bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
1 John 5
1 John 5
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
1
යේසුස්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේ යයි විශ්වාස කරන කවුරුන් වුව, දෙවියන්වහන්සේගෙන් උපත ලබා සිටියි. පියාණන්වහන්සේට ප්‍රේම කරන හැම කෙනෙක්ම, උන්වහන්සේගෙන් උපත ලැබූවන්ට ප්‍රේම කරති.
2
දෙවියන්වහන්සේගේ දරුවනට අප ප්‍රේම කරන වග අප දැනගන්නේ මෙයිනි: දෙවියන්වහන්සේට ප්‍රේම කරමින්, උන්වහන්සේගේ ආඥාවලට කීකරු වීමෙනි.
3
දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම මෙයයි: එනම් උන්වහන්සේගේ ආඥා රක්ෂා කිරීමයි. උන්වහන්සේගේ ආඥා බර නැත.
4
මන්ද දෙවියන්වහන්සේගෙන් උපත ලැබූ හැම කෙනකුම ලෝකයෙන් ජය ගනී. ලෝකයෙන් ජය ගන්න ජයග්‍රහණය, අපගේ ඇදහිල්ලයි.
5
යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බව විශ්වාස කරන්නා මිස ලෝකය ජය ගන්නේ කවුරු ද?
6
වතුරින් හා ලෙයින් පැමිණි තැනැත්තාණෝ මොහු ය; යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ය. වතුරින් පමණක් නො වේ; වතුර හා ලෙයින් ය. සාක්ෂි දරන්නේ ආත්මයාණන්වහන්සේ ය. මන්ද ආත්මයාණන්වහන්සේ සත්‍යතාවය ය.
7
මන්ද සාක්ෂි දරන සාක්ෂි තුනකි:
8
ආත්මයාණන් ය, වතුර ය, ලෙය ය; මෙම සාක්ෂි තුනම එකඟ ය.
9
මිනිසුන්ගේ සාක්ෂි අප පිළිගන්නවා නම්, දෙවියන්වහන්සේගේ සාක්ෂිය වඩා උතුම් ය. මන්ද ස්වකීය පුත්‍රයාණන් ගැන දෙවියන්වහන්සේ දැරූ උන්වහන්සේගේ සාක්ෂිය මෙය ය.
10
දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් විශ්වාස කරන කවරකු තුළ වුව, මෙම සාක්ෂිය තිබේ. දෙවියන්වහන්සේ විශ්වාස නො කරන කවරෙක් වුව, උන්වහන්සේ බොරුකරුවෙකැයි ගණන් ගනී; මන්ද ස්වකීය පුත්‍රයාණන් ගැන දෙවියන්වහන්සේ දී ඇති සාක්ෂිය ඔහු විශ්වාස නො කළ බැවිනි.
11
ඒ සාක්ෂිය මෙයයි: දෙවියන්වහන්සේ අපට සදාතන ජීවනය දුන් බවයි; ඒ ජීවනය උන්වහන්සේගේ පුත්‍රයාණන් තුළ තිබෙන බවයි.
12
පුත්‍රයාණන් ඇත්තාට ජීවනය ඇත. දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් නැත්තාට ජීවනය නැත.
13
දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ නාමය විශ්වාස කරන ඔබට මා මේ දෑ ලියන්නේ, ඔබට සදාතන ජීවනය තිබෙන බව ඔබ දැනගන්නා පිණිස ය.
14
උන්වහන්සේ ඉදිරියේ අපට ඇති සහතිකය මෙයයි: උන්වහන්සේගේ කැමැත්තට අනුව අප යමක් ඉල්ලන කල, උන්වහන්සේ ඊට සවන් දෙන බවයි.
15
අප ඉල්ලන කවර දෙයකට වුව උන්වහන්සේ අපට සවන් දෙන වග අප දන්නවා නම්, උන්වහන්සේගෙන් අප ඉල්ලූ ඉල්ලීම අපට ලැබෙන බව අපි දනිමු.
16
තම සහෝදරයා මරණීය නො වන පාපයක් කරන බව යමෙක් දුටුවහොත්, ඔහු යාච්ඤා කළ යුතු ය. එවිට උන්වහන්සේ ඔහු ජීවනයට පමුණුවන සේක. ඒ, මරණයට නො පමුණුවන පවක් කරන්නකුට ය. මරණයට පමුණුවන්නා වූ පාපයක් ද ඇත. ඒ සඳහා යමකු යාච්ඤා කළ යුතු යයි මා කියන්නේ නැත.
17
හැම වැරදි කිරීමක්ම පාපයකි. එහෙත් මරණයට නො පමුණුවන පාප වේ.
18
දෙවියන්වහන්සේගෙන් උපන් හැම කෙනකුම දිගින් දිගට පව් නො කරන වග අපි දනිමු. දෙවියන්වහන්සේගෙන් උපන් තැනැත්තාණෝ ඔහු සුරකින සේක; ඔහුට අත ගැසීමට නපුරාට නුපුළුවන.
19
අප දෙවියන්වහන්සේගෙන් බවත්, මුළු ලෝකයම නපුරාගේ අණසක යටතේ බවත් අපි දනිමු.
20
තවද අප සත්‍යය වූ තැනැන්වහන්සේ දැනගන්නා පිණිස, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් මෙලොවට පැමිණ, අපට අවබෝධය දුන් වග ද අපි දනිමු. අප, සත්‍ය වූ තැනැන්වහන්සේ තුළ ය; උන්වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ය; සත්‍ය වූ දෙවියන්වහන්සේ ද සදාතනික ජීවනය ද උන්වහන්සේ ය.
21
ප්‍රිය දරුවනි, පිළිම රූපවලින් දුරුව සිටින්න.
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
All chapters:
1
2
3
4
5