bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Thessalonians 5
1 Thessalonians 5
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
1
නුමුත් සහෝදරයෙනි, කාලවල්ද ප්‍රස්තාවයන්ද ගැන ඔබ සැමට යමක් ලියන්ට වුවමනා නැත.
2
මක්නිසාද රාත්‍රියෙහි සොරෙකු එන්නාක් මෙන් ස්වාමීන්වහන්සේගේ දවස පැමිණෙන බව ඔබ සැමම හොඳහැටි දනිහුය.
3
සමාදානයය, අනතුරක් නැත කියා කියන විට ගර්භණියට විලිරුජාව පැමිණෙන්නාක්මෙන් හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ; ඔව්හුද කිසිසේත් නොගැළවෙන්නෝය.
4
නුමුත් සහෝදරයෙනි, ඒ දවස සොරෙකු මෙන් ඔබ සැම කෙරේ පැමිණෙන්ට ඔබ සැම අන්ධකාරයෙහි සිටින්නෝ නොවෙති.
5
කුමක්හෙයින්ද ඔබ සැම සියල්ලෝ ආලෝකයේද දවාලේද පුත්‍රයෝය. අපි රාත්රියටවත් අන්ධකාරයටවත් අයිති නොවමුව;
6
එබැවින් වෙන තැනැත්තන් මෙන් අපි නිදා නොගෙන, අවදිව මත් නොවී සිටිමු.
7
මක්නිසාද නිදාගන්නෝ රාත්‍රියෙහි නිදාගනිති; මත්වෙන්නෝ රාත්‍රියෙහි මත්වෙති.
8
නුමුත් දවාලට අයිතිවූ අපි ඇදහිල්ල සහ ප්‍රේමය නැමති ළයවැස්මත් ගැළවීමේ බලාපොරොත්තුව නැමති ආරක්ෂා තොප්පියත් පැළඳගෙන මත් නොවී සිටිමු.
9
මක්නිසාද දෙවියන්වහන්සේ උදහසට නොව අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ගැළවීම ලබාගැනීමට අප නියමකළසේක.
10
අප අවදිව සිටිතත් නිදාගනිතත් තමන්වහන්සේ සමඟ එක්ව ජීවත්වන පිණිස ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා මළසේක.
11
එබැවින් ඔබ සැම කරන්නාක්මෙන් එකිනෙකාට අවවාදකොට, එකිනෙකා වර්ධනයකරගන්න.
12
තවද, සහෝදරයෙනි, ඔබ සැම අතරෙහි වෙහෙසගන්නාවූ, ස්වාමීන්වහන්සේ තුළ ඔබ සැම කෙරෙහි ප්‍රධානකම් කරන්නාවූ, ඔබ සැමට දැනමුතුකම් දෙන්නාවූ තැනැත්තන් දැනගෙන,
13
ඔවුන්ගේ වැඩේ නිසා ප්‍රේමයෙන් ඔවුන් ඉතා උතුම් කොට සලකන ලෙස අපි ඔබ සැමගෙන් ඉල්ලමුව. තම තමුන් අතරේ සමාදානයෙන් සිටින්න.
14
ඇරත්, සහෝදරයෙනි, අනියම්ලෙස හැසිරෙන්නන්ට දැනමුතුකම් දෙන මෙන්ද ක්ලාන්ත සිත් ඇත්තන් ධෛර්යකරන මෙන්ද දුර්වලයන්ට ආධාරවන මෙන්ද සියල්ලන් ගැන ඉවසිලිවන්තව සිටින මෙන්ද අපි ඔබ සැමට අවවාදකරමුව.
15
කිසිවෙක් කාටවත් නපුරට නපුර නොකරන්ට බලාගෙන, එකිනෙකා ගැනත් සියල්ලන් ගැනත් නිතරම යහපත්වූ දේ කරන්න.
16
නිතරම ප්‍රීතිවෙන්න;
17
නොකඩව යාච්ඤාකරන්න;
18
සියල්ලේදී ස්තුතිකරන්න. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබ සැම ගැන දෙවියන්වහන්සේගේ කැමැත්ත මේය.
19
ආත්මයාණන්වහන්සේ නොනිවන්න;
20
අනාගතවාක්‍යකීම් සුළුකොට නොසිතන්න;
21
සියල්ල සෝදිසිකර බලා, යහපත් දේ තදින් අල්ලාගන්න;
22
සියලු අන්දම්වල නපුරෙන් වැලකෙන්න.
23
සමාදානයේ දෙවියන්වහන්සේම ඔබ සැම සහමුලින්ම පවිත්‍රකරනසේක්වා; ඔබ සැමගේ මුළු ආත්මයත් ප්‍රාණයත් ශරීරයත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඊමේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂාකරනු ලැබේවා.
24
ඔබ සැම කැඳවන තැනන්වහන්සේ විශ්වාසව සිටිනසේක, උන්වහන්සේ ඒක ඉෂ්ටද කරනසේක.
25
සහෝදරයෙනි, අප උදෙසා යාච්ඤාකරන්න.
26
සියලු සහෝදරයන්ට ශුද්ධවූ සිඹීමකින් ආචාරකරන්න.
27
මේ ලියුම සියලු සහෝදරයන්ට කියවාදෙන ලෙස ස්වාමීන්වහන්සේගේ නමින් ඔබ සැමට අණකරමි.
28
අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව ඔබ සැම සමඟ වේවා.
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
All chapters:
1
2
3
4
5