bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Colossians 2
Colossians 2
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 3 →
1
ඔබ ද ලවොදිකයෙහි සිටින්නවුන් ද පෞද්ගලිකව මා මුණ නො ගැසුණු සැවොම ද උදෙසා මා කොතරම් පරිශ්‍රමයක් දරනවාදැයි ඔබ දැන ගන්නවාට කැමතියි.
2
මගේ බලාපොරොත්තුව ඔවුන් හදවතින් දිරිගැන්වී, ප්‍රේමයෙන් එකට බැඳී, සම්පූර්ණ අවබෝධයේ උපරිම සමෘද්ධිය අත්කර ගැනීමයි. එවිට දෙවියන්වහන්සේගේ අබිරහස ඔවුන්ට දැනගත හැකි වෙයි. ඒ අබිරහස, ක්‍රිස්තුස්වහන්සේ ය.
3
ප්‍රඥාවෙත්, අවබෝධයේත් සමස්ත ධන සම්භාරයම ගබඩා කොට ඇත්තේ උන්වහන්සේ තුළ ය.
4
මා මෙසේ කියන්නේ කිසිවකුගේ හෝ සියුම් චාටු තර්කවලින් ඔබ මුළා නො වන පිණිස ය.
5
ගතින් මම ඔබ හමුවේ නැති නමුදු, ආත්මයෙන් ඔබ සමඟ සිටිමින්, ඔබගේ විනය හා ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇති ඔබගේ ඇදහිල්ලේ ස්ථිරකම දැක ප්‍රීති වෙමි.
6
එබැවින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ස්වාමියාණන් වශයෙන් පිළිගත් ලෙසම උන්වහන්සේ තුළ ජීවත් වන්න;
7
උන්වහන්සේ තුළ මුල් ඇද, ගොඩ නගනු ලැබ, ඔබට ඉගැන්වූ පරිදි ඇදහිල්ලේ සවිමත්ව සිට, බෙහෙවින් තුති දෙමින් එසේ කරන්න.
8
ක්‍රිස්තුස්වහන්සේ මත පදනම් නො වී, මානව සම්ප්‍රදායයන්ට හා මේ ලෝකයේ යක්ෂාත්ම බලවේගවලට අනුව වූ දර්ශනවාද හා හිස් රැවිටිලිවලින් ඔබ වහල් කොට ගන්නට කිසිවකුට ඉඩ නො දෙන්න.
9
මන්ද උන්වහන්සේ තුළ පූර්ණ දේවත්වය මුළුමනින් ශරීරාකාරයෙන් වාසය කරයි.
10
හැම පාලනයකට හා ආධිපත්‍යයකට ඉහළින් හිසව සිටින ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔබත් පූර්ණත්වය ලැබ සිටිති.
11
උන්වහන්සේ තුළ ඔබත් චර්මඡේද කරනු ලැබ ඇත. මිනිස් අතින් සිදු වූ චර්ම-ඡේදනයක් නො වන එය, ඔබේ මාංසික ශරීරය පහකරමින්, ක්‍රිස්තුස්වහන්සේ විසින් කරන ලද චර්ම-ඡේදනයකි.
12
බව්තීස්මයේදී ඔබත් උන්වහන්සේ සමඟ වළලනු ලැබ, උන්වහන්සේ මළවුන්ගෙන් නැගිට වූ දෙවියන්වහන්සේගේ ක්‍රියාකාරී බලය කෙරේ ඇති ඔබගේ ඇදහිල්ලෙන් උන්වහන්සේ සමඟ යළි ජීවනයට නැගිටුවනු ලැබ සිටිති.
13
ඔබගේ වරද හේතු කොට හා චර්මඡේද්‍ය නො වූ මාංසයේ සිටීම හේතු කොට ඔබ මැරී සිටියදී දෙවියන්වහන්සේ ඔබ ක්‍රිස්තුස්වහන්සේ සමඟ ජීවනයට පැමිණවූ සේක. අපගේ හැම පාපයකටම උන්වහන්සේ අපට සමාව දුන්නේ,
14
අපට එදිරිව, අපට විරුද්ධව නැගී තිබූ චෝදනා පත්‍රය, එහි නියෝග සමඟ කටුගා දැමීමෙනි. එය කුරුසියට තබා ඇණ ගැසීමෙන්, උන්වහන්සේ එය ඉවත් කළ සේක.
15
උන්වහන්සේ, බලධාරීන් හා අධිපතීන් නිරායුධ කොට, කුරුසිය කරණකොටගෙන උන් පරදා ජය ගෙන, ප්‍රසිද්ධියේ ඔවුන් අවමානයට පත් කළ සේක.
16
එබැවින් ඔබ ගන්නා ආහාර හා පාන ගැන හෝ මංගල්‍ය උත්සවයක් ගැන හෝ නවසඳ දවසක් ගැන හෝ සබත් දවසක් ගැන ඔබ විනිශ්චය කරන්නට කිසිවකුටත් ඉඩ නො දෙන්න.
17
ඒවා පැමිණෙන්නට තිබූ දේවල ඡායාවක් පමණි; යථාර්ථය ක්‍රිස්තුස්වහන්සේ ය.
18
ඔබට හිමි ත්‍යාගයට ඔබ නුසුදුස්සකු කිරීමට ව්‍යාජ යටහත්කමට හා දේව දූත නමස්කාරයට කැමති කිසිවකුට ඉඩ නො දෙන්න. තමන් දුටු දර්ශන ගැන පුරසාරම් දොඩමින්, තම මාංසික සිත් පුහු සංකල්පනාවලින් පුරවා ගෙන, උදාරම් වන
19
ඔවුහු හිසට සම්බන්ධ නො වී සිටිති. මුළු සිරුර සන්ධි හා අස්ථි බැමි මඟින් පෝෂණය කර, එකට බද්ධ කොට දෙවියන්වහන්සේගෙන් වූ වර්ධනයෙන් වර්ධනය වන්නට සලස්වන්නේ එම හිස ය.
20
ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඔබ මරණයට පත්වීමෙන්, ලෝකයේ යක්ෂාත්ම බලවේග වෙතින් වෙන් වුණි නම් තවමත් ලෝකයේ ජීවත්වන්නා සේ එහි නියෝගවලට ඔබ යටත් වන්නේ මන්ද:
21
“මේවාට අත නො ගසනු! මේවා රස නො බලනු! මේවා ස්පර්ශ නො කරනු!” යන
22
ඒ සියල්ල මිනිස් නියෝග හා ඉගැන්වීම් මත බිහිවූ ඒවා බැවින්, භාවිතයෙන් අභාවයට යෑමට නියමිත ය.
23
තමන්ම සකස් කර ගත් නමස්කාර පිළිවෙත් මඟින් ද පුහු යටහත්කමින් ද සිරුරට වධ දීමෙන් ද සැදුම් ලත් එම ශික්ෂා-නියෝග පෙනුමට නැණවත් වුව ද, සැබවින් ම මාංසික තෘෂ්ණා මැඩලීමේ කිසි වටිනාකමක් ඒවායේ නැත.
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 3 →
All chapters:
1
2
3
4