bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
3 John 1
3 John 1
Sinhala Bile - New Revised Version (NRSV)
Jump to:
Chapter 1
1
සභා මූලිකයෙකු වන මම, මා සැබෑ ලෙස ප්‍රේම කරන ප්‍රියාදර ගායස්ට මෙය ලියා එවමි.
2
මාගේ හිත මිතුර, ඔබ ආධ්‍යාත්මික ලෙස යහතින් සිටින්නාක් මෙන් සියල්ලේ දී යහතින් සිටින ලෙස ද, නිදුක් නීරෝගී ව සිටින ලෙස ද යාච්ඤා කරමි.
3
සැබැවින් ම ඔබේ කල්ක්‍රියාව සත්‍යයට අනුකූල බැවින් ඔබ සත්‍යයෙහි ස්ථීර ව සිටින බවට සහෝදරයන් ඇවිත් සාක්ෂි දුන් විට, මම අතිශයින් ප්‍රීති වීමි. සැබැවින් ම ඔබේ කල්ක්‍රියාව සත්‍යයට අනුකූල ය.
4
මාගේ දරුවන් සත්‍යය අනුව ජීවත් වන බව ඇසීමට වඩා ලොකු ප්‍රීතියක් මට නැත.
5
මාගේ හිත මිතුර, මේ සහෝදරයන් අමුත්තන් වුව ද ඔවුන්ට ඔබ කළ හැම සත්කාරයකින් ම ඔබේ විශ්වාසවන්තකම පෙනේ.
6
ඔව්හු ඔබේ මේ ප්‍රේමය ගැන සභාව ඉදිරිපිට සාක්ෂි දැරූහ. ඔවුන්ගේ ගමනේ දී අප සේවය කරන දෙවියන් වහන්සේට ප්‍රසන්න වන ලෙස ඔවුන්ට උපකාර කරන්න.
7
මන්ද, උන් වහන්සේගේ නාමය උදෙසා පිටත් ව ගිය ඔව්හු විජාතීන්ගෙන් කිසි උපකාරයක් භාර නොගත්හ.
8
අප සත්‍යයෙහි හවුල් සේවකයන් වන පිණිස එබඳු අයට අපේ සහාය දිය යුතු ය.
9
මම සභාවට ලිපියක් ලීවෙමි. එහෙත් සභාවේ නායකත්වය පතන දියොත්‍රෙපස් මට කිසිසේත් සවන් නොදෙයි.
10
එබැවින් මම ආවොත් ඔහු කරන ක්‍රියා සිහි කර දෙන්නෙමි. ඔහු අපට විරුද්ධ ව දුෂ්ට චෝදනා ඉදිරිපත් කරයි. ඔහු එයිනුත් සෑහීමට නොපැමිණ, අපේ සහෝදරයන් පිළිගැනීමෙන් ද වැළකී සිටියි. එපමණක් නොව, පිළිගන්නට කැමැති අයටත් ඉඩ නොදී ඔවුන් සභාවෙන් නෙරපාදමයි.
11
ප්‍රේමවන්තයෙනි, නපුර නොව යහපත ආදර්ශ කරගන්න. යහපත කරන්නා දෙවියන් වහන්සේගේ දරුවෙකි; නපුර කරන්නා දෙවියන් වහන්සේ නුදුටුවෙකි.
12
දෙමෙත්‍රියස් ගැන සියල්ලෝ ම හොඳ කියති. සත්‍යයත් ඔහුට සාක්ෂි දරයි. මමත් එසේ ම සාක්ෂි දරමි. අපේ සාක්ෂිය සැබෑ බව ඔබ දන්නහු ය.
13
ඔබට බොහෝ දේ ලියන්නට මට ඇත. ඒවා ගැන පෑනෙන් හා තීන්තෙන් ලියා එවන්නට මම නොකැමැත්තෙමි.
14
ඉක්මනින් ඔබ දකින්නට මා බලාපොරොත්තු වන බැවින්, අප මුණගැසුණ විට ඒ ගැන සාකච්ඡා කළ හැකි ය.
15
ඔබට සාමදානය වේ වා! අපේ මිත්‍රයෝ ඔබට ආචාර කරති. අපේ මිත්‍රයන්ට ඔවුන්ගේ නම් කියා ආචාර කරන්න.
Jump to:
Chapter 1
All chapters:
1