bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
Jonah 1
Jonah 1
Sinhala SNRV (New Revised Version 2018)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 2 →
1
සමිඳාණන් වහන්සේගෙන් අමිත්තයිගේ පුත් ජෝනාට පැමිණි පණිවුඩය මෙසේ ය:
2
“නැඟිට නිනිවය නම් ශ්‍රේෂ්ඨ නගරයට ගොස් ඊට විරුද්ධ ව මොරගසන්න; මන්ද, එහි වැසියන්ගේ දුෂ්ටකම මට ඉතා හොඳින් පෙනේ.”
3
එහෙත්, ජෝනා සමිඳාණන් වහන්සේ මඟ හැර පලා යන පිණිස තර්ෂිෂ්ට යන්නට පිටත් විය. ඒ සඳහා ඔහු ජොප්පාවට ගියේ ය. එහි දී ඔහුට තර්ෂිෂ්ට යන නැවක් හමු වී, ඊට ගාස්තුව ගෙවා සමිඳාණන් වහන්සේ වෙතින් පලා යන පිණිස තර්ෂිෂ් බලා යන නැවකට නැඟුණේ ය.
4
එහෙත්, සමිඳාණන් වහන්සේ මුහුද පිට තද සුළඟක් හමන්න සැලැසූ සේක. එයින් මුහුදේ මහා කුණාටුවක් ඇති වී නැව බිඳෙන්නට විය.
5
එවිට නාවිකයෝ බිය වී, එක එකා තම තමාගේ දෙවියන්ට මොරගැසුවෝ ය. ඔව්හු නැව සැහැල්ලු කරගන්න පිණිස එහි තිබුණු බඩු මුහුදට වීසි කළෝ ය. එහෙත්, ජෝනා නැවේ පහත තට්ටුවට බැස ගොස් බර නින්දකට වැටී හුන්නේ ය.
6
එවිට නැව්පතියා ඔහු ළඟට අවුත්, “ඔබ හොඳට ම නිදාගෙන සිටීමේ තේරුම කුමක් ද? නැඟිට ඔබේ දෙවියන්ගෙන් පිහිට ඉල්ලන්න. සමහර විට උන් වහන්සේ අප විනාශ නොවන ලෙස අප ගැන සලකනු ඇතැ”යි කී ය.
7
එකල නාවික පිරිස තම තමන් අතරේ කතා කරගනිමින්, “මේ විපත්තිය අපට පැමිණියේ කවරෙකු නිසා දැ යි දැනගන්න පිණිස පස ඇට දමමු”යි කී හ. ඒ අනුව ඔව්හු පස ඇට දැමූ හ. පස ඇටය ජෝනාට වැටිණි.
8
එවිට ඔව්හු ජෝනාගෙන් ප්‍රශ්න කරමින්, “අපට පැමිණි මේ වින්නැහියට වගකිව යුත්තේ කවරෙක් ද? ඔබේ රැකියාව කුමක් ද? ඔබ කොහේ සිට ආවෙහි ද? ඔබේ රට කුමක් ද? ඔබේ ජාතිය කුමක් දැ”යි ඇසූ හ.
9
ඔහු පිළිතුරු දෙමින්, “මම හෙබ්‍රෙව් ජාතිකයෙක්මි. මම මුහුදත්, ගොඩබිමත් මැවූ ස්වර්ගයේ දෙවි සමිඳාණන් වහන්සේ අදහමි”යි කී ය.
10
ඔහු සමිඳාණන් වහන්සේ වෙතින් පලා යන බව ඔවුන් දැනගෙන සිටි නිසා ඔව්හු ඉතා බියපත් වී, “ඔබ කළ මේ හදිය කුමක් දැ”යි ඇසූ හ.
11
කුණාටුව වඩ වඩාත් වේගවත් වූ බැවින්, “මුහුද නිශ්චල වන පිණිස අප ඔබට කුමක් කළ යුතු දැ”යි ඔව්හු ඔහුගෙන් ඇසූ හ.
12
“මා රැගෙන මුහුදට බිලි දෙන්න. එවිට මුහුද නිශ්චල වනු ඇත. මේ මහ කුණාටුව ඇති වී තිබෙන්නේ මා නිසා බව මම දනිමි”යි ඔහු ඔවුන්ට කීවේ ය.
13
කෙසේ වෙතත්, නාවික පිරිස වෙරළට පැමිණෙන පිණිස වඩාත් වීර්යයෙන් නැව පැදවූ හ. එහෙත්, මුහුද වඩ වඩා සැරෙන් ඔවුන්ට විරුද්ධ ව නැඟී ආ බැවින් ඔවුන්ට එසේ කරන්නට බැරි විය.
14
එවිට ඔව්හු සමිඳාණන් වහන්සේට හඬ ගසා, “අහෝ සමිඳුනි, මේ මිනිසාගේ ප්‍රාණය නිසා අප පිට විනාශයක් නො වේ වා! නිදොස් කෙනෙකුගේ මරණයට අපි වගකිව යුත්තෝ නොවෙම් වා! මන්ද, සමිඳුනි, ඔබේ කැමැත්ත පරිදි ඔබ ක්‍රියා කළ සේකැ”යි කී හ.
15
ඉන්පසු ඔව්හු ජෝනා මුහුදට බිලි දුන්හ. එවිට මුහුදේ කැළඹීම නැවතිණි.
16
මේ හේතුවෙන් නාවික පිරිස සමිඳාණන් වහන්සේ කෙරෙහි අතිශයින් බියපත් වී, උන් වහන්සේට පූජාවක් ඔප්පු කර බාරහාර පිදූ හ.
17
සමිඳාණන් වහන්සේ ද ජෝනා ගිලගන්න පිණිස මහා මත්ස්‍යයෙකු සූදානම් කළ සේක. ඒ මත්ස්‍යයාගේ කුස තුළ ජෝනා දාවල් තුනක් ද රෑ තුනක් ද සිටියේ ය.
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 2 →
All chapters:
1
2
3
4