bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
Galatians 1
Galatians 1
Sinhala SNRV (New Revised Version 2018)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 2 →
1
මිනිසුන් කෙරෙන් වත්, මිනිසෙකු මඟින් වත් නොව, ජේසුස් ක්රිස්තුන් වහන්සේගෙන් හා උන් වහන්සේ උත්ථාන කොට වදාළ දෙවි පියාණන් වහන්සේගෙන් අපෝස්තුළුවරයෙකු වීමේ කැඳවීම ලත් පාවුලු නම් මම මෙසේ ලියා එවමි.
2
මා සමඟ සිටින සියලු සහෝදරවරු ද මම ද ගලාතියේ සියලු ක්රිස්තියානි සභාවන්ට ආචාර කරමු.
3
අපගේ පියාණන් වන දෙවියන් වහන්සේ ද ස්වාමීන් වන ජේසුස් ක්රිස්තුන් වහන්සේ ද ඔබට කරුණාව හා ශාන්තිය දෙන සේක් වා!
4
ක්රිස්තුන් වහන්සේ, අපගේ දෙවි පියාණන්ගේ කැමැත්ත ලෙස, මේ නපුරු යුගයෙන් අප ගළවන පිණිස, අපේ පව් උදෙසා සිය දිවි පිදූ සේක.
5
දෙවියන් වහන්සේට සදහට ම මහිමය වේ වා! ආමෙන්.
6
මෙපමණ විගසින්, ක්රිස්තුන් වහන්සේගේ දේව වරප්රසාදය කරණකොටගෙන ඔබ කැඳවා වදාළ තැනැන් වහන්සේ අත්හැර, ඔබ වෙනත් සුබ අස්නක් කරා යාම ගැන මට පුදුමයි.
7
වෙන සුබ අස්නක් නම් නැත. එහෙත් මා එසේ කියන්නේ ඔබ කළඹා ක්රිස්තුන් වහන්සේගේ සුබ අස්න අවුල් කරන ඇතැමුන් සිටින නිසා ය.
8
එහෙත් මා හෝ ස්වර්ගයෙන් දේව දූතයෙක් හෝ වෙන කිසිවෙක් හෝ අප දේශනා කළ සුබ අස්නට පටහැනි සුබ අස්නක් දේශනා කළේ නම් ඔහුට සාප වේ වා.
9
අප පෙර කී ලෙස ම, දැන් මම නැවතත් කියමි: ඔබ පිළිගත් සුබ අස්නට පටහැනි සුබ අස්නක් ඔබට දේශනා කරන කෙනෙක් ඇත්නම් ඔහුට සාප වේ වා.
10
මා සොයන්නේ මිනිසුන්ගේ පැසසීම ද? නැතහොත් දෙවියන් වහන්සේ පැසසීම ද? මා පතන්නේ මිනිසුන් සතුටු කරන්න ද? මා තවමත් පතන්නේ මිනිසුන් සතුටු කිරීම නම් මම ක්රිස්තුන් වහන්සේගේ දාසයෙක් නොවෙමි.
11
සහෝදරවරුනි, මා දේශනා කරන සුබ අස්න මිනිසුන් විසින් නිපදවන ලද්දක් නොවන බව මම ඔබට දන්වමි.
12
මම එය කිසි මිනිසෙකුගෙන් නොලැබුවෙමි. කිසිවෙකු මට එය ඉගැන්නුවේත් නැත. එය මට හෙළි කළේ ක්රිස්තුන් වහන්සේ ම ය.
13
මා ජුදෙව් භක්තිකයෙකු ව සිටිය දී, කිසි අනුකම්පාවක් නැති ව දෙවියන් වහන්සේගේ සභාවට පීඩා කොට, එය විනාශ කරදැමීමට වෑයම් කරමින් හැසුරුණු අන්දම ගැන ඔබ අසා ඇත.
14
මාගේ පියවරුන්ගේ පරම්පරාගත සම්ප්රදායයන් කෙරෙහි උද්යෝගිමත් ව, මාගේ ජාතියේ සමකාලීනයන් බොහෝ දෙනෙකු පරදවා, ජුදෙව් ආගම මැනැවින් පිළිපැද්දෙමි.
15
එහෙත් දෙවියන් වහන්සේ ස්වකීය වරප්රසාදයෙන් මව් කුස පටන් මා වෙන් කොට තෝරාගෙන,
16
විජාතීන් අතර ස්වකීය පුත්රයාණන් ප්රකාශ කරන පිණිස ඒ පුත්රයාණන් මට එළිදරව් කිරීමට තීරණය කළ සේක. එවිට අවවාද ලබන පිණිස මා කිසි පුද්ගලයෙකු වෙත ගියේ වත්,
17
මට කලින් අපෝස්තුළුවරුන් ව සිටි අය හමු වන පිණිස ජෙරුසලමට ගියේ වත් නැත. එසේ නොව, මම වහා ම අරාබියට ගොස්, පසුව දමස්කයට පැමිණියෙමි.
18
පේදුරු හමු වීමට මා ජෙරුසලමට ගියේ තෙවසකට පසුව ය. ඔහු සමඟ පසළොස් දිනක් ගත කෙළෙමි.
19
එහෙත් ජේසුස් සමිඳාණන් වහන්සේගේ සොහොයුරු ජාකොබ් හැර වෙන කිසි අපෝස්තුළුවරයෙකු නුදුටුවෙමි.
20
මේ ලියන දේ සැබෑ බව දෙවියන් වහන්සේ ඉදිරියේ සහතික කර කියමි.
21
පසුව මම සිරියාවේ හා සිලිසියාවේ පෙදෙස් වලට ගියෙමි.
22
ජුදයේ කිතුනු සභා ඒ තාක් මා දැනහැඳින සිටියේ නැත.
23
ඔවුන් දැන සිටියේ, “වරක් අපට පීඩා කළ තැනැත්තා, තමා විනාශ කිරීමට තැත් කළ එම ඇදහිල්ල ම දැන් දේශනා කරන්නේ ය” යන ප්රවෘත්තිය පමණකි.
24
ඒ නිසා ඔව්හු මා ගැන දෙවියන් වහන්සේට ප්රශංසා කළෝ ය.
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 2 →
All chapters:
1
2
3
4
5
6