bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
1 Corinthians 3
1 Corinthians 3
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 4 →
1
සහෝදරයෙනි, ශුද්ධාත්ම වරම ලත් අයට මෙන් ඔබට කතාකිරීමට මට නොහැකි බැවින්, පෘථග්ජනයන්ට, ළා බාල කිතුනුවන්ට මෙන් මම ඔබට කතා කෙළෙමි.
2
මම ඔබ දැඩි ආහාරයෙන් නොව කිරෙන් පෝෂණය කෙළෙමි. එසේ කෙළේ ඔබට ඒවා දැරීමට නොහැකි වූ බැවිනි. ඒවා දැරීම තවමත් ඔබට බැරි ය.
3
තවමත් ඔබ පෘථග්ජන තත්ත්වයේ ය. ඔබ අතර ඊර්ෂ්‍යාව හා විවාදය හා පවතින විට, ඔබ පෘථග්ජන අය මෙන් ලෞකික තත්ත්වයේ හැසිරෙනවා නොවේ ද?
4
කෙනෙක් මම පාවුලුගේ පැත්තට යයි ද තව කෙනෙක්, මම අපොල්ලොස්ගේ පැත්තට යයි ද කියන විට ඔබ සාමාන්‍ය මිනිස්සු නොවෙත් ද?
5
අපොල්ලොස් කවරෙක් ද? පාවුලු කවරෙක් ද? ඔව්හු සමිඳාණන් වහන්සේ ඒ අයට දුන් ප්‍රකාර ඔබ ඇදහිල්ලට පැමිණවූ සේවකයෝ ය.
6
මම පැළ කෙළෙමි, අපොල්ලොස් වතුර දැම්මේ ය. එහෙත් එහි වැඩීම සැලසූයේ දෙවියන් වහන්සේ ය.
7
වැදගත් වන්නේ පැළ කළ තැනැත්තා වත්, වතුර දැමූ තැනැත්තා වත් නොව, වැඩීම සැලැසූ දෙවියන් වහන්සේ ය.
8
පැළ කළ තැනැත්තා හා වතුර දැමූ තැනැත්තා අතර වෙනසක් නැත. එකිනෙකා තම තමාගේ වැඩය අනුව නිසි විපාකය ලබන්නේ ය.
9
මන්ද, අපි දෙවියන් වහන්සේ සමඟ සහකාර සේවකයෝ වෙමු. ඔබ දෙවියන් වහන්සේගේ කෙත ය, දෙවියන් වහන්සේගේ ගොඩනැඟිල්ල ය.
10
මට දෙන ලද දේව වරප්‍රසාදය පරිදි මම දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙකු මෙන් අත්තිවාරමක් දැමීමි. වෙන කෙනෙක් ඒ මත ගොඩනඟයි. එහෙත් එකිනෙකා එය මත ගොඩනඟන ආකාරය ගැන විමසිලිමත් විය යුතු ය.
11
මන්ද, දැනට ම දමා ඇති අත්තිවාරම හැර වෙන අත්තිවාරමක් දැමීමට කිසිවෙකුට නුපුළුවන. ඒ අත්තිවාරම නම් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ය.
12
මේ අත්තිවාරම මත ගොඩනැඟීමට යම් යම් අය යොදන්නේ රන්, රිදී, අගනා මැණික්, දැව, තෘණ හෝ පිදුරු නම්,
13
ඔවුන්ගේ කර්මාන්තයේ තත්ත්වය, හෙළිදරව් වන්නේ ය. ඒ දවස ගින්න සහිත ව උදා වේ. ඒ ගින්නෙන් ඒ ඒ කර්මාන්ත පරීක්ෂා කරනු ලැබීමෙන් ඒවායේ නියම ස්වාභාවය හෙළි වේ.
14
ඒ අත්තිවාරම මත ගොඩනඟන ලද යමෙකුගේ කර්මාන්තය නොදැවී පවතී නම්, ඔහු විපාකයක් ලබයි.
15
යමෙකුගේ කර්මාන්තය දැවී යන්නේ නම් ඔහුට අලාභයක් සිදු වේ. එහෙත් ඔහු ගිනි මැදින් මිදී ආ කෙනෙකු මෙන් ගැළවෙනු ඇත.
16
ඔබ දෙවියන් වහන්සේගේ මන්දිරය බවත්, ඔබ තුළ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වැඩ වසන බවත් නොදන්නහු ද?
17
කිසිවෙකු දේව මන්දිරය වැනසුවොත් දෙවියන් වහන්සේ ඒ තැනැත්තා වනසන සේක. දෙවියන් වහන්සේගේ මන්දිරය විශුද්ධ ය. ඒ මන්දිරය නම් ඔබ ය.
18
කිසිවෙක් තමා ම රවටා නොගනිත් වා. ඔබ අතර යමෙක් තමා ප්‍රඥාවන්තයෙක් යයි සිතන්නේ නම්, ඔහු නියම ප්‍රඥාවන්තයෙකු වන පිණිස, ලෝක මිම්ම අනුව ඔහු මෝඩයෙක් වේ වා.
19
මන්ද, මේ ලෝකයේ ප්‍රඥාව දෙවියන් වහන්සේ ඉදිරියෙහි මෝඩකමකි. උන් වහන්සේ: “ප්‍රඥාවන්තයන් ඔවුන්ගේ ම උපායවලින් අසු කරගන්නා සේකැ”යි ලියා ඇත.
20
තවද, “සමිඳාණන් වහන්සේ ප්‍රඥාවන්තයන්ගේ කල්පනා නිස්සාර බව දන්නා සේකැ”යි කියා ද ලියා ඇත.
21
එහෙයින් කිසිවෙක් යම් යම් පුද්ගලයන් ගැන පාරට්ටු කර නොගනිත් වා. මන්ද, සියල්ලෝ ම ඔබගේ ය.
22
පාවුලු, අපොල්ලොස්, කේපස් යන සියල්ලන් ද, ලෝකය, ජීවනය, මරණය, වර්තමානය, අනාගතය යන සියල්ල ද ඔබගේ ය.
23
ඔබ ක්‍රිස්තුන් වහන්සේගේ ය. ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ ය.
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 4 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16