Revelation 9:17 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මගේ දර්ශනයෙන් මා දුටු අශ්වයින් හා අසරුවන් මා දැක්කේ මෙසේ ය: ඔවුන්ගේ ළය වැසුම් ගිනි, ඉඳුනිල් හා ගෙන්දගම් යන පැහැයෙන් යුතු විණි. අශ්වයින්ගේ හිස්, සිංහ හිස් හා සමාන විය. උන්ගේ කටින් ගිනි, දුම් හා ගෙන්දගම් පිටව ආවේ ය.
Sinhala Bile - New Revised Version (NRSV)
මෙසේ අශ්වයන් ද උන් පිට හුන් අය ද මම දර්ශනයෙන් දිටිමි. ඔව්හු ගිනි ද නිල් කැට ද ගෙන්දගම් ද පැහැති ළය වැසුම් පැළඳ සිටියහ. අශ්වයන්ගේ හිස් සිංහයන්ගේ හිස් වැනි ය. උන්ගේ කටින් ගිනි ද දුම් ද ගෙන්දගම් ද නික්මිණි.
Sinhala Bile - Revised Old Version (SROV)
මෙසේ අශ්වයන්ද උන් පිට හුන් අයද දර්ශනයෙන් දුටිමි, ගිනිද ගිනිගල්ද ගෙන්දගම්ද ආකාරවූ ළයවැසුම් ඔවුන්ට තිබුණේය. අශ්වයන්ගේ හිස් සිංහයන්ගේ හිස් වාගේය; උන්ගේ කටවලින් ගිනිද දුම්ද ගෙන්දගම්ද නික්මුණේය.
Sinhala SNRV (New Revised Version 2018)