Zechariah 10:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම ජුදාහි සෙනඟ බලවත් කර, ජෝසෙප්ගේ සෙනඟට ජය අත් කර දෙන්නෙමි. ඔවුන්ට අනුකම්පා කරන නිසා මම ඔවුන් ආපසු ගෙනෙන්නෙමි. ඔව්හු වනාහි, මා විසින් කිසි කලෙක ප්‍රතික්ෂේප නොකරන ලද සෙනඟක් මෙන් වන්නෝ ය. මම ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ය. ඔවුන්ගේ අයැදුම්වලට මම පිළිතුරු දෙන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම යූදා වංශය බලවත්කර, යෝසෙප් වංශය ගළවා, ඔවුන් නැවත ගෙනෙන්නෙමි, මක්නිසාද මම ඔවුන්ට අනුකම්පාකරමි; ඔව්හුද මා විසින් ඔවුන් අහක නොදැමුවාක්මෙන් සිටින්නෝය. මක්නිසාද මම ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය, මම ඔවුන්ගේ බස් අසන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)