bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
1 Kings 11
1 Kings 11
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 12 →
1
සලමොන් රජ බොහෝ විජාතික ස්ත්රීන්ට එනම්, පාරාවෝගේ දුව ඇතුළු මෝවබ්වරුන්ගේ ද අම්මොන්වරුන්ගේ ද ඒදොම්වරුන්ගේ ද සීදොන්වරුන්ගේ ද හිත්තීවරුන්ගේ ද කාන්තාවන් වන බොහෝ විජාතික ස්ත්රීන්ට ඇළුම් ව සිටියේ ය.
2
‘සැබැවින් ම ඔවුන් නුඹලාගේ සිත් ඔවුන්ගේ දෙවිවරුන් වෙත හරවන බැවින් නුඹලා ඔවුන් අතරට නොයා යුතු ය; ඔවුන්ට නුඹලා අතරට එන්නට ඉඩ නොදිය යුතු ය’යි සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයාට යම් යම් ජාතීන් ගැන වදාළ සේක් ද, ඒ ඒ ජාතීන්ට සලමොන් රජ ස්නේහයෙන් ඇළුම් වූයේ ය.
3
ඔහුට රාජකීය, වංශවත්, භාර්යාවෝ සත්සියයක් හා උපභාර්යාවෝ තුන්සියයක් සිටියෝ ය. ඒ භාර්යාවෝ ඔහුගේ සිත නොමඟ යැවූ හ.
4
එසේ ය, සලමොන් මහලු වූ කල ඒ භාර්යාවෝ ඔහුගේ සිත අන් දෙවිවරුන් වෙත හැරෙවුවෝ ය. ඔහුගේ සිත තමාගේ පිය දාවිත්ගේ සිත මෙන් තමාගේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසී ව නොතිබුණේ ය.
5
මන්ද, සලමොන් සීදොන්වරුන්ගේ දේවතාවිය වූ අෂ්ටාරොත් හා අම්මොන්වරුන්ගේ පිළිකුල සහිත මිල්කොම් අනුව ගොස්,
6
සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. ඔහු තමාගේ පිය දාවිත් මෙන් සමිඳාණන් වහන්සේ අනුව මුළු සිතින් ගමන් කෙළේ නැත.
7
එකල සලමොන් ජෙරුසලම ඉදිරියෙහි වූ කන්ද මත මෝවබ්වරුන්ගේ පිළිකුල් කටයුතු කෙමොෂ් දේවතාවාටත්, අම්මොන්වරුන්ගේ පිළිකුල් කටයුතු මොලෙක් දේවතාවාටත් ගිරිකුළු දේවාලයක් ගොඩනැඟී ය.
8
තම තමන්ගේ දෙවිවරුන්ට සුවඳ දුම් සහ පූජා ඔප්පු කළ තමාගේ සියලු විජාතික භාර්යාවන්ටත් ඔහු එසේ ම සාදා දුන්නේ ය.
9
මෙසේ සලමොන් තමාට දෙවරක් දර්ශනය වූ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙන් තම සිත අහක් කරගත් බැවින් සමිඳාණන් වහන්සේ ඔහු සමඟ උදහස් වූ සේක.
10
අන් දෙවිවරුන් පසුපස නොයන ලෙස තමාට අණ කළ සමිඳාණන් වහන්සේ ඔහුට අණ කළ දේට ඔහු කීකරු වූයේ නැත.
11
එබැවින් සමිඳාණන් වහන්සේ සලමොන්ට කතා කොට, “නුඹ මාගේ ගිවිසුම ද මා නුඹට අණ කළ මාගේ ආඥා ද නොපවත්වා මෙසේ කළ බැවින් සැබැවින් ම රාජ්‍යය නුඹෙන් උදුරා නුඹේ මෙහෙකරුවාට දෙන්නෙමි.
12
එහෙත්, නුඹේ පිය දාවිත් නිසා මම නුඹේ කාලයේ දී එය නොකොට, නුඹේ පුත්‍රයාගේ අතින් එය පැහැර ගන්නෙමි.
13
තවද, මුළු රාජ්‍යය පැහැර නොගෙන මාගේ මෙහෙකරු වූ දාවිත් නිසාත්, මා තෝරාගත් ජෙරුසලම නිසාත් නුඹේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමි”යි වදාළ සේක.
14
සමිඳාණන් වහන්සේ සලමොන් රජු හට විරුද්ධකාරයෙකු කොට ඒදොම් ජාතික හදද් නම් තැනැත්තා එවූ සේක. ඔහු ඒදොම් රාජ වංශයේ කෙනෙකි.
15
දාවිත් ඒදොම්හි සිටිය දී ඒදොම්හි සියලු පිරිමින් මරාදැමූ පසු, මැරුම්කෑ තැනැත්තන් භූමදාන කරන පිණිස සෙන්පති ජෝවාබ් ගිය කල මෙසේ විය.
16
එනම්, ජෝවාබ් හා සියලු ඉශ්රායෙල්වරු ඒදොම්හි සියලු පිරිමින් මරා දමන තුරු එහි හය මාසයක් නැවතී සිටියෝ ය.
17
එහෙත්, හදද් සහ ඔහු සමඟ ඔහුගේ පියාගේ සේවකයන්ගෙන් ඒදොම්හි සමහර මනුෂ්‍යයෝ මිසරයට යන පිණිස පලා ගියෝ ය. මෙකල හදද් කුඩා ළමයෙකි.
18
ඔව්හු මිදියන් දේශයෙන් පිටත් ව පාරාන් දේශයට පැමිණ, පාරාන් දේශයෙන් මිනිසුන් කැඳවාගෙන, මිසරයේ රජ වූ පාරාවෝ වෙත මිසරයට ගියෝ ය. රජ තෙම ඔහුට වාසස්ථානයක් දී, ආහාර පාන නියම කොට, ගම්බිම් ද දුන්නේ ය.
19
පාරාවෝ හදද් කෙරෙහි ඉතා ප්‍රසන්න ව සිටි බැවින් තම බිරිඳගේ සහෝදරී වන තාපෙනෙස් රැජිනගේ සහෝදරී ඔහුට බිරිඳ කොට දුන්නේ ය.
20
තාපෙනෙස් රැජිනගේ සහෝදරී ඔහුගෙන් ගෙනුබත් නම් පුත්‍රයා ලැබුවා ය. තාපෙනෙස් පාරාවෝගේ මාලිගාවේ දී ඔහු ඇතිදැඩි කළා ය. ගෙනුබත් පාරාවෝගේ මාලිගාවෙහි පාරාවෝගේ පුත්‍රයන් අතර ජීවත් විය.
21
දාවිත් රජු මියගිය බවත්, ජෝවාබ් සෙන්පති මළ බවත් හදද් මිසරයේ දී අසා, “මාගේ රටට යන්නට මා හැරිය මැනව”යි පාරාවෝට කී ය.
22
එවිට පාරාවෝ ඔහුට කතා කොට, “ඔබේ රටට යන්න හදන්නේ මා ළඟ ඔබට මොන හිඟයක් නිසා දැ”යි ඇසී ය. “හිඟයක් නැත, එහෙත්, කෙසේ වුව ද මට යන්නට අවසර දුන මැනව”යි ඔහු උත්තර දිනි.
23
දෙවියන් වහන්සේ ඔහුට තවත් විරුද්ධකාරයෙකු එවූ සේක. එනම්, තම ස්වාමීන් වූ ශෝබායේ රජ වූ හදද්-එශෙර් වෙතින් පලා ගිය එලියාදාගේ පුත්‍ර වූ රෙශොන් ය.
24
දාවිත් ශෝබායේ මිනිසුන් මරාදමන කල ඔහු තමා ළඟට මිනිසුන් කීප දෙනෙකු රැස් කරගෙන මංකොල්ලකාර හමුදාවක අධිපතියා විය. ඔව්හු දමස්කයට ගොස් එහි වාසය කරමින් දමස්කයෙහි රජකම් කළෝ ය.
25
හදද් කළ අනතුර හැර සලමොන්ගේ මුළු කාලයේ දී ම ඔහු ඉශ්රායෙල්වරුන්ට සතුරෙකු ව සිට, ඉශ්රායෙල්වරුන් පිළිකුල් කොට ඒදොම් රටේ රජකම් කෙළේ ය.
26
ශෙරේදායේ එප්‍රායිම් ජාතිකයෙකු වූ නෙබාත්ගේ පුත්‍ර වූ ද සලමොන්ගේ සේවකයෙකු වූ ද ජෙරොබෝවම්, රජුට විරුද්ධ ව කැරලි ගැසී ය. වැන්දඹු ස්ත්‍රියක ව සිටි ඔහුගේ මවගේ නම ශෙරුවා ය.
27
ඔහු රජුට විරුද්ධ ව කැරලි ගැසුවේ මෙලෙස ය: සලමොන් මිල්ලෝ ගොඩනඟමින් ද තම පිය දාවිත්ගේ නුවර ප්රාකාරයේ කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය කරමින් ද සිටියේ ය.
28
ජෙරොබෝවම් බලසම්පන්න මනුෂ්‍යයෙකි. සලමොන් ඒ තරුණයා කඩිසර කෙනෙකු බව දැක ජෝසෙප්ගේ ගෝත්‍රයට නියම වූ වහල් වැඩ සියල්ල කෙරෙහි ඔහු පත් කෙළේ ය.
29
ඒ කාලයේ දී ජෙරොබෝවම් ජෙරුසලමෙන් පිටතට යන කල, අලුත් සළුවක් පොරවාගෙන සිටි ෂිලෝහි අහියා නම් දිවැසිවරයාට ඔහු මඟ දී සම්බ විය. ඒ දෙදෙනා පමණක් කෙතෙහි සිටියෝ ය.
30
අහියා තමා ඇඳ සිටි අලුත් සළුව ගෙන කෑලි දොළොසකට ඉරා,
31
ජෙරොබෝවම්ට කතා කොට මෙසේ කී ය: “ඔබ කෑලි දහයක් ගන්න, මන්ද, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක, ‘මම සලමොන්ගේ රාජ්‍යය පැහැරගෙන ඔබට ගෝත්‍ර දසයක් දෙන්නෙමි.
32
එක ගෝත්‍රයක් මාගේ මෙහෙකරු දාවිත් නිසාත්, ඉශ්රායෙල්වරුන්ගේ සියලු ගෝත්‍රවලින් මා විසින් තෝරාගන්න ලද නුවර වන ජෙරුසලම නිසාත් ඔහුට වන්නේ ය.
33
මා මෙසේ කරන්නේ, සලමොන් ඔහුගේ පිය වූ දාවිත් මෙන් මාගේ ඇස් හමුවෙහි හරි දේ ද මාගේ පනත් ද විනිශ්චයයන් ද ඉෂ්ට නොකරමින්, මාගේ මාර්ගවල නොහැසිර, මා අත්හැර සීදොන්වරුන්ගේ දේවතාවිය වූ අෂ්ටාරොත්ට ද මෝවබ්වරුන්ගේ දේවතාවා වූ කෙමොෂ්ට ද අම්මොන්වරුන්ගේ දේවතාවා වූ මිල්කොම්ට ද නමස්කාර කළ නිසා ය.
34
එහෙත්, මම මුළු රාජ්‍යය ඔහුගේ අතින් නොගෙන මා විසින් තෝරාගන්න ලද, මාගේ ආඥා හා පනත් රක්ෂා කළ, මාගේ මෙහෙකරු වූ දාවිත් නිසා ඔහුගේ මුළු ජීවිත කාලය තුළ අධිපති ව සිටින්න ඔහුට ඉඩ හරින්නෙමි.
35
එහෙත්, ඔහුගේ පුත්‍රයා අතින් රාජ්‍යය ගෙන ගෝත්‍ර දහයක් ඔබට දෙන්නෙමි.
36
මාගේ නාමය තබන්නට මා විසින් තෝරාගන්න ලද නගරය වන ජෙරුසලමේ මාගේ මෙහෙකරු වූ දාවිත්ගේ වංශයෙන් පැවතෙන්නෙකු මා ඉදිරියෙහි සිටින පිණිස මම ඔහුගේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමි.
37
නුඹ කැමැති සියල්ල කෙරෙහි නුඹ රජකම් කරමින් ඉශ්රායෙල්වරුන්ගේ රජ වන පිණිස නුඹ පිළිගන්නෙමි.
38
මාගේ මෙහෙකරු වූ දාවිත් කළ පරිදි නුඹ මාගේ ආඥා හා පනත් රක්ෂා කරමින්, මා නුඹට අණ කරන සියල්ලට ඇහුම්කන් දී, මාගේ මාර්ගවල හැසිර මාගේ ඇස් හමුයෙහි හරි දේ කරන්නෙහි නම්, මම නුඹ සමඟ සිට දාවිත්ට ස්ථීර වූ පෙළපතක් ගොඩනඟා දුන් ලෙස නුඹටත් ගොඩනඟා දී ඉශ්රායෙල්වරුන් නුඹට භාර දෙන්නෙමි.
39
මෙලෙස සලමොන්ගේ පාපය නිසා දාවිත්ගේ වංශයට පීඩා කරන්නෙමි. එහෙත්, එය සදහට ම නොවනු ඇත.’ ”
40
මේ නිසා සලමොන් ජෙරොබෝවම් මරන්නට සෙවී ය. එහෙත්, ජෙරොබෝවම් පිටත් වී මිසරයේ රජු වූ ෂීෂක් වෙත මිසරයට පලා ගොස් සලමොන්ගේ මරණය දක්වා එහි සිටියේ ය.
41
සලමොන්ගේ ජීවිතයේ සෙසු කරුණු ද ඔහු කළ සියල්ල ද ඔහුගේ ප්‍රඥාව ගැන ද සලමොන්ගේ ක්‍රියා සඳහන් ඉතිහාස ග්‍රන්ථයේ ලියා නොතිබේ ද?
42
සලමොන් ජෙරුසලමේ මුළු ඉශ්රායෙල් දේශයෙහි රජකම් කළ කාලය සතළිස් අවුරුද්දකි.
43
ඔහු මරණයට පත් වූ පසු තම පිය දාවිත්ගේ නුවර භූමදාන කරන ලදී. ඔහුගේ පුත් වූ රෙහොබෝවම් ඔහු වෙනුවට රජ විය.
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 12 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22