bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Acts 17
Acts 17
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 16
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 18 →
1
ඔවුහු අම්පිපොලිසිය සහ අපොලෝනිය මැදින් ගොස් තෙසලෝනිකයට ආහ. එහි ජුදෙව්වරුන්ගේ ධර්මශාලාවක් තිබුණි.
2
පාවුලු සිය සිරිත ලෙස ඔවුන් වෙතට ගොස්, සබත් දින තුනක් ඔවුන් සමඟ වාද කරමින්,
3
ක්‍රිස්තුන් වහන්සේ දුක් විඳින්නටත්, මළවුන්ගෙන් උත්ථාන වන්නටත් යුතු ව තිබුණු බව ශුද්ධ ලියවිල්ලෙන් පාඨ ගෙනහැරපාමින් පැහැදිලි කර දුන්නේ ය. “තවද මා ඔබට ප්‍රකාශ කරන මේ ජේසුස් වහන්සේ වනාහි ක්‍රිස්තුන් වහන්සේ ම ය”යි පාවුලු ඔවුනට පහදා දුන්නේ ය.
4
ඔවුන්ගෙන් සමහරෙක් ද භක්තිවන්ත ග්රීකවරුන්ගෙන් මහත් සමූහයක් ද වැදගත් ස්ත්‍රීන්ගෙන් කීප දෙනෙක් ද ඒ අදහා ගෙන, පාවුලු සහ සීලස් සමඟ එක් වූ හ.
5
එහෙත් ජුදෙව්වරු ඊර්ෂ්‍යාවෙන් පිරී, රස්තියාදුකාරයන් අතරෙන් සමහර මැරවරයන් කැඳවාගෙන, සෙනඟ රැස් කර, නුවර කළඹා, ජාසොන්ගේ නිවස ළඟට පැමිණ, පාවුලු සහ සීලස් ඉන් පිට කර ජනකාය මැදට ගෙන්වා ගන්නට තැත් කළහ.
6
එහෙත් ඒ දෙදෙනා සොයා ගත නොහැකි වූ බැවින්, ඒ වෙනුවට ජාසොන් සහ සමහර සහෝදරයන් ද, නුවර මුළාදෑනීන් ළඟට ඇද ගෙන ගොස්, “ලෝකය පෙරලූ මේ අය මෙහි ද පැමිණ සිටිති; ජාසොන් ඔවුන් පිළිගත්තේ ය.
7
මොවුහු සියල්ලෝ ජේසුස් නම් වෙන රජෙක් ඇතැ යි කියා, සීසර් අධිරාජයාගේ නියෝගවලට විරුද්ධ ව ක්‍රියා කරති”යි මොරගසා කී හ.
8
මේ ඇසූ සමූහයා ද නුවර මුළාදෑනිහු ද කැළඹුණාහ.
9
ඔව්හු ජාසොන් ද අනෙක් අය ද ඇප පිට නිදහස් කළහ.
10
රෑ වූ විගස සහෝදරයෝ පාවුලු ද සීලස් ද බෙරියාවට යැවූ හ. ඔව්හු එහි පැමිණ ජුදෙව්වරුන්ගේ ධර්මශාලාවට ඇතුළු වූ හ.
11
එහි සිටි අය තෙසලෝනිකයෙහි අයට වඩා උදාර ගතිගුණ ඇත්තෝ වූ හ. ඔව්හු කරුණු හරි හැටි දැන ගන්නා පිණිස, දවස්පතා ශුද්ධ ලියවිල්ල පිරික්සමින් මුළු සිතින් ධර්මය පිළිගත්හ.
12
එහෙයින් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ද ග්‍රීක් කුල කාන්තාවන්ගෙන් සහ පුරුෂයන්ගෙන් කීප දෙනෙක් ද අදහා ගත්හ.
13
එහෙත් පාවුලු බෙරියාවෙහිදීත් දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කළ බව ඇසූ තෙසලෝනිකයේ ජුදෙව්වරු එතැනට පැමිණ, සමූහයා අවුස්සා කැළඹීමක් ඇති කළෝ ය.
14
එවිට සහෝදරයෝ එවේලේ ම පාවුලු මුහුදු වෙරළට පිටත් කර යැවූ හ. සීලස් ද තිමෝතියස් ද එහි ම නැවතී සිටියහ.
15
පාවුලු ඇරලීමට ගිය අය ඇතන්ස් නගරය දක්වා ඔහු පිරිවරා ගියහ. හැකි පමණ ඉක්මනින් තමා වෙතට එන මෙන්, සීලස්ට ද තිමෝතියස්ට ද පාවුලුගෙන් නියමයක් රැගෙන ඔව්හු ආපසු ගියහ.
16
පාවුලු ඇතන්ස්හි ඔවුන්ගේ පැමිණීම බලා සිටිය දී, ඒ නුවර දේව රූපවලින් පිරී තිබෙන බව දැක ඔහුගේ සිත කැළඹී ගියේ ය.
17
එබැවින් ඔහු ධර්මශාලාවේ දී ජුදෙව්වරුන් හා භක්තිවන්තයන් සමඟ ද, වෙළෙඳාම් පොළේ දී දිනපතා හමු වූවන් සමඟ ද වාද කෙළේ ය.
18
එපීකුරිය සහ ස්තෝයික දාර්ශනිකයන්ගෙන් සමහරෙක් ද ඔහුට මුණ ගැසුණාහ. ඇතැමෙක්, “මේ වාචාලයා කුමක් කියන්නට හදනවා දැ”යි කී හ. “ඔහු අන්‍ය දෙවිදේවතාවන් ප්‍රචාරය කරන්නෙකු මෙන් පෙනේ ය”යි සමහරු කී හ. මෙසේ කීවේ ඔහු ජේසුස් වහන්සේ හා උන් වහන්සේගේ පුනරුජ්ජීවනය ප්‍රකාශ කළ බැවිනි.
19
එබැවින් ඔව්හු අරියෝපගයේ රැස්වීමට ඔහු ගෙන ගොස්, “ඔබ උගන්වන මේ අලුත් ධර්මය අපටත් දැනගන්නට පුළුවන් ද?
20
මන්ද, සමහර අපූරු කාරණ ඔබ අපේ කන්වල හෙළන්නෙහි ය. එහෙයින් මේ කාරණාවල අර්ථය කිමෙක් දැ යි දැනගන්ට කැමැත්තෙමු”යි කී හ.
21
සියලු ඇතන්ස් වැසියෝ ද එහි පදිංචි ව සිටි විදේශීහු ද අලුත් මතිමතාන්තර ගැන කතාබහ කරමින් හෝ ඒවාට සවන් දීමෙන් හෝ මිස වෙන අයුරකින් කාලය ගත නොකළහ.
22
එවිට පාවුලු, අරියෝපග ශාලාව මැද සිට මෙසේ දෙසී ය: “ඇතන්ස් වැසියෙනි, ඔබ හැම අතින් ම ආගම ධර්මයට ලැදිකම් ඇති අය බව මට පෙනේ.
23
ඔබ නමස්කාර කරන වස්තු නරඹමින් මා යන අතර, ‘නාඳුනන දෙවියන්ට ය’ යන ලේඛනයක් ඇති පූජාසනයක් ද දිටිමි. ඔබ නොදැන නමස්කාර කරන ඒ දෙවියන් මම ඔබට ප්‍රකාශ කරමි.
24
ලෝකය ද එහි සියල්ල ද මවා වදාළ දෙවියන් වහන්සේ ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීන් ව සිටින බැවින්, උන් වහන්සේ මිනිස් අතින් සාදන ලද මාලිගාවල නොවසන සේක.
25
උදව්උපකාරයෙන් යැපෙන අයෙකු සේ උන් වහන්සේ මිනිස් අත්වලින් උපස්ථාන නොලබන සේක. මන්ද, සියල්ලන්ට ජීවිතය ද හුස්ම ද අන් සියලු දේ ද දෙන්නේ උන් වහන්සේ ය.
26
උන් වහන්සේ එක් මිනිසෙකුගෙන් සකල මිනිස් සංහතිය මවා වදාළ සේක. මිහි පිට වාසය කරන පිණිස නියමිත කාලයන් ද වාසස්ථානවල සීමා ද නියම කළ සේක.
27
මෙසේ කෙළේ දෙවියන් වහන්සේ ගැන හැඟීමකින් ද, හමුවන බලාපොරොත්තුවෙන් යුතුව ද උන් වහන්සේ සොයන පිණිස ය. උන් වහන්සේ අප එකිනෙකාට නුදුරු ව සිටින සේක.
28
“මන්ද, කියා තිබෙන පරිදි, ‘අපි උන් වහන්සේ තුළ ජීවත් වෙමු, හැසිරෙමු, පවතිමු.’ තවද, ඔබගේ කිවිවරයන්ගෙන් සමහරෙකු පවා කියා තිබෙන පරිදි, ‘අපි උන් වහන්සේගේ දරුවෝ වෙමු.’
29
අප දෙවියන් වහන්සේගේ දරුවන් වන බැවින් දේවත්වය වනාහි මිනිස් කලාශිල්පයෙන් හා දක්ෂකමින් හා කැටයම් කළ රනට වත් රිදීයට වත් ගලට වත් සමාන යයි නොසිතිය යුතු ය.
30
ඉතින් මේ නොදැනුම් කමේ කාලයන් දෙවියන් වහන්සේ නොතකා හැරිය නමුත් දැන් සියලු මනුෂ්‍යයන්ට සියලු තැන්හි පසුතැවී සිත් හරවා ගන්නට දැන් අණ කරන සේක.
31
මන්ද, තමන් වහන්සේ විසින් පත් කරන ලද මනුෂ්‍යයෙකු ලවා ලෝකයා ධර්මිෂ්ඨකමින් විනිශ්චය කිරීමට එක් දවසක් නියම කර තිබේ. උන් වහන්සේ ඒ මනුෂ්‍යයා මළවුන්ගෙන් උත්ථාන කිරීමෙන් සියල්ලන්ට ඒ ගැන සහතිකයක් දී තිබේ.”
32
මළවුන්ගෙන් උත්ථාන වීම ගැන ඔවුන්ට ඇසුණ කල, සමහරු සරදම් කළහ. සමහරු, “මේ ගැන ඔබ කියන දේ අපි නැවත වරක් අසන්නෙමු”යි කී හ.
33
එවිට පාවුලු ඔවුන් කෙරෙන් අහක් ව ගියේ ය.
34
එහෙත් සමහර අය ඔහුට එකතු වී අදහා ගත්හ. ඔවුන් අතරෙහි අරියෝපගීය දියෝනිසියස් ද දමරිස් නම් ස්ත්‍රියක් ද තවත් අය ද වූ හ.
← Chapter 16
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 18 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28