bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Thessalonians 5
1 Thessalonians 5
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
1
සහෝදරවරුනි, මේවා සිදුවෙන කාලවේලා හා අවස්ථා ගැන ඔබට ලියා එවීම අවශ්‍ය නැත.
2
මන්ද, රාත්‍රියෙහි පැමිණෙන සොරෙකු මෙන් සමිඳාණන් වහන්සේගේ දවස පැමිණෙන බව ඔබ ම හොඳ හැටි දන්නහු ය.
3
‘සාමය ඇත; අනතුරක් නැතැ’යි ඔවුන් කියන විට, ගැබිණියකට විළිරුජා පැමිණෙන්නාක් මෙන්, ක්ෂණික විනාශය ඔවුන් පිට පැමිණේ; ඔවුන්ට කිසි ගැළවීමක් නැත.
4
එහෙත්, සහෝදරවරුනි, ඔබ අන්ධකාරයේ නොසිටින නිසා, ඒ දවස සොරෙකු මෙන් ඔබ වෙත පැමිණීමට හේතුවක් නැත.
5
ඔබ සැම, ආලෝකයේ දරුවෝ ද, දිවා කාලයේ දරුවෝ ද වන්නහු ය; අපි රාත්‍රි කාලයේ වත්, අන්ධකාරයේ වත් දරුවෝ නොවන්නෙමු.
6
ඒ නිසා අපි, අන් අය මෙන් නිඳා නොසිට අවදි ව, සිහිකල්පනාව ඇතිව සිටිමු.
7
නිඳන්නන් නිඳන්නේ රාත්‍රියේ දී ය; මත් පැන් බොන්නන් මත් වන්නේ රාත්‍රියේ දී ය.
8
එහෙත් දවාලට අයිති අපි, සිහි කල්පනාව ඇතිව සිටිමු. ඇදහිල්ලත් ප්‍රේමයත් නමැති ළය වැස්ම ද, ගැළවීමේ බලාපොරොත්තුව නමැති යුද්ධ තොප්පිය ද පැළඳගනිමු.
9
දෙවියන් වහන්සේ අපට නියම කෙළේ දේව උදහස නොව, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන, ගැළවීම ලබාගැනීම ය.
10
අප අවදි ව සිටියත්, නිඳා සිටියත්, තමන් වහන්සේ සමඟ එක් ව ජීවත් වන පිණිස ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා මළ සේක.
11
එබැවින් ඔබ දැනට ම කරන්නාක් මෙන්, එකිනෙකාට ධෛර්ය දෙන්න, එකිනෙකා ශක්තිමත් කරන්න.
12
සහෝදරවරුනි, ඔබ අතර වෙහෙස මහන්සි දරන, ක්‍රිස්තියානි සභාවෙහි මූලිකත්වය දරන, ඔබට අවවාද අනුශාසනා කරන තැනැත්තන් නිසි ලෙස සලකන්න.
13
ඔවුන්ගේ සේවය නිසා ඔවුනට උසස් ම ගෞරවාදරය පිරිනමන ලෙස අපි ඔබගෙන් ඉල්ලමු. එකිනෙකා හා සමඟ සාමදානයෙන් සිටින්න.
14
සහෝදරවරුනි, අලසයන්ට අවවාද දෙන්න; බියසුල්ලන් දිරිගන්වන්න; දුබලයන්ට සහයවන්න. මේ සියල්ලන් ගැන ඉවසිලිවන්ත ව සිටින මෙන් අපි ඔබගෙන් උදක් ම ඉල්ලමු.
15
කිසිවෙකුට නපුරට නපුර නොකරන ලෙස ද, එකිනෙකා ගැනත්, සියල්ලන් ගැනත් නිතර ම යහපත් දේ කරන ලෙස ද වගබලාගන්න.
16
නිතර ම ප්‍රීති වන්න,
17
නොකඩව යාච්ඤා කරන්න,
18
සියල්ලෙහි දී ස්තුති දෙන්න. කිතුනුවන් වශයෙන් දෙවියන් වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වන්නේ මෙය වේ.
19
ශුද්ධාත්මානුභාවයට අවහිර නොකරන්න;
20
දිවැස් වැකි සුළු කොට නොතකන්න.
21
සියල්ල විමසා බලා, යහපත් දේ තදින් අල්ලාගන්න.
22
සියලු ආකාර නපුරෙන් වළකින්න.
23
සාමදානයේ දෙවියන් වහන්සේ ම ඔබ මුළුමනින් ම පවිත්‍ර කරන සේක් වා! ඔබගේ මුළු ආත්මය ද ප්‍රාණය ද ශරීරය ද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පුනරාගමනයේ දී නිදොස් ව තිබෙන ලෙස ආරක්ෂා කරනු ලැබේ වා!
24
ඔබ කැඳවන තැනැන් වහන්සේ විශ්වාසවන්ත ය; උන් වහන්සේ එය ඉෂ්ට කරනු නියත ය.
25
සහෝදරවරුනි, අප උදෙසා යාච්ඤා කරන්න.
26
සියලු සහෝදරයන්ට සාම සිඹීමකින් ආචාර කරන්න.
27
මේ හසුන සියලු සහෝදරයන් ඉදිරියෙහි කියවන ලෙස සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔබට අණ කරමි.
28
අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කරුණාව ඔබ සමඟ වේ වා!
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
All chapters:
1
2
3
4
5