Romans 16:7 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මගේ සහෝදර සිරකරුවන් හා මාගේ නෑයින් වන අන්ද්‍රොනිකස් හා ජුනියාටත් ආචාර කරන්න; අපෝස්තුලුවරුන් අතර සුප්‍රසිද්ධ ඔවුන් මට පෙරාතුව ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නවුන් ය.
Sinhala Bile - New Revised Version (NRSV)
මගේ ම රටවැසියන් වූ මා සමඟ සිරගත ව සිටි, අන්ද්‍රෝනිකස්ට හා ජුනියස්ට මාගේ ආචාරය පිරිනමන්න. ප්‍රේරිතයන් අතර කීර්තියක් දරන මොවුහු මට පළමුවෙන් කිතුනුවෝ වූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
ප්‍රේරිතයන් අතරෙහි ප්‍රසිද්ධවූ, මට පළමුවෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටියාවූ, මාගේ නෑයන්වූ, මාගේ හවුල් හිරකාරයන්වූ අන්ද්‍රෝනිකස්ට හා යූනියස්ට ආචාරකරන්න.
Sinhala SNRV (New Revised Version 2018)
මගේ ම රටවැසියන් වූ මා සමඟ සිරගත ව සිටි, අන්ද්‍රෝනිකස්ට හා ජුනියස්ට මාගේ ආචාරය පිරිනමන්න. අපෝස්තුළුවරුන් අතර කීර්තියක් දරන මොවුහු මට පළමුවෙන් කිතුනුවෝ වූ හ.