bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Romans 4
Romans 4
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 5 →
1
එසේ නම්, අපේ ජාතියේ පියා වූ ආබ්‍රහම් ගැන අපි කුමක් කියමු ද? ඔහු දමිටු බවට පමුණුවනු ලැබුවේ කෙසේ ද?
2
ආබ්‍රහම් සිය ක්‍රියා නිසා දමිටු බවට පමුණුවනු ලැබුවේ නම්, පාරට්ටු කරගැනීමට හේතුවක් ඔහුට ඇත. එහෙත් දෙවියන් වහන්සේ ඉදිරියෙහි එසේ කිරීමට ඉඩක් නැත.
3
ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇති පරිදි: “ආබ්‍රහම් දෙවියන් වහන්සේ අදහාගත්තේ ය; ඒ ඇදහිල්ල නිසා ඔහු දමිටු කෙනෙකු බව උන් වහන්සේ පිළිගත් සේක.”
4
යම් වැඩක් කරන කෙනෙකුට දෙන වේතනය පාරිතෝෂික දීමනාවක් හැටියට නොව, ඔහුට ගෙවිය යුත්තක් හැටියට සලකනු ලැබේ.
5
එහෙත් එවැනි යමක් නොකරන අභක්තිකයන් දමිටු බවට පමුණුවන දෙවියන් වහන්සේ අදහන තැනැත්තා, ඔහුගේ ඇදහිල්ල නිසා දමිටු ලෙස පිළිගනු ලැබේ.
6
ඒ හැටියට, කෙනෙකුගේ පුණ්‍ය ක්‍රියා ගණන් නොගෙන දෙවියන් වහන්සේ විසින් දමිටු බවට පමුණුවනු ලබන මිනිසාගේ භාග්‍යවන්තකම ගැන දාවිත් රජු මෙසේ කියයි:
7
“තමන්ගේ අධාර්මික ක්‍රියාවලට කමාවත්, පාපවලින් නිදහසත් ලැබූ අය භාග්‍යවන්තයෝ ය.
8
සමිඳාණන් වහන්සේ විසින් පාපය ගණන් නොගෙන හරිනු ලබන තැනැත්තා භාග්‍යවන්ත ය.”
9
ඉතින්, මේ භාග්‍යවන්තකම දෙන ලද්දේ චර්මඡේදනය ලැබූ අයට පමණක් ද? නැතහොත් චර්මඡේදනය නොලැබූ අයටත් ද? “ආබ්‍රහම්ගේ ඇදහිල්ල ඔහුගේ ධර්මිෂ්ඨකම වශයෙන් දෙවියන් වහන්සේ පිළිගත් සේකැ”යි අපි කීවෙමු.
10
එසේ පිළිගනු ලැබුවේ චර්මඡේදනය ලබා සිටිය දී ද, නැතහොත් නොලබා සිටිය දී ද? ලබා සිටිය දී නොව, එය නොලබා සිටිය දී ය.
11
ඔහු චර්මඡේදනය පසුව ලැබුවේ, චර්මඡේදනය නොලබා සිටි අවස්ථාවේ දී, ඔහුගේ ඇදහිල්ල දමිටුකම වශයෙන් දෙවියන් වහන්සේ පිළිගත් බව සහතික කිරීමේ සලකුණක් වශයෙනි. මෙසේ ඔහු එක අතකින් ඇදහිල්ල නිසා දමිටු කරනු ලැබූ අය වශයෙන්, දෙවියන් වහන්සේ පිළිගත්, චර්මඡේදනය නොලැබූ අයගේ පියාණෝ ය.
12
අනෙක් අතට ඔහු චර්මඡේදනය ලැබූ අයගේ ද පියාණෝ ය. ඒ අය නම්, චර්මඡේදනය ලැබීමට පෙර ඔහුගේ ඇදහිල්ලේ ජීවිතය අනුගමනය කරන අය වේ.
13
ආබ්‍රහම්ට හෝ ඔහුගේ දරු පෙළපතට හෝ ලෝකය උරුම වන්නේ ය යන පොරොන්දුව කිසි සේත් නීතිය පිළිපැදීම නිසා ඇති වූවක් නොවේ. එය ඇති වූයේ ඇදහිල්ල නිසා සිදු වන දමිටු බව හේතුකොටගෙන ය.
14
ඒ උරුමය හිමි වන්නේ නීතිය පිළිපදින අයට පමණක් නම්, ඇදහිල්ල නිරර්ථක ය, පොරොන්දුව නිෂ්ඵල ය.
15
නීතිය දේව උදහස නිපදවයි; නීතිය නැති තැන නීතිය කඩ කිරීමකුත් නැත.
16
මේ නිසා දේව පොරොන්දුව වරප්‍රසාදයේ ප්‍රතිඵලයක් වන පිණිස එය ඇදහිල්ල මත රඳා පවතී. එසේ වන්නේ, ආබ්‍රහම්ගේ දරු පෙළපතට අයත් හැමට ම, එනම්, නීතිය අනුව ජීවත් වන අයට පමණක් නොව, අපගේ පියාණන් වන ආබ්‍රහම්ගේ ඇදහිල්ල අනුව ජීවත් වන අයටත්, ඒ පොරොන්දුව වලංගු වන බව සහතික කරන පිණිස ය.
17
“මම ඔබ බොහෝ ජාතීන්ගේ පියා කොට පත් කෙළෙමි”යි ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇත්තේ මේ නිසා ය. ඒ පොරොන්දුව ආබ්‍රහම් ලැබුවේ තමා අදහන, මළවුන් හට ජීවිතය දෙන, නැති දේ ඇති කරන, දෙවියන් වහන්සේගෙන් ය.
18
බලාපොරොත්තු රහිත තත්ත්වයක දී වුව ද ඔහු දෙවියන් වහන්සේගේ පොරොන්දුව විශ්වාස කෙළේ ය. ඔහු බොහෝ ජාතීන්ගේ පියා වූයේ, “එබඳු මහා පෙළපතක් ඔබට ඇති වන්නේ ය” යන කීම පරිදි ය.
19
එවකට ඔහු අවුරුදු සියයක් පමණ වයස් ගත ව සිය පුරුෂ ශක්තියත් සාරාගේ පිළිසිඳ ගැනීමේ ශක්තියත් අප්‍රාණික ලෙස ඔහුට පෙනුණු නමුත්, ඔහුගේ ඇදහිල්ල කිසි සේත් නොසෙල්විණි.
20
ඔහු සිය අවිශ්වාසය නිසා කිසි විටෙක දේව පොරොන්දුව සැක නොකොට ඇදහිල්ලෙහි බලවත් ව, උන් වහන්සේට ගෞරව කෙළේ ය.
21
පොරොන්දු වූ දෙය ඉෂ්ට කිරීමට දෙවියන් වහන්සේ පොහොසත් බව ඔහු ඒකාන්තයෙන් ම විශ්වාස කෙළේ ය.
22
එබැවින් දෙවියන් වහන්සේ ඔහුගේ ඇදහිල්ල නිසා ඔහු දමිටු බව පිළිගත් සේක.
23
“දෙවියන් වහන්සේ ඔහු ධර්මිෂ්ඨ ලෙස පිළිගත් සේක” යන්න ලියන ලද්දේ ඔහු උදෙසා පමණක් නොව,
24
අප උදෙසාත් ය; අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන කළ තැනැන් වහන්සේ අදහන අප ද එසේ ම පිළිගනු ලැබ ඇත.
25
උන් වහන්සේ වනාහි අපේ පව් නිසා මරණයට පාවා දෙනු ලැබ, අප දෙවියන් වහන්සේ හා සමඟ දමිටු බවට පමුණුවනු පිණිස උත්ථාන කරනු ලැබූ සේක.
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 5 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16