bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 John 2
1 John 2
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 3 →
1
මාගේ ප්‍රිය දරුවෙනි, මේ කාරණා මා ඔබට ලියා එවන්නේ, ඔබ පව් නොකරන පිණිස ය. එහෙත් යමෙකු පව් කළොත්, ධර්මිෂ්ඨ වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නම් මැදහත්කාරයාණන් කෙනෙක් අප වෙනුවෙන් පියාණන් වහන්සේ වෙත සිටින සේක.
2
අපේ පාපයෙන් මිදීමේ මිලය උන් වහන්සේ ය; එය අපේ පව් උදෙසා පමණක් නොව සකල ලෝකයාගේ ද පව් උදෙසා ය.
3
අපි උන් වහන්සේගේ ආඥා පිළිපදිමු නම්, එයින් අප උන් වහන්සේ දන්නා බව සහතික වේ.
4
“මම උන් වහන්සේ දනිමි”යි කියමින් උන් වහන්සේගේ ආඥා නොපිළිපදින තැනැත්තා බොරුකාරයෙකි; සත්‍යය ඔහු තුළ නැත.
5
එහෙත් යමෙක් උන් වහන්සේගේ දහම පිළිපදින්නේ ද, ඒකාන්තයෙන් ම ඔහු තුළ දෙවියන් වහන්සේගේ ප්‍රේමය සම්පූර්ණ වී ඇත. අප උන් වහන්සේ තුළ සිටින බව දැනගන්නේ මෙසේ ය:
6
උන් වහන්සේ තුළ ජීවත් වන්නේ යයි කියන තැනැත්තා, ක්‍රිස්තුන් වහන්සේ ජීවත් වුණාක් මෙන් ජීවත් විය යුතු ය.
7
ප්‍රේමවන්තයෙනි, මා ඔබ හට ලියා එවන්නේ අලුත් ආඥාවක් නොව, පටන්ගැන්මේ සිට ම ඔබ අතර තිබුණු පැරණි ආඥාව ය. ඒ පැරණි ආඥාව නම් ඔබ අසා ඇති පණිවුඩය ම ය.
8
කෙසේ වෙතත් මා ඔබ වෙත ලියා එවන මෙම ආඥාව අලුත් එකකි. එහි සත්‍යය ක්‍රිස්තුන් වහන්සේ තුළ ද ඔබ තුළ ද විද්‍යමාන වී ඇත. මන්ද, අන්ධකාරය පහ ව යන්නේ ය. සැබෑ ආලෝකය දැනටමත් බැබළෙන්නේ ය.
9
ආලෝකයෙහි පවතිමි යි කියමින් සිය සහෝදරයාට වෛර කරන්නා තවමත් අන්ධකාරයෙහි සිටියි.
10
සිය සහෝදරයාට ප්‍රේම කරන්නා ආලෝකයෙහි සිටියි. ඒ නිසා පැකිළී වැටීමට හේතුවක් ඔහුට නැත.
11
එහෙත් සිය සහෝදරයාට වෛර කරන්නා අන්ධකාරයෙහි හැසිරෙයි. අන්ධකාරයෙන් ඔහුගේ ඇස් අන්ධ වී තිබෙන බැවින්, තමා යන්නේ කොහේ දැ යි ඔහු නොදනියි.
12
මාගේ ප්‍රියාදර දරුවෙනි, මා ඔබට ලියන්නේ උන් වහන්සේගේ නාමය නිසා ඔබේ පව් කමා කර ඇති බැවිනි.
13
පියවරුනි, මා ඔබට ලියන්නේ, මූලාරම්භයේ සිට වැඩසිටින තැනැන් වහන්සේ ඔබ දන්නා බැවිනි. තරුණයිනි, මා ඔබට ලියන්නේ, ඔබ නපුරා දමනය කර ඇති බැවිනි.
14
දරුවෙනි, මා ඔබට ලියා එවූයේ, ඔබ පියාණන් වහන්සේ දන්නා බැවිනි. පියවරුනි, මා ඔබට ලියා එවූයේ, මූලාරම්භයේ සිට වැඩසිටින තැනැන් වහන්සේ ඔබ දන්නා බැවිනි. තරුණයෙනි, මා ඔබට ලියා එවූයේ, ඔබ ශක්තිමත් බැවිනුත්, දෙවියන් වහන්සේගේ වචනය ඔබ තුළ ඇති බැවිනුත්, ඔබ නපුරා දමනය කර ඇති බැවිනුත් ය.
15
මේ ලෝකයට වත්, එහි ඇති දේ වලට වත් ආලය නොකරන්න. යමෙක් ලෝකයට ආලය කරන්නේ ද, දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත.
16
මන්ද, ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, කාමරාගයත්, මාංසික තෘෂ්ණාවත්, අහංකාරකමත් ඇතිවන්නේ පියාණන් වහන්සේගෙන් නොව ලෝකයෙන් ය.
17
ලෝකයත් ලෝකානුරාගයත් පහ වී යන්නේ ය. එහෙත් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නා සදහට ම ජීවත් වන්නේ ය.
18
ප්‍රිය දරුවෙනි, අවසාන මොහොත පැමිණ ඇත. මේ කාලයේ දී ක්‍රිස්තු-විරෝධියා එන බව ඔබ අසා ඇත. දැනට ම බොහෝ ක්‍රිස්තු-විරෝධීහු පහළ වී සිටිති. මේ කරුණින් මෙය අන්තිම මොහොත බව අපට පෙනේ.
19
මේ ක්‍රිස්තු-විරෝධීන් අපෙන් වෙන් ව ගිය නමුත් අපට අයිති ව සිටියේ නැත. ඔවුන් අපට අයිති ව සිටියා නම්, අප සමඟ නැවතී සිටිනු ඇත. එහෙත් ඔවුන් වෙන් වී ගිය කරුණෙන් පෙනෙන්නේ ඔවුන්ගෙන් කිසිවෙකුවත් අපට සැබෑ ලෙස අයිති නුවූ බව ය.
20
එහෙත් ඔබ වනාහි ශුද්ධ තැනැන් වහන්සේගෙන් ආලේපය ලබා ඇත. එයින් ඔබ හැමට ප්‍රඥාව ලැබී ඇත.
21
මා ඔබට ලියා එවූයේ ඔබ සත්‍යය නොදන්නා නිසා නොව, එය දන්නා නිසාත්, සත්‍යයෙන් කිසි බොරුවක් හට නොගන්නා බව දන්නා නිසාත් ය.
22
බොරුකාරයා කවරෙක් ද? ඔහු අන් කිසිවෙකු නොව, ජේසුස් වහන්සේ ක්‍රිස්තුස් නොවේ යයි කියන තැනැත්තා ය. ක්‍රිස්තු-විරෝධියාත් ඔහු ම ය. ඔහු පියාණන් වහන්සේත් පුත්‍රයාණන් වහන්සේත් ප්‍රතික්ෂේප කරන්නේ ය.
23
යමෙක් පුත්‍රයාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ ද, ඔහු පියාණන් වහන්සේත් ප්‍රතික්ෂේප කරයි; යමෙක් පුත්‍රයාණන් වහන්සේ පිළිගන්නේ ද, ඔහු පියාණන් වහන්සේත් පිළිගන්නේ ය.
24
ඔබ මුල සිට ම ඇසූ දේ සිතෙහි නිදන් කරගන්න. මුල සිට ම ඔබ ඇසූ දේ ඔබ තුළ පවතී නම් ඔබ පුත්‍රයාණන් වහන්සේ තුළත්, පියාණන් වහන්සේ තුළත් ජීවමාන ව සිටින්නහු ය.
25
උන් වහන්සේ අපට දුන් පොරොන්දුව නම් මේ සදාතන ජීවනය ය.
26
මා මේ කාරණා ඔබට ලිව්වේ ඔබ මුළා කරන්නට උත්සාහ කරන අය සම්බන්ධයෙන් ය.
27
උන් වහන්සේගෙන් ලැබූ ආලේපය ඔබ තුළ පවතින හෙයින් ඔබට ඉගැන්වීමට අන් කිසිවෙක් වුවමනා නැත. උන් වහන්සේගේ ඒ ආලේපය ඔබට සියල්ල උගන්වනු ඇත. එය සත්‍යම ය; අසත්‍යයක් නොවේ. ඒ ආලේපය ඔබට ඉගැන්වූ පරිදි, උන් වහන්සේ තුළ පැවතී සිටින්න.
28
ඉතින් මාගේ ප්‍රිය දරුවෙනි, උන් වහන්සේ තුළ පවතින්න. එසේ කළ යුත්තේ උන් වහන්සේ ප්‍රකාශ වූ විට ඔබ නිසැක ව සිටින පිණිසත්, උන් වහන්සේගේ ආගමනයේ දී ඔබ උන් වහන්සේ ඉදිරියේ ලජ්ජා රහිත ව සිටින පිණිසත් ය.
29
උන් වහන්සේ ධර්මිෂ්ඨ බව ඔබ දන්නහු නම්, දමිටුකම් කරන සියල්ලන් උන් වහන්සේගෙන් උපත ලබා සිටින බව ඔබට තේරුම් යනු ඇත.
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 3 →
All chapters:
1
2
3
4
5