින් තුනෙන් කොටසක් ද පහර ලැබී ය. මෙසේ ඒවායින් තුනෙන් කොටසක් අඳුරු විය. දවාලෙන් තුනෙන් කොටසක ද එසේ ම රාත්‍රියෙහි තුනෙන් කොටසක ද ආලෝකය පහ විය.
Sinhala Bile - Revised Old Version (SROV)
සතරවෙනි දේවදූතයාද පිම්බේය, එවිට ඉරෙන් තුනෙන් පංගුවක්ද හදෙන් තුනෙන් පංගුවක්ද තාරකාවලින් තුනෙන් පංගුවක්ද පහර ලැබුවේය; මෙසේ වුණේ ඒවායින් තුනෙන් පංගුවක් අඳුරුවන පිණිසත් දවාලෙන් තුනෙන් පංගුවක් නොබැබළෙන පිණිසත්ය, රාත්‍රියත් එසේමය.
Sinhala SNRV (New Revised Version 2018)