bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
Isaiah 30
Isaiah 30
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 29
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 31 →
1
සමිඳාණෝ මෙසේ වදාළ සේක: “ජුදා දේශය පාලනය කරන අය මට විරුද්ධ ව කැරලි ගසන බැවින් ඔවුන්ට වන විපතක මහත! ඔව්හු පව් පිට පව් කරමින් මා නොකළ සැලසුම අනුගමනය කරති. මාගේ කැමැත්තට විරුද්ධ ව ගිවිසුම්වලට අත්සන් කරති.
2
මාගෙන් උපදෙස් නොගෙන ඔව්හු උපකාර ලබන පිණිස මිසරයට යති. ඔවුන් මිසරයේ ආරක්ෂාව පතන නිසා එහි රජවරුන්ගේ රැකවරණය කෙරෙහි ඔව්හු විශ්වාසය තබති.
3
එහෙත්, ඔවුන් උදව් පතන රජු ද රැකවරණය පතන මිසරය ද ඔවුන් නින්දාවට හා විපතට පත් කරනු ඇත.
4
ඔවුන්ගේ තානාපතීන් දැනටමත් ශොවන් හා හානේස් නම් මිසරයේ නගරවලට පැමිණ ඇත.
5
එහෙත්, ජුදාවේ සෙනඟ විශ්වාස කළ නොහැකි පිහිට උපකාර බලාපොරොත්තු වූ නමුත්, එය දීමට නොහැකි ජාතියක් කෙරෙහි විශ්වාසය තැබූ නිසා ඔව්හු ශෝකයට හා විපතට පත් වන්නෝ ය.”
6
දකුණු දිග පාළුකරයේ මෘගයන් ගැන දෙවිඳුන්ගේ පණිවුඩය මෙසේ ය: “සිංහයන් ද විසකුරු සර්පයන් ද ඉගිලෙන ගිනි සර්පයන් ද සිටින භයානක දේශයක් මැදින් තානාපතීහු ගමන් කරති. ඔව්හු කොටළුවන් ද ඔටුවන් ද පිට අනර්ඝ වටිනා තෑගි බෝග පටවාගෙන ඔවුන්ට පිහිට උපකාර දිය නොහැකි ජාතියක් වෙත යති.
7
මිසරය දෙන උපකාරයෙන් වැඩක් නැත. ඒ නිසා මා මිසරයට, ‘පඹ මකරා ය’යි කවට නමක් දී ඇත.”
8
සෙනඟගේ ස්වභාවය සම්බන්ධයෙන් ඔවුන්ට විරුද්ධ ව ගල් පුවරුවක සටහන් කරන්න. ඔවුන් ගැන විස්තරයක් අනාගතයට සදා සාක්ෂියක් මෙන් පවතින ලෙස පොතක ලියා තබන්න කියා දෙවිඳාණෝ මට වදාළ සේක.
9
ඔව්හු හැම වේලේ ම දෙවිඳුන්ට විරුද්ධ ව කැරලි ගසති; හැම වේලේ ම බොරු කියති; හැම වේලේ ම සමිඳුන්ගේ ඉගැන්වීම්වලට සවන් දෙන්න අකමැති වෙති.
10
ඔව්හු දිවැසිවරුන්ට නිහඬ වන්න කියමින් මෙසේ කියති: “හරි දේ ගැන අපට කතා නොකරන්න; අපට අසන්න ආසා දේ ගැන පමණක් කතා කරන්න; අපේ සිහින සිතුම්පැතුම් තබාගන්න අපට ඉඩ දෙන්න.
11
අපේ මාර්ගයෙන් ඉවත් ව අපේ ගමනට බාධා නොකරන්න. ඉශ්රායෙල්හි සුවිශුද්ධ දෙවිඳුන්, ගැන ඇසීමට අපට වුවමනාවක් නැත.”
12
එහෙත්, ඉශ්රායෙල්හි සුවිශුද්ධ දෙවිඳුන් වදාරන දේ මෙසේ ය: “නුඹලා මා කියන දේ නොසලකා බලහත්කාරයත්, වංචාවත් කෙරෙහි විශ්වාසය තබන්නහු ය.
13
නුඹලා වරදකාරයෝ ය; නුඹලා උඩ සිට පහළට පුපුරා, ඉදිරියට නෙරා ඇති, හදිසියේ බිඳ වැටීමට ළඟා වූ බිත්තියක් හා සමාන ය.
14
නුඹලා ලිපකින් ගිනි අඟුරු ගන්න වත්, පොකුණකින් වතුර බිඳක් ගන්න වත් සෑහෙන තරමට කැබැල්ලක් ඉතිරි නොවන ලෙස පොඩිකරන ලද මැටි භාජනයක් හා සමාන ය.”
15
ඉශ්රායෙල්හි සුවිශුද්ධ මහෝත්තම දෙවි ස්වාමීන් සිය සෙනඟට කතා කොට, “ආපසු හැරී අවුත් සන්සුන් ව මා කෙරෙහි අදහාගන්න. එවිට නුඹලා ගැළවී, සුරක්ෂිත ව සිටින්නහු ය”යි වදාරන සේක. එහෙත්, නුඹලා එය ප්‍රතික්ෂේප කළහු ය.
16
ඒ වෙනුවට ශීඝ්‍රයෙන් දුවන අශ්වයන් පිට නැඟී, සතුරන්ගෙන් බේරී යමු යි කියමින්, නුඹලා ගැළවෙන්න උත්සාහ කරන්නහු ය. නුඹලා බේරී පලා යා යුතු බව නම් සැබෑ ය. නුඹලාගේ අශ්වයන් වේගයෙන් දුවති යි නුඹලා සිතන නමුත්, නුඹලා ලුහුබැඳ එන්නෝ ඊට වඩා වේගයෙන් එන්නෝ ය.
17
එක සතුරෙකු දුටු විට නුඹලාගෙන් දහසක්දෙනා පලා යන්නෝ ය. කන්දක් උඩ හුදකලා ව තිබෙන ධජ සංකේතයක් හැර නුඹලාගේ හමුදාවෙන් කිසිවක් ඉතිරි වන්නේ නැත.
18
සමිඳාණෝ නුඹලාට කරුණාව පාන්නට බලා සිටින සේක. එතුමාණෝ සෑම වේලේ ම හරි දේ කරන බැවින් නුඹලාට දයාව දක්වන්න සූදානම් ව සිටින සේක. එතුමන් අදහන්නෝ භාග්‍යවන්තයෝ ය.
19
ජෙරුසලමේ සිටින සෙනඟෙනි, ඔබ තවත් අඬන්නේ නැත. සමිඳාණන් වහන්සේ දයාන්විත ය. ඔබේ මොරගැසීමට උන් වහන්සේ සවන් දී ඔබට පිළිතුරු දෙන සේක.
20
සමිඳාණන් වහන්සේ විපත නමැති කෑම ද, පීඩා නමැති වතුර ද ඔබට දෙන නමුත්, ඔබට උගන්වන පිණිස උන් වහන්සේ ම ඔබ සමඟ වැඩ සිටින සේක. උන් වහන්සේ සොයා යාමට ඔබට වුවමනාවක් ඇති නොවේ.
21
ඔබ මාර්ගයෙන් දකුණට හෝ වමට හෝ හැරී නොමඟ යන විට, “මෙන්න හරි මාර්ගය, මෙහි ඇවිදින්නැ”යි කියන හඬක් ඔබට පිටුපසින් ඇසෙනු ඇත.
22
රිදීයෙන් ද රනින් ද ඔප දමන ලද දේව රූප ගෙන, “නුඹලා අපෙන් ඉවත් වෙත්වා”යි කියමින් ඔබ ඒවා කුණු කසළ මෙන් විසිකර දමන්නහු ය.
23
ඔබ බීජ වැපුරූ කල ඒවා වැඩෙන පිණිස සමිඳාණන් වහන්සේ වර්ෂාව එවන සේක. උන් වහන්සේ ඔබට සාරවත් මහා අස්වැන්නක් දෙන සේක. ඔබේ ගවයන්ට ගොදුරු පිණිස විශාල තණ බිම් ඇති වන්නේ ය.
24
බිම් හාන ගවයෝ ද කොටළුවෝ ද ඉතාමත් පෝෂ්‍යදායක ආහාර කන්නෝ ය.
25
ඔබේ සතුරන්ගේ බලකොටු වැටී, සතුරන් මරාදමන දවසේ දී, පර්වත හා කඳු මුදුන්වලින් ජලධාරා ගලා එන්නේ ය.
26
සමිඳාණන් වහන්සේ තමන් සෙනඟට පහර දීමෙන් ඇතිකළ තුවාළ බැඳ සුව කරන දවසේ දී හඳ එළිය ඉර එළිය මෙන් ද, ඉර එළිය සත් ගුණයකින් වැඩි වී සත් දවසක එළිය එක් වූවාක් මෙන් ද බැබළෙන්නේ ය.
27
සමිඳුන්ගේ බලය හා තේජස දුර තියා ම පෙනෙන්නේ ය. ගින්න හා ඉන් නඟින දුම් එතුමන්ගේ උදහස දක්වන්නේ ය. කතා කළ විට එතුමන්ගේ වචන දැවෙන ගින්නක් හා සමාන වන්නේ ය.
28
සියල්ල ගසාගෙන යන ජලගැල්මක් මෙන් එතුමාණෝ තමන්ට පෙරටුවෙන් සුළඟක් එවන සේක. ඒ සුළඟින් ජාතීන් විනාශ වී ඔවුන්ගේ නපුරු උපායයෝ කෙළවර වන්නෝ ය.
29
එහෙත්, දෙවිඳුන්ගේ සෙනඟ වන ඔබ, ප්‍රීතියෙන් පිනා යන්නහු ය; ශුද්ධ මංගල්‍ය පවත්වන රාත්‍රියේ දී මෙන් ගී ගයන්නහු ය; ඉශ්රායෙල්හි ආරක්ෂකයාණන් වන සමිඳුන්ගේ මාලිගාවට යන මාර්ගයේ නළා තාලයට පියවර නඟන අය මෙන් ප්‍රීති වන්නහු ය.
30
සමිඳාණන් වහන්සේ තමන්ගේ මහිමාන්විත හඬ සියල්ලන්ට ඇසෙන්නට සලස්වා තමන්ගේ උදහසේ තද පරුෂකම සියල්ලන්ට දැනෙන්නට සලස්වන සේක. එවිට ගිනි දලු ද ධාරානිපාත වර්ෂාව ද වැහි කුණාටු ද ගල් වර්ෂා ද ඇති වන්නේ ය.
31
දෙවියන් වහන්සේගේ හඬ අසා, උන් වහන්සේගේ දඬුවමේ පහරට ගොදුරු වන විට අසිරියන්වරු භීතියෙන් ඇලළී යන්නෝ ය.
32
සමිඳාණන් වහන්සේ නැවත නැවත අසිරියන්වරුන්ට පහර දෙන අතර, උන් වහන්සේගේ සෙනඟ රබන් හා වීණා නාදය අනුව ප්‍රීති වන්නෝ ය. දෙවියන් වහන්සේ සිය බලය මෙහෙයවමින් අසිරියන්වරුන්ට විරුද්ධ ව සටන් කරන සේක.
33
මීට කලකට පෙර අසිරියාවේ රජ්ජුරුවන් පුළුස්සාදමන මහා ගින්නක් ඇති තැනක් සූදානම්කර තිබුණේ ය. එය ඉතා ගැඹුරු ය, පළල් ය. එහි උසට දර ගොඩ ගසා ඇත. එහි ගිනි දල්වන පිණිස සමිඳාණන් වහන්සේ ගිනි වැනි හුස්මක් ඒ පිට හෙළන සේක.
← Chapter 29
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 31 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66