Song of Solomon 4:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
පෙම්වතා මාගේ ප්‍රිය සොඳුරිය, ඔබ රුව ඇත්තී ය; එසේ ය, ඔබ රුව ඇත්තී ය. ඔබේ මුහුණ වැස්මට ඇතුළෙන් තිබෙන ඔබේ ඇස් පරෙවියන්ගේ ඇස් වැනි ය. ඔබේ වරලස ගිලියද් කඳු බෑවුමෙහි ලැග සිටින එළු රැළක් වැනි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
බලව, මාගේ සොඳුර, ඔබ රුව ඇත්තීය; එසේය ඔබ රුව ඇත්තීය; ඔබේ මුහුණු වැස්මට ඇතුළෙන් තිබෙන ඔබේ ඇස් පරෙවියන් වැනිය. ඔබේ වරලස ගිලයද් කඳු බෑවුමෙහි ලැග ඉන්න එළු රැළක් මෙන්ය.
Sinhala SNRV (New Revised Version 2018)
මාගේ ප්‍රිය සොඳුරිය, ඔබ රුව ඇත්තී ය; එසේ ය, ඔබ රුව ඇත්තී ය. ඔබේ මුහුණ වැස්මට ඇතුළෙන් තිබෙන ඔබේ ඇස් පරෙවියන්ගේ ඇස් වැනි ය. ඔබේ වරලස ගිලියද් කඳු බෑවුමෙහි ලැග සිටින එළු රැළක් වැනි ය.