bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Titus 3
Titus 3
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
1
නිලධාරීන්ට හා ආණ්ඩු බලය ඇත්තන්ට යටත් වී, කීකරු වීමට ද, සියලු යහපත් වැඩට සූදානම් ව සිටීමට ද ඔබේ සෙනඟට මතක් කරන්න.
2
එසේ ම කිසිවෙකු ගැන අගුණ නොකියන්නට ද කලහකාරී නොවී, සියලු මනුෂ්‍යයන් කෙරෙහි හැම අයුරින් කාරුණික ව, ආචාරශීලී ව සිටීමට ද මතක් කරන්න.
3
මන්ද, අපිත් වරක් අඥාන ව, අකීකරු ව සිටියෙමු. මුළා ව ගොස්, අනේකාකාර තෘෂ්ණාවලටත්, සැප සෙල්ලමටත් වහල් ව සිටියෙමු. කුඩුකේඩුකමිනුත් ඊර්ෂ්‍යාවෙනුත් හැසිරෙමින්, අන්‍යයන්ගේ වෛරය ලැබීමට සුදුස්සන් ව එකිනෙකාට වෛර කරමින් සිටියෙමු.
4
එහෙත් අපගේ ගැළවුම්කාර දෙවියන් වහන්සේගේ ගුණවත්කම හා ප්‍රේමය මනුෂ්‍යයන් කෙරෙහි ප්‍රකාශ වූ කල,
5
අප විසින් ම කළ දැහැමි ක්‍රියාවලින් නොව, හුදෙක් ස්වකීය දයාව ලෙස, පුනරුත්පාදනය නමැති ධෝවනයෙන් ද ශුද්ධාත්මයාණන් වහන්සේගේ අලුත් කිරීමෙන් ද උන් වහන්සේ අප ගැළෙව් සේක.
6
උන් වහන්සේගේ වරප්‍රසාදයෙන් අප දමිටු කරනු ලැබ, සදාතන ජීවනයේ බලාපොරොත්තුවට උරුමක්කාරයන් වන පිණිස,
7
උන් වහන්සේ අප ගැළවුම්කාර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන ශුද්ධාත්මයාණන් අධික ලෙස අප පිට වැගිරෙව් සේක.
8
මේ සියල්ල විශ්වාස කටයුතු ය; දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහීමට පැමිණි අය, යහපත් ක්‍රියාවන්හි යෙදී සිටීමට උනන්දුවක් ම දක්වන පිණිස ඔබ මේ දේවල් සහතික ලෙස කියන්නෙහි නම් මම කැමැත්තෙමි. මේ කී දේ මිනිසුන්ට යහපත් ය; වැඩදායක ය.
9
එහෙත්, අනුවණ තර්ක, පෙළපත් පිළිබඳ කතා, ආරාවුල්, ව්‍යවස්ථාව ගැන වාද විවාද යන මේවායින් වැළකී සිටින්න. මන්ද, ඒවා නිෂ්ඵල ය, නිරර්ථක ය.
10
භේදකාරී මනුෂ්‍යයාට වරක් දෙවරක් අවවාද කළ පසු ඔහුගෙන් අහක් වෙන්න.
11
මෙබඳු මනුෂ්‍යයා සිතින් දූෂ්‍ය වී සිටින බවත්, දැන දැන ම පව් කරන බවත්, තමා පිට විනිශ්චය පමුණුවා ගන්නා බවත් ඔබ දන්නෙහි ය.
12
මා නිකපොලිසියෙහි ශීත කාලය ගත කරන්නට තීරණය කරගත් බැවින්, අර්තිමස් හෝ තුකිකස් හෝ ඔබ වෙත එවූ විට, ඔබ මා වෙත නොපමා ව එන්නට උත්සාහ කරන්න.
13
නීතිඥයෙකු වූ සේනාස්ට ද අපොල්ලොස්ට ද කිසිවකින් හිඟයක් නැති ව, ඔවුන්ගේ ගමන ඉක්මන් වන පිණිස හැකි තරමින් උපකාර කරන්න.
14
තවද, අපේ සෙනඟ නිෂ්ඵල ව කල් නොයවා, නියම අවශ්‍යතා සඳහා යහපත් වැඩවල යෙදී සිටීමට ඉගෙනගත යුතු ය.
15
මා සමඟ සිටින සියල්ලෝ ඔබට ආචාර කරති. ඇදහිල්ලෙහි අපගේ හිත මිතුරන් වන අයට ආචාර කරන්න. කරුණාව ඔබ සියල්ලන් සමඟ වේ වා!
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
All chapters:
1
2
3