bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Thessalonians 3
1 Thessalonians 3
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 4 →
1
එහෙයින්, අපට තවත් ඉවසාගන්ට නොහැකිවූ කල, අතීනසෙහි තනියම අත්හරිනු ලැබීමට අපි සතුටුවී,
2
මේ දුක්වලින් කිසිවෙක් චංචල නොවන පිණිස, ඔබ සැම ස්ථිරකිරීමටත් ඔබ සැමගේ ඇදහිල්ල ගැන අවවාද කිරීමටත්, අපේ සහෝදරයාද ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියෙහි දෙවියන්වහන්සේගේ සේවකයාද වූ තිමෝතියස් එවීමුව.
3
මක්නිසාද අප දුක් විඳීමට නියමව තිබෙන බව ඔබ සැමම දනිහුය.
4
මක්නිසාද අප දුක් විඳින්ට සිටින බව, ඔබ සැම සමඟ සිටියදී කලින් ඔබ සැමට කීවෙමුව; එලෙසම සිදුවුණු බව ඔබ සැම දන්නහුය.
5
මේ නිසා මටත් තවත් ඉවසාගන්ට නොහැකිව, පරීක්ෂකයා යම් අන්දමකින් ඔබ සැමව පරීක්ෂා කිරීමෙන් අපේ වීර්යය හිස්වුණාදෝ කියා ඔබ සැමගේ ඇදහිල්ල ගැන දැනගන්නා පිණිස එවීමි.
6
දැන් තිමෝතියස් ඔබ සැම වෙතින් අප ළඟට ඇවිත්, ඔබ සැමගේ ඇදහිල්ලත් ප්‍රේමයත් නිතරම ඔබ සැම අප හොඳාකාර සිහිපත්කරමින්, අප ඔබ සැම දකින්ට ආශාවෙන් සිටින්නාක්මෙන්ම අප දකින්ට ඔබ සැමත් ආශාවෙන් සිටින බවත් යන යහපත් ආරංචි අපට දැන්වූ කල,
7
සහෝදරයෙනි, අපේ සියලු අමාරුවලදීත් පීඩාවලදීත් ඔබ සැමගේ ඇදහිල්ල නිසා ඔබ සැම සම්බන්ධව සැනසීම ලැබීමුව.
8
මක්නිසාද ඔබ සැම ස්වාමීන්වහන්සේ තුළ ස්ථිරව සිටින්නහු නම් අපි ජීවත්වමුව.
9
මක්නිසාද අපගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඔබ සැම සඳහා ප්‍රීතිවන සියලු ප්‍රීතිය නිසා ඔබ සැම ගැන දෙවියන්වහන්සේට මොන ස්තූතියක් දෙන්ට අපට පුළුවන්ද?
10
ඔබ සැමගේ මුහුණ දකින පිණිසද ඔබ සැමගේ ඇදහිල්ලේ අඩුකම් සම්පූර්ණකරන පිණිසද අපි රෑ දාවල් ඉතා අධිකලෙස යාච්ඤාකරමුව.
11
ඉතින් අපගේ පියවූ දෙවියන්වහන්සේමද අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේද ඔබ සැම වෙතට එන්ට අපට මාර්ගය සලස්වාදෙනසේක්වා.
12
අප ඔබ සැමට ප්‍රේමකරන්නාක්මෙන්ම ස්වාමීන්වහන්සේ ඔබ සැමගෙන් එකිනෙකා කෙරෙහිත් අනික් සියල්ලන් කෙරෙහිත් ඔබ සැමගේ ප්‍රේමය වැඩිකර, එයින් ඔබ සැම පුරවා,
13
මෙසේ අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේ තමන්ගේ සියලු ශුද්ධවන්තයන් සමඟ එන කල ඔබ සැමගේ සිත් අපගේ පියවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි ශුද්ධකමින් නිදොස්ව තිබෙන්ට ස්ථිරකරනසේක්වා.
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 4 →
All chapters:
1
2
3
4
5