Titus 1:5 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මා ක්‍රීතයේ ඔබ නතර කළේ මෙනිසයි; මා ඔබට නියම කළ ලෙස, කළ යුතු වැඩ කොටස නිසි පිළිවෙළට කිරීමටත්, මා ඔබට පෙන්වා දුන් අයුරු හැම නගරයක සභා-මූලිකයින් පත් කිරීමටත් ය.
Sinhala Bile - New Revised Version (NRSV)
මා ඔබ ක්‍රීතයේ නතර කෙළේ, ඉතුරු කටයුතු සම්පූර්ණ කරන පිණිසත්, මා නියෝග කළ ලෙස නුවරක් පාසා සභා මූලිකයන් පත් කරන පිණිසත් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මා එන විට ඔබ ක්‍රීතෙහි නැවැත්වූ කාරණය නම්, අඩුව තිබුණූ දේවල් ඔබ විසින් පිළිවෙළට යොදන පිණිසත් මා ඔබට ආඥාකළ ලෙස නුවරක් පාසා වැඩිමහල්ලන් පත්කරන පිණිසත්ය;
Sinhala SNRV (New Revised Version 2018)
මා ඔබ ක්‍රීතයේ නතර කෙළේ, ඉතුරු කටයුතු සම්පූර්ණ කරන පිණිසත්, මා නියෝග කළ ලෙස නුවරක් පාසා සභා මූලිකයන් පත් කරන පිණිසත් ය.