bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Colossians 4
Colossians 4
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
1
ස්වාමිවරුනි, ස්වර්ගයෙහි ඔබටත් ස්වාමිවරයෙකු සිටින බව සිතට ගෙන, ඔබේ දාසයන්ට යුතු ලෙස හා සාධාරණ ලෙස සලකන්න.
2
අවදිව, ස්තුතිවන්තකමෙන් යුක්ත ව නොකඩව යාච්ඤාවේ යෙදී සිටින්න.
3
ඒ සමඟ ම ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ අබිරහස ප්‍රකාශ කරන පිණිස දහම් පණිවුඩය දේශනා කරන්නට දෙවියන් වහන්සේ අපට දොරක් ඇර දෙන ලෙස යාච්ඤා කරන්න. මා දැන් හිරභාරයේ සිටින්නේ ඒ සඳහා ම ය.
4
හැකි පමණ පැහැදිලි ලෙස එය ප්‍රකාශ කිරීමට මට වරම් ලැබෙන සේ යාච්ඤා කරන්න.
5
ක්‍රිස්තියානි නොවන අය සම්බන්ධයෙන් සිහි නුවණින් ක්‍රියා කරන්න. ඒ සඳහා හැම අවස්ථාවකින් ම ප්‍රයෝජන ගන්න.
6
රස මුසු, සිත් පිණවන බසින් කතා කරන්න. හැම කෙනෙකුට නිසි පිළිතුරු දිය යුත්තේ කෙසේ දැ යි දැන ගන්න.
7
සමිඳාණන් වහන්සේගේ සේවයෙහි ප්‍රේමවන්ත සහෝදරයෙකු ද විශ්වාසවන්ත සේවකයෙකු ද හවුල් දාසයෙකු ද වන තුකිකස් මා ගැන සියලු තොරතුරු ඔබට දන්වනු ඇත.
8
ඔහු ඔබ වෙත එවන්නේ අප ගැන ආරංචි ඔබට දන්වා, ඔබේ සිත් ධෛර්යවත් කරන පිණිස ය.
9
ඔබේ ම කෙනෙකු වන, විශ්වාසවන්ත ප්‍රේමවන්ත සහෝදරයා වන ඔනේසිමස් ද, තුකිකස් සමඟ ඔබ වෙත එවමි. මෙහි තොරතුරු ඔවුන් ඔබට දන්වනු ඇත.
10
මා සමඟ එකට හිරකාරයෙකු ව සිටින අරිස්තාර්කස් ද බාර්ණබස්ගේ මස්සිනා වන මාක් ද ඔබට ආචාර කරති. මාක් සම්බන්ධයෙන් ඔබ උපදෙස් ලබා ඇත. ඔහු ඔබ වෙතට ආවොත් සාදරයෙන් පිළිගන්න.
11
යුස්තස් කියන ජේසුස් ද, එසේ ම ආචාර කරයි. චර්මඡේදිත ජුදෙව්වන්ගෙන් හැරුණු අය අතුරෙන් මේ තිදෙනා පමණක් මා සමඟ දෙවියන් වහන්සේගේ රාජ්‍යය උදෙසා සේවය කරති. ඔව්හු මට මහත් සැනසිල්ලකි.
12
ඔබේ ම කෙනෙකු වන, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ දාසයෙකු වන, එපප්‍රස් ද ඔබට ආචාර කරයි. ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්තට සම්පූර්ණයෙන් ගැති ව, ස්ථීර අධිෂ්ඨානයෙන් සිටින පිණිස ඔහු ඉතා ඕනෑකමින් නොකඩව යාච්ඤා කරයි.
13
ඔහු ඔබ උදෙසාත් ලවෝදීසයෙහි හා හියරපොලිසෙහි සිටින්නන් උදෙසාත් බොහෝ සේ වෙහෙසෙන බවට මම පෞද්ගලික වශයෙන් සාක්ෂි දරමි.
14
අපේ හිතවත් ලූක් නම් වෛද්‍යවරයා ද දේමස් ද ඔබට ආචාර කරති.
15
ලවෝදීසයෙහි සිටින සහෝදරයන්ටත්, නිම්පාටත්, ඇගේ ගෙදර රැස් වන සභාවටත් ආචාර කරන්න.
16
මේ ලියුම ඔබ අතර කියවූ පසු ලවෝදීසයේ සභාවෙහි ද එය කියවන්නට සලස්වන්න. එසේ ම ලවෝදීසයෙන් ලැබෙන ලියුම ද ඔබ අතර කියවන්න.
17
“සමිඳාණන් වහන්සේ ඔබට පැවරූ සේවය සම්පූර්ණ කිරීමට වගබලාගන්නැ”යි අර්කිපස්ට කියන්න.
18
පාවුලු නම් මම, මාගේ ම අතින් මේ ආචාරය ලියමි. සිරගත වී සිටින මා සිහි කරන්න. ඔබට කරුණාව වේ වා!
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
All chapters:
1
2
3
4