bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Philippians 2
Philippians 2
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 3 →
1
ක්‍රිස්තුස්වහන්සේ හා එක්වීමෙන් ඔබ යම් අනුබලයක් ලැබ ඇත්නම්, උන්වහන්සේගේ ප්‍රේමයෙන් යම් සැනසීමක් ලැබ ඇත්නම්, ආත්මයාණන්වහන්සේ සමඟ යම් සහභාගිත්වයක් ඇත්නම්, යම් දයාවක් හා අනුකම්පාවක් ඇත්නම්,
2
ඔබ එකිනෙකා සමඟ එක්සිත්ව, එක පෙමින් යුතුව, එකාවන්ව, එක අරමුණින් කටයුතු කිරීමෙන්, මාගේ ප්‍රීතිය සම්පූර්ණ කරන්න.
3
ආත්මාර්ථයෙන් හා පුහු මානයෙන් කිසිවක් නො කරන්න. නිහතමානීව, තමනට වඩා අන් අය, උතුම් කොට සලකන්න.
4
ඔබ හැම කෙනකුම තම තමාගේ කාරිය පමණක් නො ව, අන් අයගේ කාර්යයන් ද සොයා බැලිය යුතු ය.
5
ඔබගේ ආකල්පය විය යුත්තේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේම සිතේ ආකල්පයයි:
6
උන්වහන්සේ දෙවියන්වහන්සේගේ ස්වරූපය දැරූ සේක්, දෙවියන්වහන්සේ හා සමව සිටීම, තදින් අල්ලාගන සිටිය යුතු දෙයකැයි නො සලකමින්,
7
එය ඉවත ලා, දාසයකුගේ ස්වභාව ගෙන, මිනිසකුගේ සමානත්වයට පැමිණි සේක.
8
මෙසේ, හුදු මිනිසකුගේ ස්වරූපයෙන් සිටිමින්, තුමූම යටහත්ව, මරණය දක්වාත්, එනම් කුරුසියේ මරණය දක්වාත්, කීකරු වූ සේක.
9
එබැවින් දෙවියන්වහන්සේ ඉහළම තත්වයට උන්වහන්සේ උසස් කර, සියලු නාමයන්ට වඩා අග්‍ර වූ නාමය උන්වහන්සේට දුන් සේක.
10
එසේ කළේ, ස්වර්ගය තුළ ද පොළොව පිට ද පොළොවෙන් යට ද සියල්ලන්, යේසුස් යන නාමයට දණ නැමිය යුතු වන පිණිසත්,
11
පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේගේ තේජෝ මහිමය උදෙසා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, ස්වාමින්වහන්සේ ය කියා හැම දිවකින් පැවසිය යුතු වන පිණිසත් ය.
12
එබැවින්, හැම විට ඔබ කීකරුව සිටි සේ, මා ප්‍රේමණීයයනි, මා ඔබ හා සිටියදී පමණක් නො ව, දැන් මා ඔබ වෙතින් ඈත්ව සිටියදී වඩා කීකරුව, බයින් හා වෙවුලුමෙන් යුතුව ඔබගේ ගැලවීම ක්‍රියාවට නගන්න.
13
මන්ද තමන්වහන්සේගේ යහපත් අරමුණු ඉටු කරන්නට කැමති වීම හා එසේ කිරීම සඳහා ඔබ තුළ ක්‍රියා කරන්නේ දෙවියන්වහන්සේ ය.
14
කරන හැම දෙයක්, මැසිවිලි කීමෙන් හෝ වාද කිරීමෙන් තොරව කරන්න.
15
එසේ කළ යුත්තේ වංක වූ, දූෂිත වූ මිනිස් පරපුරක් මැද ජීවනයේ වචනය ඔබ තරකොට අල්ලා ගනිමින්, ලෝකයේ දිදුලන තරු විලස ඔබ නිර්දෝෂීව හා පවිත්‍රව දෙවියන්වහන්සේගේ නො කැළැල් දරුවන් වන පිණිස ය.
16
මෙසේ, මාගේ දිවීම හෝ මා දැරූ වෙහෙස නිෂ්ඵල නො වීය කියා ක්‍රිස්තුස්වහන්සේගේ දවසේදී මට උදම් ඇනිය හැකි වනු ඇත.
17
එහෙත්, ඔබගේ ඇදහිල්ලේ පූජාවත්, මෙහෙයයත් පිට මගේ ජීවය පාන පූජාවක් සේ වගුරුවනු ලබන්නේ වුව, මම සතුටු වෙමි; ඔබ හැම සමඟ ප්‍රීති වෙමි.
18
එලෙසම ඔබත් මා සමඟ සතුටු විය යුතු ය; ප්‍රීති විය යුතු ය.
19
ඉක්මනින් තිමෝති ඔබ වෙත එවීමට යේසුස් ස්වාමින්වහන්සේ තුළ මම බලාපොරොත්තු වෙමි. ඒ, ඔබ ගැන තොරතුරු දැන, මා ද දිරිමත් වන පිණිස ය.
20
ඔබගේ සුබ සෙත ගැන ඔහු මෙන් අව්‍යාජ උනන්දුවක් දක්වන කෙනකු මට නැත.
21
හැම කෙනකුම බලන්නේ තම ලාභ-ප්‍රයෝජනය මිස, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කාරණා ගැන නො වේ.
22
එහෙත් ඔබ දන්නා පරිදි, තිමෝති, පියකු සමඟ සේවය කරන පුතකු සේ, මා සමඟ ශුභාරංචි කටයුතුවල යෙදීම තුළින් තමන් කවුරුදැයි පෙන්වා තිබේ.
23
එනිසා මෙහිදී මට කුමක් වේදැයි දැනගත් විගස, ඔබ වෙත ඔහු එවීම මාගේ බලාපොරොත්තුවයි.
24
මමත් විගස ඔබ වෙත එනු ඇතැයි යන විශ්වාසයක් ස්වාමින්වහන්සේ තුළ මට තිබේ.
25
මගේ උපකාරයට ඔබේ නියෝජිතයා වශයෙන් ඔබ මා වෙත එවූ එපප්‍රොදිතස්, ඔබ වෙත ආපසු එවීම යුතු යැයි සිතුවෙමි. ඔහු මාගේ සහෝදරයා ය; මගේ සේවයේ හවුල්කරුවා හා හවුල් හේවායා ය.
26
ඔබ හැම දකින්නට ඔහු දැඩි ආශාවෙන් සිටීමත්, ඔහු රෝගීව සිටි වග ඔබත් දැනගැනීම නිසා ඔහු සංවේගයට පත් වීමත් ඊට හේතුවයි.
27
ඇත්තෙන්ම ඔහු මැරෙන තරමට රෝගී විය; එහෙත් දෙවියන්වහන්සේ ඔහුට දයා පෑ සේක. ඔහුට පමණක් නො ව, මා දුකින් දුකට පත්වීම වළකමින් උන්වහන්සේ මටත් දයා පෑ සේක.
28
එබැවින් යළි ඔහු දැක්මෙන් ඔබ සතුටින් පිනා යන පිණිස හා මගේ කනස්සල්ල හීන වන පිණිස, ඔහු ආපසු එවීමට වඩ වඩා උනන්දු වෙමි.
29
ස්වාමින්වහන්සේ තුළ මහත් සොම්නසින් ඔහු පිළිගන්න. මෙබඳු අයට ගෞරව කරන්න.
30
මන්ද ඔබ විසින් දිය නො හැකි වූ සහාය මට දෙන්නට ඔහු සිය ජීවිතය පවා පරදුවට තබමින්, ක්‍රිස්තුස්වහන්සේගේ සේවය නිසා මරණයට ඒ සා ළං වූයේ ය.
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 3 →
All chapters:
1
2
3
4