bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
Job 30
Job 30
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 29
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 31 →
1
“එහෙත් දැන්, වයසින් බාල උදවිය මට සරදම් කරති. ඔවුන්ගේ පියවරු මාගේ ගව රැළ රකින බල්ලන් සමඟ නවතින්න වත් වටිත් යයි මම නොසිතුවෙමි.
2
ඔව්හු, වැඩපල කිරීමට දෑතේ ශක්තිය නැති, කාය බලය පිරිහී ගිය මනුෂ්‍යයෝ ය.
3
හිඟකම ද සාගතය ද නිසා දිවි රැක ගන්න පිණිස ඔව්හු පාළුකරයේ වියළි මුල් විකා කෑහ.
4
ඔව්හු, වල් පැළෑටි පඳුරු පිටින් උදුරාගත්හ; කටු ගස්වල මුල් ඔවුන්ගේ කෑම විය.
5
මිනිසුන් අතරෙහි ඔව්හු පලවා හරිනු ලැබූ හ. සොරුන්ට මෙන් ඔවුන්ට විරුද්ධ ව කෑගසමින් මිනිස්සු ඔවුන් ලුහුබැඳ ගියහ.
6
අඳුරු මිටියාවතේ අගල් හා කාණුවල ද පොළොවේ වළවල් හා ගුහාවල ද ඔව්හු වාසය කළහ.
7
කටු ගස් යට එක් රොක් වී පඳුරු අතර වන සතුන් මෙන් ඔව්හු බෙරිහන් දී කෑගැසූ හ.
8
ඔව්හු කමකට නැති, තකතීරුවන්ගේ පුතුන් මෙන් වූ හ. ඔව්හු රටෙන් නෙරපාදමනු ලැබූ හ.
9
එහෙත් දැන්, ඔවුන්ගේ සිනාවට ලක් වී විහිළුවක් වී සිටිමි.
10
ඔව්හු මා පිළිකුල් කොට මාගෙන් ඈත් වෙති; මාගේ මූණට කෙළ ගැසීමට වුවත් ඔවුන්ට බියක් නැත.
11
දෙවිඳුන් මා දුබලයෙකු, අසරණයෙකු කළ බැවින් ඔව්හු මා අබිමුව කිසි බියක් නැති ව හැසිරෙති.
12
මේ කලහකාරී පිරිස දකුණු පසින් මට පහර දෙති; මා තල්ලු කර දමති; මට විරුද්ධ ව අවසාන ප්‍රහාරයට සැරසී සිටිති.
13
ඔව්හු මාගේ මාර්ග අවහිර කරති; කිසි පිහිටක් නැති මට විපත්ති වැඩි කරති.
14
මාගේ කොටු පවුරු බිඳුණු තැන්වලින් ඇතුළට වැදී ඔව්හු මා පිට කඩා පනිති.
15
භීතියෙන් මම මිරිකී සිටිමි. මාගේ ගරුත්වය සුළං රැල්ලක් මෙන් ද මාගේ යස ඉසුරු වලාකුළක් මෙන් ද පහ ව ගියේ ය.
16
මාගේ අවසානය ඉතා ආසන්න ය. මාගේ විපතේ දී මට සහනයක් නැත.
17
රාත්‍රියේ දී මාගේ ඇටකටුවල වේදනාව ඇත. මා විකා කන, වේදනාවල අඩු වීමක් නැත.
18
එතුමාණෝ ප්රචණ්ඩ ලෙසින් මාගේ වස්ත්‍රය ග්‍රහණය කළහ. මාගේ කබායේ කරපටියෙන් දැඩි ලෙස අල්ලා ගත්හ.
19
එතුමාණන් මා මඩේ හෙළා ඇත; මම කුණු කසළ මෙන් වී සිටිමි.
20
මා ඔබට හඬ නැඟුවත් ඔබ පිළිතුරු නොදෙන සේක; මා නැඟිට අයැදුම් කළත් මට පිහිටක් නැත;
21
ඔබ මට කෲරතර ලෙස ක්‍රියා කරන සේක; ඔබේ මුළු බලය යොදා මට පීඩා කරන සේක.
22
ඔබ මා මාරුතයෙන් ගසාගෙන යන්නට හරින සේක. කුණාටුවෙන් ඒ මේ අත පෙරළෙන්නට සලස්වන සේක.
23
මරණ මංචකයට ද කාටත් නියම වූ තැනට ද ඔබ මා පමුණුවන බව මම දනිමි.
24
නටබුන් ගොඩක් වැනි මට විරුද්ධ ව ඔබ පහර දෙන්නේ මන් ද? මට කළ හැකි එක ම දෙය නම්, දයාව ඉල්ලා කන්නලව් කිරීම ය.
25
දුකට පත් වූවන් ගැන මා වැළපුණේ නැද් ද? දිළිඳුන් ගැන මාගේ හදවතෙහි කැක්කුමක් නොවී ද?
26
සැපත පැතූ මා වෙත පැමිණියේ විපත ය; එළිය පැතූ මා වෙත පැමිණියේ අඳුර ය.
27
දහදුකින් මම පීඩිත වී සිටිමි; විපත හැර අන් කිසිවක් මා ඉදිරියෙහි නැත.
28
මම අව්රශ්මියෙන් නොව ශෝකයෙන් කළු ව ඇවිදිමි; සභාව මැද නැඟිට පිහිට සොයා මොරහඬ දෙමි.
29
මම සිවලුන්ගේ සොහොයුරෙකු ද පැස්බරුන්ගේ සහචරයෙකු ද වී සිටිමි.
30
මාගේ හම කළු වී, එහි පොතු ගැලවී වැටෙයි; මාගේ ඇටකටු උණෙන් දැවී යයි.
31
මාගේ වීණා නාදය විලාප ශබ්දයට ද මාගේ නළා ස්වර ශෝක හඬට ද වෙනස් වී ඇත.”
← Chapter 29
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 31 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42