bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
1 Thessalonians 1
1 Thessalonians 1
Sinhala SNRV (New Revised Version 2018)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 2 →
1
පාවුලු ද සිල්වානස් ද තිමෝතියස් ද යන අපි, දෙවි පියාණන් වහන්සේට සහ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේට අයිති තෙසලෝනිකවරුන්ගේ සභාව වෙත ලියා එවමු. කරුණාව හා ශාන්තිය ඔබට වේ වා!
2
අපේ යාච්ඤාවල දී අපි නිතර ම ඔබ සිහි කරමින්, ඔබ ගැන දෙවියන් වහන්සේට තුති පුදමු.
3
අපගේ දෙවි පියාණන් ඉදිරියෙහි, ක්‍රියාවෙන් ප්‍රකාශ වන ඔබේ ඇදහිල්ල ද, සේවයෙන් දැක්වෙන ඔබේ ප්‍රේමය ද, ඉවසීමෙන් හෙළි වන අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළ වූ ඔබේ බලාපොරොත්තුව ද අපි සිහි කරමු.
4
දෙවියන් වහන්සේගේ ප්‍රේමණීය සහෝදරවරුනි, උන් වහන්සේ ඔබ තෝරාගත් බව අපි දනිමු.
5
මන්ද, අප සුබ අස්න ඔබ වෙත ගෙනාවේ වචන මාත්‍රයෙන් පමණක් නොව, ශුද්ධාත්ම බලය හා සහතික විශ්වාසය ඇතිව ය. ඔබගේ යහපත උදෙසා අපි ඔබ අතර කෙසේ ජීවත් වීමු දැ යි ඔබ දන්නහු ය.
6
ඔබ ද, බොහෝ දුක් විඳිමින්, ශුද්ධාත්මයාණන්ගෙන් වන ප්‍රීතිය ඇතිව පණිවුඩය පිළිගැනීමෙන්, අප ද සමිඳාණන් වහන්සේ ද අනුගමනය කරන්නෝ වූවහු ය.
7
මෙලෙස ඔබ මසිදෝනියෙහි සහ ග්‍රීසියෙහි සිටින සියලු ඇදහිලිවතුන්ට ආදර්ශයක් වූවහු ය.
8
මන්ද, ඔබ වෙතින් සමිඳාණන් වහන්සේගේ පණිවුඩයේ රාවය මසිදෝනියෙහිත් ග්‍රීසියෙහිත් පිළිරැව් දුන්නා පමණක් නොව, දෙවියන් වහන්සේ කෙරෙහි වූ ඔබේ ඇදහිල්ල සෑම තැන ම පතළ විය. මේ ගැන වැඩි යමක් කීම අවශ්‍ය නැත.
9
අප ඔබ වෙත පැමිණි විට ඔබ අප පිළිගත් ආකාරය ගැන ද, ජීවමාන වූ සත්‍ය වූ දෙවියන් වහන්සේට සේවය කරනු පිණිස ඔබ දේවතා වන්දනාවෙන් දෙවියන් වහන්සේ වෙතට හැරුණු අන්දම ගැන ද ඔව්හු ම කතා කරති.
10
තවද, මරණයෙන් උත්ථාන කරනු ලැබූ, පැමිණෙන්නට යන උදහසින් අප මුදන්නා වූ, තමන් වහන්සේගේ පුත්‍රයාණන් වූ ජේසුස් වහන්සේ ස්වර්ගයෙන් වඩිනු බලාපොරොත්තුවෙමින් ඔබ සිටින ආකාරය ගැන ද ඔව්හු කතා කරති.
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 2 →
All chapters:
1
2
3
4
5