bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
1 Samuel 5
1 Samuel 5
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 6 →
1
පිලිස්තිවරු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව රැගෙන එබෙන්-එශෙර්හි සිට අෂ්දොද් නගරයට එය ගෙනාවෝ ය.
2
ඔව්හු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව, රැගෙන දාගොන් දෙවියාගේ දේවාලයට ගෙන ගොස් දාගොන් ළඟ තැබූ හ.
3
පසු දා අලුයම අෂ්දොද්හි වැසියන් අවදි වූ විට, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරිපිට දාගොන් මුණින්තළා වී තිබෙනවා ඔව්හු දුටුහ. ඔව්හු දාගොන් රැගෙන නැවත ඔහු කලින් තිබූ ස්ථානයෙහි ම තැබූ හ.
4
ඔව්හු පසු දා අලුයම අවදි වූ විටත් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ළඟ යළිත් දාගොන් මුණින්තළා වී බිම සිටිනවා දුටුහ; දාගොන්ගේ හිස ද අත් දෙක ද වෙන් වී එළිපත්ත උඩ තිබෙනවා දුටුහ; ඉතිරි ව තිබුණේ කඳ පමණක් ය.
5
අද දවස දක්වා ම දාගොන්ගේ පූජකයන් ද දාගොන්ගේ දේවාලයට ඇතුළු වන අය ද අෂ්දොද්හි තිබෙන දාගොන්ගේ දේවාලයේ එළිපත්ත නොපාගන්නේ එබැවිනි.
6
එකල සමිඳාණන් වහන්සේ සිය බාහු බලයෙන් අෂ්දොද් වැසියන්ට තදින් පහර දුන් සේක. උන් වහන්සේ අෂ්දොද්හි වැසියන්ටත්, එහි දිසාවල වැසියන්ටත් භයානක ගඩු හටගැන්වීමෙන් පහර දුන් සේක.
7
අෂ්දොද් වැසියෝ සිදු වූ දේ දැක, “ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අප ළඟ නොතිබිය යුතු ය; මන්ද, උන් වහන්සේ සිය බාහු බලයෙන් අපටත්, අපේ දෙවියා වන දාගොන්ටත් තදින් දඬුවම් කරන සේකැ”යි කී හ.
8
එබැවින් ඔව්හු පණිවුඩ යවා, පිලිස්තිවරුන්ගේ අධිපතීන් පස්දෙනා තමන් ළඟට රැස් කර, “ඉශ්රායෙල් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගැන අප කුමක් කළ යුතු දැ”යි විමසූ හ. ඔව්හු පිළිතුරු දෙමින්, “ඉශ්රායෙල් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගාත් නගරයට ගෙන යන්නැ”යි කී හ. ඒ කී ලෙස ඔව්හු ඉශ්රායෙල් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව එහි ගෙන ගියහ.
9
ඔවුන් එය ගෙන ගිය විට, සමිඳාණන් වහන්සේ සිය බාහු බලය පා ඒ නගරයට දඬුවම් කොට එහි ඉමහත් කැළඹීමක් ඇති වන්නට සැලැසූ සේක. උන් වහන්සේ නුවර වැසි ලොකු කුඩා සියල්ලන් පිට භයානක ගඩු හටගන්වා ඔවුන්ට පහර දුන් සේක.
10
එවිට ඔව්හු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව එක්රොන් නගරයට යැව්වෝ ය. දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව එක්රොන් නගරයට පැමිණි කල එහි වැසියෝ, “අප ද අපේ සෙනඟ ද නසන්නට ඉශ්රායෙල් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අප ළඟට ගෙනවුත් ඇතැ”යි කියමින් මොරගැසූ හ.
11
එබැවින් ඔව්හු පණිවුඩ යවා, පිලිස්තිවරුන්ගේ සියලු අධිපතීන් රැස් කරවා, “ඉශ්රායෙල් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අප හා අපේ සෙනඟ විනාශ නොකරන පිණිස එය ස්වකීය ස්ථානයට ආපසු යවන්නැ”යි කී හ. එසේ කීවේ, නගරය මුළුල්ලේ මාරක කැළඹීමක් හටගත් නිසා ය; දෙවියන් වහන්සේගේ බාහු බලයෙන් එයට තදින් පහර වැදුණේ ය.
12
නොමළ අය ගඩුවලින් පීඩා වින්දෝ ය; නගර වැසියන්ගේ විලාපය ද අහස දක්වා නැඟුණේ ය.
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 6 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31