bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
2 Peter 1
2 Peter 1
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 2 →
1
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයකු ද අපෝස්තුලුවරයකු ද වූ සීමොන් පේතෘස් වෙතිනි. අපගේ දෙවියන්වහන්සේ ද ගැලවුම්කරුවාණන් ද වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම මඟින්, අප ලබා ඇති සේ එක සමාන අනර්ඝ ඇදහිල්ලක් ලද්දවුන් වෙතයි.
2
දෙවියන්වහන්සේ ද යේසුස් අප ස්වාමින්වහන්සේ ද දැන-හැඳිනගැනීම තුළින් අනුග්‍රහයත්, සාමයත් වැඩි-වැඩියෙන් ඔබට අත් වේවා!
3
ජීවිතයටත්, දේව භක්තියටත් අදාළ හැම දෙයක්ම උන්වහන්සේගේ දිව්‍ය-බලය අපට ප්‍රදාන කොට ඇත්තේ, ස්වකීය තේජෝ මහිමයෙන් හා විශිෂ්ටත්වයෙන් අප කැඳවූ තැනැන්වහන්සේ දැනගැන්ම තුළිනි.
4
එතුළින් උන්වහන්සේ අනර්ඝවූත්, අති ශ්‍රේෂ්ඨවූත් තම පොරොන්දු අපට දී ඇත්තේ, පාපී තෘෂ්ණා විසින් උපදවනු ලබන ලෝකයේ දූෂ්‍යතා වෙතින් ගැලවී ගොස්, ඒ පොරොන්දු උපයෝගී කරගෙන, ඔබ දිව්‍ය ස්වභාවයේ පංගුකරුවන් වන පිණිස ය.
5
මේ හේතුව නිසා, හැම උත්සාහයක්ම දරමින් ඔබේ ඇදහිල්ලට සදාචාරය ද සදාචාරයට දැනගැන්ම ද
6
දැනගැන්මට ආත්ම සංයමය ද ආත්ම-සංයමයට නො පසුබට වීර්යය ද නො පසුබට වීර්යයට භක්තිවන්තකම ද
7
භක්තිවන්තකමට සහෝදර සෙනෙහස ද සහෝදර සෙනෙහසට ප්‍රේමය ද එක්කර ගන්න.
8
මෙම ගුණාංග ඔබට හිමිව, නිති වැඩේ නම්, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ දැනගැන්ම නිෂ්ඵල වීමට හෝ නිස්සාර වීමට ඒවා ඉඩ නො දෙනු ඇත.
9
එහෙත් යමකුට මෙම ගුණදම් නො මැති නම්, ඔහු දුර නො පෙනෙන අන්ධයෙකි. කලින් කළ පාපවලින් තමන් සෝදා පවිත්‍ර කරනු ලැබූ වග ඔහු අමතක කර ඇත.
10
එබැවින් මා සහෝදරයිනි, ඔබගේ කැඳවීමත්, තෝරාගැන්මත් සහතික කරන පිණිස, වඩ වඩා උත්සුක වන්න. ඔබ එසේ ක්‍රියා කරනවා නම් කිසි දින ඔබ පැකිළෙන්නේ නැත.
11
මෙසේ අපගේ ස්වාමින්වහන්සේ ද ගැලවුම්කරුවාණන් ද වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සදාතන රාජ්‍යයට පිවිසීමේ ඉහළ පිළිගැනීමක් ද ඔබට හිමි වේ.
12
මේ දෑ ඔබ දනිතත්, දැනට ඔබ අත්කර ගෙන ඇති සත්‍යතාවෙහි ඔබ ස්ථාවරව පිහිටා සිටිතත් මෙසේ මම නිරතුරු මේ දෑ ඔබට සිහි කරමි.
13
මා සිතන්නේ මේ ශාරීරික කූඩාරමේ මා ජීවත් වන තාක් ඔබට මේ දෑ සිහිගැන්වීම යුතු ය කියා ය.
14
මන්ද යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ පහදා දී ඇති පරිදි මේ ශාරීරික කූඩාරම මා නො පමාව හැර යන වග මම දනිමි.
15
එබැවින් මගේ ඇවෑමෙන් පසුවත් නිරතුරු මේ දෑ ඔබට මතක් කර ගනු හැකි වන පිණිස හැකි හැම වෑයමක්ම දරමි.
16
යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ බලයත්, පැමිණීමත් ගැන අප ඔබට පැවසූ කල, අප එසේ කළේ ප්‍රයෝගයෙන් ගෙතූ ප්‍රබන්ධ අනුව නො වේ. උන්වහන්සේගේ මහිමශ්‍රීය ඇසින් දුටු සාක්ෂිකරුවෝ අපම ය.
17
මන්ද “මාගේ ප්‍රේමණීය පුත්‍රයාණෝ මොහුයි. මොහු කෙරේ මම බොහෝ ප්‍රසාදව සිටිමි” යි කියැවුණු හඬක් මහානුභා තේජස වෙතින් පැමිණි කල උන්වහන්සේ පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේගෙන් ගෞරවයත්, මහිමයත් ලැබූ සේක.
18
උන්වහන්සේ සමඟ ඒ ශුද්ධ කන්දේ සිටියදී ස්වර්ගයෙන් පැමිණි එම කටහඬ අපි අපේම කනින් ඇසීමු.
19
වඩාත් සත්‍ය වගට තහවුරු වූ දිවැස් වැකි අපට තිබේ. දවස උදා වී, පහන් තරුව ඔබේ හදේ පායන තෙක් අඳුරු තැනක බබළන පහනක් සේ, ඒවා වෙත ඔබේ අවධානය යොමු කිරීම වටී.
20
ශුද්ධ ලියවිල්ලේ කිසි දිවැස්වැකියක් යමකුගේ අදහසකට අනුව හට නො ගන්නා වග සියල්ලටම පළමු ඔබ වටහා ගත යුතු ය.
21
මන්ද යම් දිවැස්වැකියක් කොහෙත්ම මිනිසාගේ හිතු මනාපයට උත්පාද නො වේ. ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් පොලඹවනු ලැබූ කල මනුෂ්‍යයෝ දෙවියන්වහන්සේගෙන් ලැබුණු වචන කතා කළහ.
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 2 →
All chapters:
1
2
3