Romans 4:16 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
පොරොන්දුව ඇදහිල්ල මත රඳා පවත්නේ එබැවිනි; එසේ වන්නේ, එය අනුග්‍රහයෙන් පිහිටන පිණිසත්, ඔහුගේ මුළු පෙළපතට එය ඇපයක් වන පිණිසත් ය. ඒ පෙළපත දහම් නීතියට බැඳුණවුන්ගේ පමණක් නො වේ; ආබ්‍රහම්ගේ ඇදහිල්ලට පංගුකාර වූ අයගේත් ය; අප හැමගේ පියා ආබ්‍රහම් ය.
Sinhala Bile - New Revised Version (NRSV)
මේ නිසා දේව පොරොන්දුව වරප්‍රසාදයේ ප්‍රතිඵලයක් වන පිණිස එය ඇදහිල්ල මත රඳා පවතී. එසේ වන්නේ, ආබ්‍රහම්ගේ දරු පෙළපතට අයත් හැමට ම, එනම්, නීතිය අනුව ජීවත් වන අයට පමණක් නොව, අපගේ පියාණන් වන ආබ්‍රහම්ගේ ඇදහිල්ල අනුව ජීවත් වන අයටත්, ඒ පොරොන්දුව වලංගු වන බව සහතික කරන පිණිස ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මේ නිසා අනුග්‍රහය ප්‍රකාරයට සිද්ධවන පිණිස එය ඇදහිල්ලෙන් වේ. කුමටද? පොරොන්දුව මුළු වංශයට ස්ථිරවන පිණිසය, එනම් ව්‍යවස්ථාවෙහි වූ වංශයට පමණක් නොව ආබ්‍රහම්ගේ ඇදහීමෙන් වූ වංශයටත්ය.
Sinhala SNRV (New Revised Version 2018)