bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Amos 2
Amos 2
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 3 →
1
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මෝවබ්හි වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් ඒදොම් රජුගේ ඇට කටු දවා හුණු ලබාගත් නිසා, මම සත්තකින් ම ඔවුන්ට දඬුවම් කරමි.
2
මම මෝවබ් දේශය පිට ගින්නක් එවා කෙරියොත්හි බලකොටු දවා අළු කර දමමි. හේවායන්ගේ ගෝරනාඩුව හා හොරණෑවල බෙරිහන්දීමත් සමඟ යුද්ධ ඝෝෂාව මැද මෝවබ් වැසියන් විනාශ වනු ඇත.
3
මෝවබ් රටේ අධිපතියා ද සියලු සෙනෙවියන් ද මම විනාශ කර දමමි.”
4
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ජුදා වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව එපා කොට, උන් වහන්සේගේ අණපණත් නොපැවැත්වූ නිසා, මම ඔවුන්ට සත්තකින් ම දඬුවම් කරමි. ඔවුන්ගේ පියවරුන් වැඳ පිදූ දෙවිවරුන්, ඔවුන් නොමඟ ගෙන ගොස් ඇත,
5
ඒ නිසා මම ජුදා පිට ගිනි එවා ජෙරුසලමේ බලකොටු දවා අළු කර දමමි.”
6
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල් වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. මම ඔවුන්ට සත්තකින් ම දඬුවම් කරමි. ඔව්හු ණය ගෙවාගන්නට බැරි නිදොස් අය මුදලටත්, දුප්පත් අසරණයන් සෙරෙප්පු දෙකක මිලයට වහල්කමටත් වික්කෝ ය.
7
දුබලුන් පොළොවේ ධූලි මත පාගා, අහිංසකයන් අහකට නෙරපාදමති. පියාත් පුතාත් දෙදෙන ම, එක ම දේවාල ගණිකාවන් සේවනය කර මාගේ ශුද්ධ නාමය කෙලෙසති;
8
හැම පූජාසනයක් පාසා ඔවුන් උකසට ගත් වස්ත්‍ර එළාගෙන ඒ මත දිගා වී සිටිති; දඩයට යටත් වූවන්ගෙන් ගත් මුද්‍රික පානය ඔව්හු තම තමන්ගේ දේවාලවල දී බොති.
9
“එහෙත්, කිහිරි ගස් මෙන් උස, කළුවර ගස් මෙන් ශක්තිමත් අමෝරිවරුන් ඔවුන් උදෙසා සහමුලින් ම විනාශ කරදැම්මේ මම ය.
10
“තවද, අමෝරිවරුන්ගේ දේශය නුඹ ම හිමි කරගන්න පිණිස මිසර දේශයෙන් මුදා ගෙනවුත් සතළිස් වසක් තිස්සේ පාළුකරය මැදින් නුඹ ගෙන ගියේ මම ය.
11
නුඹේ පුත්‍රයන්ගෙන් සමහරුන් දිවැසිවරයන් වශයෙන් ද නුඹේ තරුණයන්ගෙන් සමහරුන් නාසරීයයන් වශයෙන් ද මම තෝරා ගතිමි. ඉශ්රායෙල් ජනයෙනි, මා කියන මේ දේ සැබෑ නොවේ ද? මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ වන මම ය.
12
“එහෙත්, නුඹලා මුද්‍රික පානය බොන්නට නාසරීයයන් පෙළඹෙව්වහු ය; ‘දිවැස් දෙසුම් නොකරන්නැ’යි දිවැසිවරුන්ට අණ කළහු ය.
13
ගොයම් මිටි පිරෙවූ බර කරත්තයකින් පොළොවේ මැඩෙන්නාක් මෙන් මම නුඹලා මඩින්නෙමි.
14
ශීඝ්‍රයෙන් දුවන්නට හැකි අයට වත් බේරෙන්න බැරි වේ; සවිශක්තිය ඇති අයගේ ශක්තිය ද නැති වේ; හේවායන්ට තමන්ගේ දිවි රැකගන්න ද නොහැකි වේ.
15
දුනුවායාට නොවැටී සිටින්න වත්, ශීඝ්‍රයෙන් දුවන්නන්ට ගැළවී යන්න වත්, අසරුවන්ට දිවි බේරාගන්න වත් නොහැකි වේ.
16
හේවායන්ගෙන් ඉතා වීරවන්ත අය වුව ද ඒ දවසේ දී නග්න ව පලා යන්නෝ ය.” මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ ය.
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 3 →
All chapters:
1
2
3
4
5
6
7
8
9