Zechariah 12:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“ඒ කාලයේ දී මම ජුදාහි ගෝත්‍රයන් වනලැහැබක නොහොත් ගොයම් ඇති කුඹුරක ගිනි හුලක් මෙන් ද පිදුරු මිටි අතර ගිනි පෙනෙල්ලක් මෙන් ද කරන්නෙමි. ඔව්හු සියලු ජාතීන් හාත්පසින් ම විනාශ කරන්නෝ ය. ජෙරුසලමේ සෙනඟ සිය නගරයෙහි සුරැකි ව සිටින්නෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ කාලයෙහි වටකර සිටින සියලුම ජනයන් දකුණෙන්ද වමෙන්ද දාලායන හැටියට යූදාහි ප්‍රධානීන් දර අතරෙහි තිබෙන ගිනි භාජනයක් මෙන්ද ගොයම් මිටියක් තුළ තිබෙන ගිනි පෙනෙල්ලක් මෙන්ද කරන්නෙමි. යෙරුසලමේ වැසියන්ද තමුන්ගේ ස්ථානය වන යෙරුසලමෙහි නැවත වාසයකරනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)