bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
Acts 21
Acts 21
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 20
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 22 →
1
අපි ඔවුන්ගෙන් වෙන් ව නැව් නැඟී කෙළින් ම ගොස්, කෝස්ට ද පසුවදා රෝදස්ට ද එතැනින් පතාරාට ද ආවෙමු.
2
එහි දී පිනීසියා ව බලා යන නැවක් සම්බ වී එහි නැඟී පිටත් වුණෙමු.
3
සයිප්‍රසය පෙනෙන තෙක් මානයට ආවායින් පසු, ඉන් දකුණු දෙසට යාත්‍රා කොට සිරියාවට පැමිණ, තීර්හි දී ගොඩ බැස්සෙමු. මන්ද, එහි බඩු ගොඩබාන්නට තිබුණේ ය.
4
අපි එහි දී ශ්‍රාවකයන් සොයාගෙන සත් දවසක් නැවතී සිටියෙමු. ජෙරුසලමට නොයන ලෙස ඔව්හු ආත්මයාණන් වහන්සේගෙන් අවවාද ලැබ, පාවුලුට එපවත් කී හ.
5
එහෙත් ඒ දවස් ගත වූ පසු අපි පිටත් ව අපේ ගමන ගියෙමු. අප නුවරින් පිට වන තුරු ඔව්හු සියලු දෙනා ම තමන්ගේ භාර්යාවන් හා දරුවන් ද සමඟ අප කැටුව ආහ. අපි වෙරළෙහි දණින් වැටී යාච්ඤා කර,
6
එකිනෙකාට සුබපතා, නැව් නැඟුණෙමු. ඔව්හු තම නිවෙස් කරා හැරී ගියහ.
7
අපි තීර් සිට පිටත් ව ගොස් අපේ මුහුදු ගමන නිම කොට, තොලිමයිසයට පැමිණියෙමු. එහි දී සහෝදරයන්ට ආචාර කොට ඔවුන් සමඟ දවසක් නැවතී සිටියෙමු.
8
පසුදා අපි පිටත් ව කායිසාරියට අවුත්, සත් දෙනාගෙන් එක් කෙනෙකු වූ ධර්මදූත පිලිප්ගේ ගෙට පැමිණ, ඔහු සමඟ නැවතී සිටියෙමු.
9
දිවැස් වැකි කීමේ වරය ලත්, කන්‍යා දූවරු සතර දෙනෙක් ඔහුට සිටියෝ ය.
10
බොහෝ දවස් අප එහි නැවතුණ අතර, අගබස් නම් එක් දිවැසිවරයෙක් ජුදයෙන් අප වෙත පැමිණියේ ය.
11
ඔහු පාවුලුගේ ඉඟපටිය රැගෙන එයින් තමාගේ ම අත් පා බැඳ ගෙන, “ජුදෙව්වරුන් මේ ඉඟපටිය අයිති මිනිසා ජෙරුසලමේ දී මේ ආකාරයෙන් බැඳ විජාතීන්ගේ අත්වලට පාවා දෙති යි ශුද්ධාත්මයාණන් වහන්සේ කියන සේකැ”යි පැවසී ය.
12
අප මේ දේ ඇසූ කල, ඒ ස්ථානයේ සිටි අය ද අපි ද ජෙරුසලමට නොයන ලෙස ඔහුගෙන් උදක් ම ඉල්ලීමු.
13
එවිට පාවුලු උත්තර දෙමින්, “ඔබ කුමක් කරන්නහු ද? හැඬීමෙන් මාගේ අධිෂ්ඨානය දුර්වල කරන්නේ මන් ද? මම ජෙරුසලමේ දී ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ නාමය නිසා හිරගෙට පමණක් නොව මැරෙන්නට වුවත් සූදානම් ව සිටිමි”යි කී ය.
14
ඔහු කැමැති කරවාගන්නට නොහැකි වූයෙන්, “සමිඳාණන් වහන්සේගේ කැමැත්ත වේ වා!”යි කියමින් අපි නිහඬ වීමු.
15
ටික දවසකට පසු අපි බඩුබාහිරාදිය රැගෙන ජෙරුසලම බලා ගියෙමු.
16
කායිසාරියේ ශ්‍රාවකයන්ගෙන් සමහරෙක් අප සමඟ අවුත් බොහෝ කලෙක පටන් ශ්‍රාවකයෙකු ව සිටි සයිප්‍රසයේ මීනාසොන් නම් කෙනෙකු වෙත නවාතැන් ගන්නට අප කැඳවාගෙන ගියහ.
17
අප ජෙරුසලමට පැමිණි කල සහෝදරයෝ ප්‍රීතියෙන් අප පිළිගත්හ.
18
පසුවදා පාවුලු අප සමඟ ජාකොබ් හමු වීමට ගියේ ය. සභා මූලිකයෝ සියලු දෙනා ම එහි සිටියහ.
19
ඔහු ඔවුන්ට ආචාර කොට, තමාගේ සේවය මඟින් දෙවියන් වහන්සේ විජාතීන් අතර සිදු කළ දේ ගැන සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කෙළේ ය.
20
ඔව්හු ඒ අසා දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ. තවද ඔව්හු ඔහුට කතා කොට, “සහෝදරය, ජුදෙව්වරුන් අතර, අදහාගත්තවුන් කොපමණ දහස් ගණනක් ඇද්දැ යි ඔබ දන්නෙහි ය. ඔව්හු සියල්ලෝ ම ව්‍යවස්ථාවලිය ගැන දැඩි භක්තියක් දක්වන අය වෙති.
21
තමන්ගේ දරුවන් චර්මඡේදනය නොකරන්නටත්, ජුදෙව් වත්පිළිවෙත් නොපවත්වන්නටත් උගන්වමින් මෝසෙස්ට පිටුපා යන්නට විජාතීන් අතර සිටින ජුදෙව්වරුන්ට ඔබ උපෙදස් දෙන බව ඔවුන්ට සැළ වී තිබේ.
22
දැන් ඉතින් කළ යුතු දේ කුමක් ද? ඔබ මෙහි ඇවිත් සිටින බව ඔවුන් නිසැකව ම දැනගනු ඇත.
23
එබැවින් අප කියන දේ කරන්න. අප අතර බාරයක් වූ මනුෂ්‍යයෝ සතර දෙනෙක් සිටිති.
24
ඔබ ද ඔවුන් හා එකතු වී පවිත්‍ර වීමේ පිළිවෙත පවත්වන්න. ඔවුන්ගේ හිස් මුඩු කිරීම සඳහා යන වියහියදම් ඔබ ම දරන්න. එසේ කළ විට ඔබ ගැන ඔවුනට සැළ වූ කාරණාවලින් එකක් වත් සැබෑ නොවන බවත්, ඔබ ව්‍යවස්ථාවලිය අනුව ජීවත් වන බවත් සියල්ලන් ම දැනගනු ඇත.
25
එහෙත් ඇදහිල්ල පිළිගත් විජාතීන් ගැන නම්, ඔවුන් රූපවලට පුදන ලද දෙයින් ද ලෙයින් ද බොටුව මිරිකා මැරූ සතුන්ගේ මස් කෑමෙන් ද වේශ්‍යාකමින් ද වැළකී සිටින ලෙස අපි ම තීරණය කර ඔවුන්ට ලියා හැරියෙමු”යි කී හ.
26
පසුවදා පාවුලු ඒ මනුෂ්‍යයන් හා එක් වී, ඔවුන් හා සමඟ පවිත්‍ර වීමේ පිළිවෙත පැවැත්විය. ඉන්පසු පාවුලු පවිත්‍ර වීම අවසාන වන කාලය ද ඔවුන් එකිනෙකා උදෙසා ඔප්පු කළ යුතු පූජාව ද දැනුම් දෙන පිණිස දේව මාලිගාවට ඇතුළු විය.
27
ඒ දවස් සත සම්පූර්ණ වෙත් ම, ආසියාවෙන් පැමිණි ජුදෙව්වරු දේව මාලිගාවේ දී පාවුලු දැක, මුළු ජනකාය කළඹා, ඔහු අල්ලා ගෙන,
28
“ඉශ්රායෙල් ජනයෙනි, උදව් දෙන්න. අපේ ජනතාවටත්, අපේ ව්‍යවස්ථාවලියටත්, මේ ස්ථානයටත් විරෝධී ව හැම තැන ම, හැම අයට ම උගන්වන මිනිසා මොහු ය. ඒ විතරක් නොවේ, මොහු ග්‍රීකයන් ද දේව මාලිගාවට කැඳවා ගෙන අවුත් මේ ශුද්ධස්ථානය කෙලෙසා ඇතැ”යි මොරගසා කී හ.
29
ඔවුන් මෙසේ කීවේ එපීසයෙකු වූ ත්‍රොපිමස් ඔහු සමඟ නුවර සිටිනු ඔවුන් කලින් දැක තිබුණු නිසා, පාවුලු ඔහු දේව මාලිගාවට කැඳවා ගෙන යන්නට ඇතැ යි සිතූ බැවිනි.
30
එවිට මුළු නුවර කැළඹිණි; ජනකාය එකාවන් ව දිව අවුත්, පාවුලු අල්ලා ගෙන දේව මාලිගාවෙන් පිටතට ඇදදැමූ හ. එකෙණෙහි ම දොරවල් වසා දමන ලදී.
31
ඔවුන් ඔහු මරන්නට අදහස් කරගෙන සිටින අතර මුළු ජෙරුසලම කැලඹී ඇතැ යි සේනාධිපතියාට දන්වන ලදී.
32
ඔහු එකෙණෙහි ම හේවායන් ද ශතාධිපතියන් ද කැඳවා ගෙන ඔවුන් වෙතට දිවී ය. ඔව්හු සේනාධිපතියා හා හේවායන් දැක, පාවුලුට තැළීම නතර කළහ.
33
එවිට සේනාධිපතියා ළං වී ඔහු අල්ලා, දම්වැල් දෙකකින් බඳින්නට අණ කොට, “මොහු කවරෙක් ද? කුමක් කෙළේ දැ”යි විචාළේ ය.
34
එවිට සමූහයා අතර සමහරෙක් එකක් ද තවත් සමහරෙක් අනෙකක් ද මොරගසා කී හ. මේ කෝලාහලය නිසා ඇත්ත නැත්ත දැනගන්නට ඔහුට බැරි වූයෙන්, පාවුලු බලකොටුවට ගෙන යන්නට ඔහු අණ කෙළේ ය.
35
පාවුලු එහි තිබුණු පඩි පෙළ උඩට පැමිණි කල, සමූහයාගේ බලහත්කාරකම නිසා හේවායන්ට ඔහු උසුලා ගෙන යන්නට සිදු විය.
36
මන්ද, “මොහු මරාදමන්නැ”යි මොරගසමින් ජනකාය ඔවුන් පස්සෙන් ගියහ.
37
පාවුලු බලකොටුව ඇතුළට ගෙනයනු ලබද්දී, “ඔබට වචනයක් කීමට අවසර ඇද්දැ”යි ඔහු සේනාධිපතියාගෙන් ඇසී ය. එවිට සේනාධිපතියා “ඔබ ග්‍රීක් භාෂාව දන්නෙහි ද?
38
එසේ නම් මෑත දී කැරැල්ලක් ඇති කර, ත්රස්තවාදීන් සාරදහසක් වනයට ගෙන ගිය මිසර ජාතිකයා ඔබ නොවේ දැ”යි ඇසී ය.
39
එහෙත් පාවුලු පිළිතුරු දෙමින්, “මම නම් සත්කීර්තිමත් නුවරක් වන සිලිසියාවේ තාර්සස්හි ජුදෙව්වෙක්මි. සෙනඟ අමතා කතා කිරීමට අවසර දෙන ලෙස ඔබගෙන් ඉල්ලමි”යි කී ය.
40
ඔහු අවසර දුන් කල, පාවුලු පඩි පෙළ මත්තේ සිට සෙනඟට අතින් සංඥා කෙළේ ය. මහා නිශ්ශබ්දතාවයක් ඇති විය. ඔහු හෙබ්‍රෙව් භාෂාවෙන් ඔවුන් අමතා,
← Chapter 20
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 22 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28