bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Philippians 3
Philippians 3
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 4 →
1
ඉතින් සහෝදරවරුනි, සමිඳාණන් වහන්සේ තුළ ප්‍රීතියෙන් පවතින්න. කලින් ඔබට කී දේ ම යළිත් සඳහන් කිරීම මට කරදරයක් නොවේ. ඔබේ පරෙස්සමටත් එය හොඳ ය.
2
බල්ලන් වැනි අයගෙන් ද ඔවුන්ගේ දුරාචාරකම්වලින් ද පරෙස්සම් වන්න. චර්මඡේදනය යයි කියා ශාරීරික ඡේදනයක් අදහස් කරන්නන්ගෙන් පරෙස්සම් වන්න.
3
නියම චර්මඡේදිතයෝ නම්, දෙවියන් වහන්සේගේ ආත්මයාණන් මඟින් උන් වහන්සේට නමස්කාර කරන, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ පාරට්ටු කරගන්න, බාහිර වත්පිළිවෙත් පිට විශ්වාසයක් නොතබන අපි වම්හ.
4
ඕනෑ නම් මට බාහිර වත්පිළිවෙත් කෙරෙහි පවා විශ්වාසය තැබීමට පිළිවන. යමෙක් බාහිර වත්පිළිවෙත් කෙරෙහි විශ්වාසය තබන්නට පිළිවනැ යි සිතන්නේ නම්, මට ඊටත් වඩා එසේ කළ හැකි ය.
5
මම අට වන දා චර්මඡේදනය ලැබීමි; ඉශ්රායෙල් වංශයේ ද බෙන්ජමින් ගෝත්‍රයේ ද තැනැත්තෙක්මි; හෙබ්‍රෙව් පෙළපතින් එන නියම හෙබ්‍රෙව්වෙක්මි; ව්‍යවස්ථාව පිළිපැදීමෙන් නම් පරිසියෙක්මි;
6
උද්යෝගය අතින් නම් සභාවට පීඩා කළ තැනැත්තෙක්මි. ව්‍යවස්ථාවෙන් පැමිණෙන දමිටුකම අතින් නම් නිදොස් වූවෙක්මි.
7
එහෙත් මට වාසියක් ව තිබූ දේ ම, ක්‍රිස්තුන් වහන්සේ උදෙසා දැන් අවාසියකැ යි සිතන්නට පටන්ගතිමි.
8
එපමණකුත් නොවේ, මාගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ දැනගැන්මේ විශිෂ්ටතාව නිසා ඒ සියල්ල අවාසියකැ යි ගණන්ගනිමි. උන් වහන්සේ නිසා සියලු දේ මට නැති වී ගියා පමණක් නොව, ඒ සියල්ල කුණු කසළ යයි සලකමි. මාගේ කැමැත්ත නම් ක්‍රිස්තුන් වහන්සේ අත්කරගැනීමත්,
9
උන් වහන්සේ හා ඒකාබද්ධ වීමත් ය; ව්‍යවස්ථාවෙන් වන මාගේ ම දමිටුකම නොව, ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ඇදහීම කරණකොටගෙන ඇදහිල්ල නිසා, දෙවියන් වහන්සේගෙන් වන දමිටුකම ලබාගැනීම ය.
10
මට ඕනෑ එක ම දේ නම් ක්‍රිස්තුන් වහන්සේ හා උන් වහන්සේගේ පුනරුජ්ජීවනයේ බලය දැනගැනීම හා ක්‍රිස්තුන් වහන්සේගේ මරණයට සමාන වීමෙන් උන් වහන්සේගේ දුක්වේදනාවලට පංගුකාර වීමත්,
11
යම් අන්දමකින් මළවුන්ගෙන් උත්ථාන වීමට පැමිණීමත් ය.
12
මේ සියල්ල දැනට ම මට ලැබී තිබෙන බවක් වත්, දැනට ම මා සම්පූර්ණ වී සිටින බවක් වත් මම නොකියමි. යමක් පිණිස ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මා අත්කරගත් සේක් ද, ඒ දේ අත්කර ගැනීම පිණිස මමත් වීර්යයෙන් දුවමි.
13
සහෝදරයෙනි, මම තවමත් ඒ දේ අත්කරගෙන ඇතැ යි නොසිතමි. එක දෙයක් මට වැදගත් ය: පසුගිය දේ අමතක කරදමා, ඉදිරියෙහි තිබෙන දේ දෙස ම නෙත් යොමා,
14
ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මඟින් දෙවියන් වහන්සේ දෙන්නට අදහස් කරන ස්වර්ගීය ත්‍යාගය ලබන පිණිස දිනුම් කණුව කරා මම දුව යමි.
15
එබැවින් අප අතරෙන් මුහුකුරා ගිය අයවලුන් ඒකාකාර ව කල්පනා කළ යුතු ය. එහෙත් ඔබ යමක් ගැන වෙනස් ලෙස සිතන්නහු නම්, ඒ ගැනත් දෙවියන් වහන්සේ ඔබගේ සිත් පහදවනු ඇත.
16
කෙසේ වෙතත් අපි යම් තත්ත්වයකට පැමිණ සිටිමු ද ඒ තත්ත්වය අනුව හැසිරෙමු.
17
සහෝදරවරුනි, ඔබ හැම දෙන ම මා අනුගමනය කිරීමට එකඟ වන්න. අපි ඔබට ආදර්ශයක් වී සිටිමු. ඒ ආදර්ශය අනුව හැසිරෙන්නන් හොඳින් කල්පනාවට ගන්න.
18
මන්ද, මා බොහෝ වර ඔබට කියා ඇති ලෙසත්, දැන් කඳුළු හලමින් කියන ලෙසත්, බොහෝ දෙනෙක් ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසියේ සතුරන් මෙන් හැසිරෙති.
19
ඔවුන්ගේ අවසානය විනාශය වේ; ඔවුන්ගේ දෙවියෝ මාංසික තෘෂ්ණාවෝ වෙති; ලජ්ජා විය යුතු දේ ගැන ඔව්හු පාරට්ටු කර ගනිති; ඔවුන්ගේ කල්පනාව මෙලෝ දේ ගැන පමණ ය.
20
එහෙත් අපි ස්වර්ගයේ පුරවැසියෝ වම්හ; අප ගළවන පිණිස ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ස්වර්ගයෙන් වඩින තෙක් අපි බලා සිටිමු.
21
සියල්ල තමන්ට වසඟ කර ගැනීමට ඇති ස්වකීය බලය අනුව, දැනට අපට ඇති පහත්කමේ ශරීර, තමන් වහන්සේගේ තේජාන්විත ශරීරයට සමාන වන පිණිස, උන් වහන්සේ ඒවා, වෙනස් කරන සේක.
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 4 →
All chapters:
1
2
3
4