bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
Leviticus 1
Leviticus 1
Sinhala SNRV (New Revised Version 2018)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 2 →
1
සමිඳාණන් වහන්සේ මෝසෙස් කැඳවා, සම්මුඛ මණ්ඩපයෙන් ඔහු අමතමින්,
2
“ඉශ්රායෙල් ජනයාට කතා කොට ඔවුන්ට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “නුඹලා අතරෙන් යමෙකු සමිඳාණන් වහන්සේට පූජාවක් ගෙනෙන විට, ඒ සඳහා ගව පට්ටියෙන් හෝ එළු බැටළු පට්ටියෙන් හෝ සතෙකු ගෙන ආ හැකි ය.
3
ඔහුගේ පූජාව ගව පට්ටියෙන් ගත් දවන යාග පූජාවක් නම්, ඔහු නොකැළැල් පිරිමි සතෙකු ඔප්පු කළ යුතු ය. තවද, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගනු ලබන පිණිස ඔහු සම්මුඛ මණ්ඩපයේ දොරකඩ දී ඌ පිදිය යුතු ය.
4
ඔහු දවන යාග පූජාව පිණිස ගත් සතාගේ හිස මත අත තැබිය යුතු ය. එවිට ඔහුට පව් කමාව දීම සඳහා ඔහු වෙනුවෙන් ඌ පිළිගනු ලැබේ.
5
ඔහු ඉන්පසු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සතා මැරිය යුතු ය. එවිට ආරොන්ගේ පුත්රයන් වන පූජකයන් උගේ ලේ ඔප්පු කොට, ඒ ලෙය සම්මුඛ මණ්ඩපයේ දොරකඩ තිබෙන පූජාසනය පිට හාත්පස ම ඉසිය යුතු ය.
6
පසුව ඔවුන් දවන යාග පූජාවට ගත් සතා හම ගසා ඌ කෑලිවලට කැපිය යුතු ය.
7
පූජක ආරොන්ගේ පුත්රයන් ද පූජාසනය මත ගිනි දල්වා, ඒ ගිනි පිට පිළිවෙළින් දර තැබිය යුතු ය.
8
ආරොන්ගේ පුත්රයන් වන පූජකයන් පූජාසනය මත ඇති ඒ ගිනි පිට, දර උඩ සතාගේ හිස, තෙල ඇතුළු කොටස් පිළිවෙළින් තැබිය යුතු ය.
9
එහෙත්, උගේ අතුණු ද කකුල් ද වතුරෙන් සෝදා, පූජකවරයා ඒ සියල්ල පූජාසනය මත දැවිය යුතු ය. එවිට ගින්නෙන් දවා පුදන ලද, මේ දවන යාග පූජාව සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් වනු ඇත.
10
“තවද, යමෙක් දවන යාගය සඳහා පට්ටියෙන් ගත් බැටළුවෙකු හෝ එළුවෙකු හෝ පූජාව වශයෙන් ගෙනෙන්නේ නම්, ඌ ද නොකැළැල් පිරිමි සතෙකු විය යුතු ය.
11
පූජාසනයට උතුරු පැත්තේ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඌ මැරිය යුතු ය. ආරොන්ගේ පුත්රයන් වන පූජකයන් උගේ ලේ ගෙන පූජාසනය පිට හාත්පසින් ඉසිය යුතු ය.
12
ඉන්පසු ඌ කෑලිවලට කපා, පූජකවරයා උගේ කොටස් ද, හිස හා තෙල ද පූජාසනය මත ඇති ගිනි උඩ, දර පිට පිළිවෙළින් තැබිය යුතු ය.
13
උගේ අතුණු ද කකුල් ද වතුරෙන් සෝදා, පූජකවරයා ඒ සියල්ල ගෙන පූජාසනය මත දැවිය යුතු ය. ගින්නේ දවා පුදන ලද මේ දවන යාග පූජාව සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් වනු ඇත.
14
“සමිඳාණන් වහන්සේට ඔප්පු කරන දවන යාගය පක්ෂියෙක් නම්, ඌ කොබෙයියෙකු හෝ පරෙවි පැටියෙකු හෝ විය යුතු ය.
15
පූජකවරයා ද ඌ පූජාසනයේ ඔප්පු කොට, උගේ බෙල්ල කඩා පූජාසනය මත ඌ දැවිය යුතු ය. උගේ ලේ පූජාසනයේ පැත්තකින් ගලා යන්නට හැරිය යුතු ය.
16
ඉන්පසු ඔහු උගේ ගොදුරු බොක්ක ද පිහාටු ද පහ කොට, ඒවා පූජාසනයේ නැගෙනහිර පැත්තෙන් වූ අළු දමන තැන දැමිය යුතු ය.
17
පසුව උගේ අත්තටු සමඟ කෑලි දෙකකට වෙන් නොවන සේ ඌ පළා, පූජාසනයේ ගිනි පිට ඇති දර උඩ තබා දැවිය යුතු ය. ගින්නේ දවා පුදන ලද මේ දවන යාගය සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳකි.”
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 2 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27