bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Lamentations 5
Lamentations 5
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
1
සමිඳුනි, අපට සිදු වී තිබෙන දේ සිහි කළ මැනව. අපේ නින්දාව බලා සැලකුව මැනව.
2
අපේ උරුමය අන්‍යයන්ටත්, අපේ ගෙවල් විදේශීන්ටත් අයිති වී තිබේ.
3
අපි අනාථයෝ ය, පියා නැති දරුවෝ ය. අපේ මවුවරු වැන්දඹුවන් මෙන් ය.
4
අප අපේ ම වතුර මිල දී ගත යුතු ය. අපේ ම දර අපට විකුණනු ලැබේ.
5
වියගහ අපේ කර පිට ය. මැරෙන තෙක් අපි වෙහෙසෙන්නෙමු. එහෙත්, අපට සහනයක් නැත.
6
සෑහෙන පමණ කෑම ලබන පිණිස, මිසරයටත්, අසිරියාවටත් අපි සිඟමින් ගියෙමු.
7
අපේ පියවරු පව් කළෝ ය; ඔව්හු දැන් නැත. ඔවුන්ගේ අයුතුකම් නිසා අපි දුක් විඳිමු.
8
වහල්ලු අප ආණ්ඩු කරති. ඔවුන් අතින් අප ගළවාගන්නට කෙනෙක් නැත.
9
පාළුකරයේ මිනීමරුවන් සැරිසරන බැවින් කෑම සෙවීමේ දී අපි අන්තරාවට මූණ පාමු.
10
සාගින්නේ තද උෂ්ණය නිසා අපේ හම උදුනක් මෙන් රත් වී තිබේ.
11
සියොන්හි ස්ත්‍රීහුත්, ජුදාහි නගරවල කන්‍යාවෝත් බලහත්කාරකම් කරනු ලැබූ හ.
12
අධිපතීහු තමන්ගේ අත්වලින් එල්ලනු ලැබූ හ. වැඩිහිටි අය ගරු නොකරන ලදහ.
13
වහලුන් මෙන් ධාන්‍ය ඇඹරීමට අපේ තරුණයෝ බල කරනු ලැබූ හ. ළමයි දරමිටිවල බරින් යට වී වැටි වැටී යති.
14
මහලු අය දොරටුවෙන් පහ ව ගියෝ ය. යෞවනයෝ ගීතිකා කිරීමෙන් වැළකුණෝ ය.
15
අපේ සිත්වලින් ප්‍රීතිය තුරන් විය. අපේ නැටීම වැලපීමට පෙරළුණේ ය.
16
අපේ හිසින් මල්දම් වැටුණේ ය. අප පව් කළ බැවින් අනේ! අපට වන දුකක මහත!
17
මේ නිසා අපේ සිත ක්ලාන්ත වී තිබේ. මේ දේවල් නිසා අපේ ඇස් අඳුරු වී තිබේ.
18
එසේ වන්නේ, සියොන් කන්ද පාළු වී තිබෙන බැවිනි. සිවලුන් සැරිසරන බැවිනි.
19
එහෙත් සමිඳුනි, ඔබ සදහට ම රජ ව සිටින සේක. ඔබේ සිහසුන පරපුරෙන් පරපුරට පවත්නේ ය.
20
මෙතෙක් කල් ඔබ අප අත් හළේ මන් ද? කවර දා නමුත්, ඔබ අප යළි සිහි කරන සේක් ද?
21
සමිඳුනි, අප ඔබ වෙත හරවාගත මැනව. අපේ පෙර වූ තේජස අපට යළි දුන මැනව.
22
ඔබ අප සහමුලින් පහ කරදැමූ සේක් ද? ඔබේ කෝපයට සීමාවක් නැද් ද?
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
All chapters:
1
2
3
4
5