bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
John 6
John 6
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 7 →
1
ඉන්පසු ජේසුස් වහන්සේ ගලීල මුහුදෙන්, හෙවත් තිබේරියස් මුහුදෙන් එගොඩට වැඩම කළ සේක.
2
උන් වහන්සේ රෝගීන් සුව කරමින් කළ හාස්කම් දුටු බැවින් මහා සමූහයක් උන් වහන්සේ පසුපස්සේ ගියහ.
3
එවිට ජේසුස් වහන්සේ කන්දකට නැඟී තමන්ගේ ශ්‍රාවකයන් සමඟ එහි වැඩහුන් සේක.
4
ජුදෙව්වරුන්ගේ මංගල්‍යය වූ පාස්කුව ළං ව තිබිණි.
5
ජේසුස් වහන්සේ ඇස් ඔසවා බැලූ කල, තමන් ළඟට මහා සමූහයක් ඇදී එනු දැක, “මොවුන් හැම දෙනාට ම කන්නට දීමට අපි කොතැනින් රොටි මිලේට ගනිමු දැ”යි පිලිප්ගෙන් ඇසූ සේක.
6
උන් වහන්සේ මෙසේ වදාළේ ඔහු පරීක්ෂා කරන පිණිස ය. මන්ද, තමන් කරන්න යන්නේ කුමක් දැ යි උන් වහන්සේ ම දැන සිටි බැවිනි.
7
පිලිප් පිළිතුරු දෙමින්, “එකිනෙකාට ටික ටිකවත් දීමට රිදී කාසි දෙසියයක රොටි වුවත් නොසෑහේ ය”යි කී ය.
8
ශ්‍රාවකයන්ගෙන් එක් කෙනෙක් වූ සීමොන් පේදුරුගේ සොහොයුරු ඇන්ඩෘ උන් වහන්සේ අමතා,
9
“යව රොටි පහක් ද මසුන් දෙදෙනකු ද ඇති කොලුවෙක් මෙහි සිටියි. එහෙත් මෙපමණ දෙනෙකුන්ට එයින් කුමන පලක් දැ”යි ඇසී ය.
10
“මිනිසුන් හිඳුවන්නැ”යි ජේසුස් වහන්සේ වදාළ සේක. එතැන බොහෝ තණකොළ විය. ගණනින් පන්දහසක් පමණ පිරිමි එහි හිඳගත්හ.
11
එවිට ජේසුස් වහන්සේ රොටි ගෙන තුති පුදා, හිඳගෙන සිටි අයට බෙදා දුන් සේක. එලෙස ම මසුන්ගෙන් ද දුන් සේක. සියල්ලන්ට කැමැති තරම් කෑම ලැබුණේ ය.
12
ඔවුන් කා තෘප්තියට පැමිණි පසු, උන් වහන්සේ සිය ශ්‍රාවකයන් අමතා, “කිසිවක් නාස්ති නොවන ලෙස කැබලි එකතු කර ගන්නැ”යි වදාළ සේක.
13
මෙසේ කෑම වැළඳු අය, යව රොටි පහෙන් ඉතිරි කළ කැබලි එකතු කොට මලු දොළසක් පුරවාගන්නා ලදී.
14
සමූහයා මේ හාස්කම දුටු කල “සැබෑවට ම මෙතුමාණෝ ලොවට වඩින්නට සිටින දිවැසිවරයාණෝ ය”යි කී හ.
15
තමන් බලහත්කාරයෙන් අල්ලාගෙන, රජකමට පත් කරන්නට ඔවුන් සැරසෙන බව ජේසුස් වහන්සේ දැනගෙන, නැවත තනියම කන්දට වැඩිය සේක.
16
සවස් වූ කල, උන් වහන්සේගේ ශ්‍රාවකයෝ මුහුදට ගොස්,
17
ඔරුවට නැඟී මුහුදෙන් එතෙර කපර්ණවුමට යන්නට පිටත් වූ හ. රෑ බෝ වී තිබුණ නමුත්, ජේසුස් වහන්සේ ඒ තාක් ඔවුන් වෙත නො පැමිණි සේක.
18
තද සුළඟක් හැමූ බැවින් මුහුද කැළඹිණි.
19
ඔව්හු කිලෝමීටර් පහක් පමණ ඔරුව පැදගෙන ගිය කල, ජේසුස් වහන්සේ මුහුද මත ඇවිදිමින් ඔරුව ළඟට වඩින බව දැක බියපත් වූ හ.
20
එහෙත්, උන් වහන්සේ ඔවුන් අමතා, “මේ මම ය, බිය නො වන්නැ”යි වදාළ සේක.
21
ඔව්හු උන් වහන්සේ ඔරුවට පිළිගන්නට සතුටු වූ හ. එකෙණෙහි ම ඔරුව ඔවුන් යමින් සිටි රටට පැමිණියේ ය.
22
පසු දින උදේ මුහුදෙන් එගොඩ සිටි සමූහයා, එහි තිබුණේ එක ම ඔරුවක් පමණක් බවත්, ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ එයට නො නැඟුණු බවත්, ශ්‍රාවක පිරිස පමණක් එයට නැඟී ගිය බවත් දැක සිටියහ.
23
කෙසේ වුව ද, සමිඳාණන් වහන්සේ තුති පිදූ පසු රොටි වළඳන ලද ස්ථානය සමීපයට තිබේරියස් සිට ඔරු පැමිණියේ ය.
24
ජේසුස් වහන්සේ වත්, ශ්‍රාවකයන් වත් එහි නො සිටි බව සමූහයා දුටු කල, ඔව්හු ඒ ඔරුවලට නැඟී ජේසුස් වහන්සේ සොයමින් කපර්ණවුමට පැමිණියාහ.
25
මුහුදෙන් එගොඩ දී උන් වහන්සේ හමු වී, “ගුරුදේවයෙනි, ඔබ මෙහි වැඩියේ කොයි වේලේ දැ”යි ඔව්හු ඇසූ හ.
26
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඒකාන්තයෙන් මම ඔබට කියමි, ඔබ මා සොයන්නේ හාස්කම් දුටු නිසා නොව, රොටි කා තෘප්තියට පැමිණි නිසා ය.
27
නැති වී යන ආහාරය සඳහා නොව, සදාතන ජීවනයට ඉවහල් වන ආහාරය සඳහා වීර්ය වඩන්න. මේ ආහාරය ඔබට ප්රදානය කරන්නේ මනුෂ්‍ය-පුත්‍රයාණෝ ය. පියාණන් වන දෙවියන් වහන්සේ මුද්‍රාව තබා ඇත්තේ උන් වහන්සේ මත ය”යි වදාළ සේක.
28
එබැවින් ඔව්හු, “දෙවියන් වහන්සේගේ අභිප්‍රාය අනුව වැඩ කරන පිණිස අප කුමක් කටයුතු දැ”යි ඇසූ හ.
29
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේගේ අභිප්‍රාය වනුයේ, උන් වහන්සේ එවා වදාළ තැනැන් වහන්සේ ඔබ විසින් අදහාගැනීම ය”යි වදාළ සේක.
30
එවිට ඔව්හු, “එසේ නම්, අප විසින් දැක අදහාගන්නා පිණිස ඔබ කවර හාස්කමක් දක්වන සේක් ද? කවර ක්‍රියාවක් කරන සේක් ද?
31
අපේ පියවරු පාළුකරයෙහි දී මන්නා කෑහ. ‘බුදින පිණිස එතුමෝ ඔවුන්ට ස්වර්ගයෙන් ආහාර සැපයූහ’යි ලියා ඇතැ”යි උන් වහන්සේට කී හ.
32
එවිට ජේසුස් වහන්සේ, “ඒකාන්තයෙන් මම ඔබට කියමි, ස්වර්ගයෙන් ඔබට ආහාරය දුන්නේ මෝසෙස් නොවේ; ස්වර්ගයෙන් සැබෑ ආහාරය දෙන්නේ මාගේ පියාණන් වහන්සේ ය.
33
මන්ද, දෙවියන් වහන්සේ දෙන ආහාරය වනාහි, ස්වර්ගයෙන් පහළ වී ලෝකයට ජීවනය දෙන ආහාර ය”යි වදාළ සේක.
34
ඔව්හු ද, “ස්වාමීනි, ඒ ආහාරය නිතර ම අපට දුන මැනවැ”යි කී හ.
35
ජේසුස් වහන්සේ කතා කොට, “ජීවනදායක ආහාරය මම ය, මා වෙත පැමිණෙන යමෙක් වේ ද, ඔහුට සාගිනි නොවන්නේ ය. මා අදහන යමෙක් වේ ද, ඔහුට කිසි කලෙකත් පිපාසය නොවන්නේ ය.
36
එහෙත් මා කී ලෙස ම, ඔබ මා දුටු නමුත් මා නොඅදහන්නහු ය.
37
පියාණන් වහන්සේ මට දෙන සියල්ලෝ ම මා වෙතට පැමිණෙති; මා වෙතට පැමිණෙන්නා මම කිසි සේත් ඉවත නොදමමි.
38
මා ස්වර්ගයෙන් පහළ වූයේ මාගේ ම කැමැත්ත කරන පිණිස නොව, මා එවා වදාළ තැනැන් වහන්සේගේ කැමැත්ත කරන පිණිස ය.
39
මා එවා වදාළ උන් වහන්සේගේ කැමැත්ත නම්, උන් වහන්සේ මට දුන් සියල්ලන්ගෙන් එක් කෙනෙකු වත් නැති වන්නට නෑර, සියල්ලන් ම අන්තිම දවසේ දී මා විසින් උත්ථාන කරනු ලැබීම ය.
40
පුත්‍රයාණන් වහන්සේ දැක උන් වහන්සේ අදහාගන්නා හැම කෙනෙකු ම සදාතන ජීවනය ලැබීම මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ය. මම ද අන්තිම දවසේ දී ඔවුන් උත්ථාන කරන්නෙමි”යි වදාළ සේක.
41
එවිට, ‘ස්වර්ගයෙන් පහළ වූ ආහාරය මම ය’යි උන් වහන්සේ වදාළ බැවින්, ජුදෙව්වරු උන් වහන්සේ ගැන මැසිවිලි කියමින්,
42
“මොහු ජෝසෙප්ගේ පුත් ජේසුස් නොවේ ද? අප මොහුගේ මව ද පියා ද අඳුනන්නේ නැද් ද? ‘මම ස්වර්ගයෙන් බැස්සෙමි’යි ඔහු දැන් කියන්නේ කෙසේ දැ”යි කී හ.
43
ජේසුස් වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ අතරෙහි මැසිවිලි නොදොඩන්න.
44
මා එවා වදාළ පියාණන් වහන්සේ තමන් වෙත ඇද ගන්නා අයෙකුට මිස, අන් කිසිවෙකුට මා වෙතට පැමිණිය නොහැකි ය. මම අන්තිම දවසේ දී ඔහු උත්ථාන කරන්නෙමි.
45
‘සියල්ලෝ ම දෙවියන් වහන්සේ විසින් උගන්වනු ලබති’යි දිවැසාවලියෙහි ලියා ඇත. දෙවියන් වහන්සේට සවන් දී, උන් වහන්සේගෙන් ඉගෙනගත් සියල්ලෝ ම මා වෙත එති.
46
දෙවියන් වහන්සේ වෙතින් පැමිණි තැනැන් වහන්සේ හැර, අන් කිසිවෙකු දෙවියන් වහන්සේ දැක ඇතැ යි මෙයින් අදහස් නොකරමි, උන් වහන්සේ පමණක් පියාණන් වහන්සේ දැක ඇත.
47
ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, අදහන්නාට සදාතන ජීවනය ඇත.
48
ජීවනදායක ආහාරය මම ය.
49
ඔබේ පියවරු කාන්තාරයේ දී මන්නා කෑහ; එහෙත් ඔව්හු මියගියහ.
50
මෙය වනාහි, ස්වර්ගයෙන් බැස එන ආහාරය බැවින් එයින් පෝෂණය වන කිසිදු මිනිසෙක් නො මැරෙන්නේ ය.
51
ස්වර්ගයෙන් පහළ වන ජීවනදායක ආහාරය මම ය. යමෙක් මේ ආහාරයෙන් වැළඳුවොත්, ඔහු සදහට ම ජීවත් වන්නේ ය. මා විසින් දෙනු ලබන ඒ ආහාරය මාගේ මාංසය වේ. මා එය දෙන්නේ ලෝකයාගේ ජීවනය පිණිස ය”යි වදාළ සේක.
52
එවිට ජුදෙව්වරු ඔවුනොවුන් අතර විවාද කරමින්, “මේ මිනිසා, ඔහුගේ මාංසය අනුභව කරන පිණිස අපට දෙන්නේ කෙසේ දැ”යි කී හ.
53
එබැවින් ජේසුස් වහන්සේ ඔවුන් මෙසේ ඇමතූ සේක: “ඒකාන්තයෙන් මම ඔබට කියමි, ඔබ මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ මාංසය අනුභව නොකරන්නහු නම්, ඔහුගේ රුධිරය පානය නොකරන්නහු නම්, ඔබ තුළ ජීවනය නැත.
54
යමෙක් මාගේ මාංසය අනුභව කරන්නේ ද, මාගේ රුධිරය පානය කරන්නේ ද, ඔහුට සදාතන ජීවනය ඇත. තවද, මම ඔහු අන්තිම දවසේ දී උත්ථාන කරන්නෙමි.
55
මන්ද, මාගේ මාංසය සැබෑ ආහාරය වේ; මාගේ රුධිරය සැබෑ පානය වේ.
56
මාගේ මාංසය අනුභව කරන, මාගේ රුධිරය පානය කරන තැනැත්තේ මා තුළ ජීවත් වන්නේ ය; මම ද ඔහු තුළ ජීවත් වන්නෙමි.
57
ජීවමාන පියාණන් වහන්සේ මා එවා වදාළ බැවින්, මා පියාණන් වහන්සේ නිසා ජීවත් වන ලෙස ම, මා අනුභව කරන තැනැත්තේ, මා නිසා ජීවත් වෙයි.
58
මේ වනාහි ස්වර්ගයෙන් පහළ වූ ආහාරය වේ. එය අපේ පියවරුන් වැළඳූ ආහාර මෙන් නොවේ. ඒ ආහාරය වැළඳූ ඔව්හු මළහ. එහෙත්, මේ ආහාරය වළඳන තැනැත්තේ සදහට ම ජීවත් වන්නේ ය.”
59
උන් වහන්සේ කපර්ණවුමේ ධර්මශාලාවෙහි උගන්වමින් සිටිය දී මේ සියල්ල වදාළ සේක.
60
එය ඇසූ විට, උන් වහන්සේගේ ශ්‍රාවකයෝ බොහෝ දෙනෙක් “මෙය දරාගන්නට බැරි කීමකි, එතුමාණන්ට සවන් දී සිටිය හැක්කේ කාට දැ”යි තමන් අතරේ කතා කරගත්හ.
61
ශ්‍රාවකයන් මෙසේ මැසිවිලි කියන බව ජේසුස් වහන්සේ දිවැසින් දැන ඔවුන් අමතා, “මෙය ඔබට අධෛර්යයට පත්වීමට හේතුවක් ද?
62
එසේ නම්, මනුෂ්‍ය-පුත්‍රයාණන් පෙර සිටි තැනට නඟිනු බව ඔබ දුටුවොත් කෙසේ ද?
63
ජීවනය දෙන්නේ ආත්මය වේ. මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා ඔබට වදාළ වචන ආත්මය ද ජීවනය ද වෙයි.
64
එහෙත් නොඅදහන සමහරෙක් ඔබ අතරෙහි සිටිති”යි වදාළ සේක. එසේ වදාළේ, නොඅදහන්නෝ කවුරු ද කියාත්, තමන් වහන්සේ පාවා දෙන්නට යන්නේ කවරෙක් ද කියාත්, ජේසුස් වහන්සේ මුල සිට ම දැනගෙන සිටි බැවිනි.
65
එහෙයින් උන් වහන්සේ ඔවුන් අමතා, “මාගේ පියාණන් වහන්සේගෙන් වරය ලැබූ කෙනෙකුට මිස, අන් කිසිවෙකුට මා වෙතට පැමිණිය නො හැකි බව මා කීවේ ඒ නිසා ය”යි වදාළ සේක.
66
මේ නිසා එවක් පටන් උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් බොහෝ දෙනෙක් පසුබට වී, තවත් උන් වහන්සේ අනුව නොගියහ.
67
ජේසුස් වහන්සේ දොළොස් දෙනා අමතා, “ඔබත් ඉවත් ව යන්නට සිතන්නහු දැ”යි ඇසූ සේක.
68
සීමොන් පේදුරු පිළිතුරු දෙමින්, “ස්වාමීනි, අප කවරෙකු වෙතට යන්න ද? සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබ වහන්සේ වෙත ය.
69
ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධවරයාණන් වහන්සේ බව අපි අදහමු. එසේ ම ඒ බව දනිමු”යි කී ය.
70
ජේසුස් වහන්සේ කතා කොට, “ඔබ දොළොස් දෙනා තෝරාගත්තේ මම නොවෙම් ද? ඒ නමුත් ඔබෙන් එක් කෙනෙක් යක්ෂයෙක් ය”යි වදාළ සේක.
71
එසේ වදාළේ, සීමොන් ඉස්කාරියොත්ගේ පුත්‍ර වූ ජූදස් ගැන ය. ජේසුස් වහන්සේ පාවා දෙන්නට සිටියේ දොළොස් දෙනාගෙන් එක් කෙනෙක් වූ ඔහු ය.
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 7 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21