bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Jonah 2
Jonah 2
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 3 →
1
ජෝනා මත්ස්‍යයාගේ කුසයේ සිට තම දෙවි සමිඳාණන් වහන්සේට මෙසේ යාච්ඤා කෙළේ ය.
2
“මාගේ පීඩාවේ දී සමිඳුන්ට හඬගැසීමි, එතුමාණෝ මට පිළිතුරු දුන් සේක. පාතාල ගැබේ සිට කෑගැසීමි, ඔබ මාගේ හඬ ඇසූ සේක.
3
ඔබ මුහුද මැද ගැඹුරට මා හෙළූ සේක. ජලධාරාවෝ මා සිසාරා සිටගත්හ. තරංග හා ජලකඳ සියල්ල මට උඩින් ගලා ගියේ ය.
4
එවිට මම මෙසේ කීමි: ‘ඔබ ඇස් හමුයෙන් මම පහකරනු ලැබීමි. එබැවින් ඔබේ ශුද්ධ මාලිගාව දෙස නැවත බලන්නේ කෙසේ ද?’
5
ජලය මා ගෙල දක්වා නැඟ ආවේ ය. මුහුද මා වට කරගත්තේ ය. මුහුදු පැළෑටි මාගේ හිස වටේ එතුණේ ය.
6
මම කඳු පත්ලට බැස ගියෙමි; සදහට ම අගුල්වලින් මා හිර කර තබන ලොවකට බැස ගියෙමි. අහෝ! මාගේ දෙවි සමිඳුනි, එහෙත්, ඔබ මාගේ ප්‍රාණය පාතාලයෙන් ගොඩගත් සේක.
7
මාගේ පණ කෙන්ද මැලවී යද්දී, මම සමිඳුන් සිහි කෙළෙමි. මාගේ අයැදුම ඔබ වෙත නැඟුණේ ය; ඔබේ ශුද්ධ මාලිගාවට පැමිණියේ ය.
8
බොරු දෙවිවරුන් නමදින්නෝ ඔබට ඇති පක්ෂපාතකම පැහැර හරිති.
9
එහෙත්, මම තුති මුවින් පූජා ඔප්පු කරන්නෙමි. බාර වූ දේ ගෙවන්නෙමි. ගැළවීම සමිඳුන්ගෙන් ය.”
10
සමිඳාණෝ මත්ස්‍යයාට කතා කළ සේක. එවිට ඌ ජෝනා ගොඩබිමට වැමෑරී ය.
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 3 →
All chapters:
1
2
3
4