Romans 14:6 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
දවසක් උතුම් යයි සලකන්නා එසේ කරන්නේ, ස්වාමින්වහන්සේගේ ගෞරවය උදෙසා ය. අනුභව කරන තැනැත්තා ඒ ගැන දෙවියන්වහන්සේට ස්තුති දෙන බැවින්, අනුභව කරන්නේ ස්වාමින්වහන්සේගේ ගෞරවය උදෙසා ය. යම් කෑමකින් වැළකී සිටින්නා ද ස්වාමින්වහන්සේගේ ගෞරවය උදෙසා එසේ වැළකී සිටිමින්, දෙවියන්වහන්සේට ස්තුති කරයි.
Sinhala Bile - New Revised Version (NRSV)
යම් දවසක් උසස් කොට සලකන්නා එසේ කරන්නේ සමිඳාණන් වහන්සේ උදෙසා ය. කොයි දේත් කන තැනැත්තා ද දෙවියන් වහන්සේට ස්තුති දී කන බැවින්, කන්නේ සමිඳාණන් වහන්සේ උදෙසා ය. එසේ නොකන තැනැත්තාත් දෙවියන් වහන්සේට ස්තුති දී නොකා සිටින බැවින් එය කරන්නේ ද සමිඳාණන් වහන්සේ උදෙසා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
දවස සලකන්නා ස්වාමීන්වහන්සේ උදෙසා ඒක සලකන්නේය. කන තැනැත්තාද දෙවියන්වහන්සේට ස්තුතිකරන බැවින් කන්නේ ස්වාමීන්වහන්සේ උදෙසාය. නොකන තැනැත්තාත්, ස්වාමීන්වහන්සේ උදෙසා නොකා සිට දෙවියන්වහන්සේට ස්තුතිකරන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)