bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
Luke 17
Luke 17
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 16
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 18 →
1
උන් වහන්සේ ශ්‍රාවකයන්ට කතා කරමින්, “මිනිසුන් පාපයට පමුණුවන හේතුන් ඇති වීම නියත ය. එහෙත් යමෙකු නිසා ඒ හේතු පැමිණේ ද, ඔහුට වන විපතක මහත!
2
මේ කුඩා අයගෙන් කෙනෙකුගේ වැටීමට යමෙක් හේතු වනු ඇද්ද, ඔහුගේ ගෙළ වටා ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ හෙළනු ලැබීම ඔහුට ඊට වඩා යහපති.
3
පරිස්සම් වන්න; ඔබේ සහෝදරයා පව්කළොත් ඔහුට තරවටු කරන්න; ඔහු පසුතැවී සිත් හරවා ගනී නම් ඔහුට කමා වන්න.
4
දවසකට සත් වරක් ඔබට විරුද්ධ ව පව් කොට, සත් වරක් ඔබ වෙතට හැරී, ‘මම පසුතැවී සිත හරවා ගතිමි’යි කීවොත්, ඒත් ඔහුට කමා වන්නැ”යි වදාළ සේක.
5
එවිට අපෝස්තුළුවරු කතා කොට, “අපේ ඇදහිල්ල වැඩි කළ මැනවැ”යි සමිඳාණන් වහන්සේට කී හ.
6
සමිඳාණන් වහන්සේ කතා කොට, “අබ ඇටයක් පමණ ඇදහිල්ල ඇති ව, මේ ඇඹිල්ල ගහට, ‘ඉදිරී ගොස්, මුහුදේ පැලවෙව’යි කියන්නහු නම්, එය ඔබට කීකරු වනු ඇත.
7
එහෙත්, ඔබ අතරෙන් යමෙකුට සීසාන හෝ බැටළුවන් බලන හෝ දාසයෙක් සිටී නම් කෙතේ සිට ආ කල, ‘වහාම ඇවිත් කෑමට ඉඳ ගන්නැ’යි කියන්නෙහි ද?
8
එසේ නොව, ‘මට කෑම බීම පිළියෙළ කොට, ඇඳගෙන ලෑස්ති වී, කා බී නිම වන තුරු මට උපස්ථාන කරන්න; ඉන්පසු ඔබ කන්න බොන්නැ’යි කියන්නේ නැද් ද?
9
ඒ දාසයා තමාට අණ කළ දේ කළ බැවින් ස්වාමියා ඔහුට ස්තුති කරයි ද? නැත.
10
එසේ ම ඔබත් ඔබට අණ කළ සියල්ල කළ පසු, ‘අපි දාසයෝ ය, ස්තුතියක් අපට හිමි නැත, කළ යුතු දෙය පමණක් අපි කෙළෙමු’යි කියන්නැ”යි වදාළ සේක.
11
ජේසුස් වහන්සේ ජෙරුසලම බලා යද්දී, සමාරිය හා ගලීලය මැදින් ගමන් ගත් සේක.
12
උන් වහන්සේ එක් ගමකට ඇතුළු වූ කල, ලාදුරු රෝගීහු දස දෙනෙක් උන් වහන්සේට හමු වූ හ.
13
ඔව්හු දුරින් සිට, “ජේසුස් වහන්ස, ආචාරීනි, අපට කරුණා කළ මැනවැ”යි හඬ නඟා කී හ.
14
උන් වහන්සේ ඔවුන් දැක, “ඔබ ගොස් පූජකවරුන් අබිමුවෙහි පෙනී සිටින්නැ”යි වදාළ සේක.
15
ඔව්හු එසේ යද්දී පවිත්‍ර වූ හ. ඔවුන්ගෙන් එක් කෙනෙක් තමා සුව වූ බව දැක, මහ හඬින් දෙවියන් වහන්සේට ගෞරව කරමින් පෙරළා අවුත්,
16
උන් වහන්සේගේ පාමුල වැඳ වැටී උන් වහන්සේට ස්තුති කෙළේ ය. ඔහු වනාහි සමාරීය ජාතිකයෙකි.
17
ජේසුස් වහන්සේ කතා කරමින්, “දහ දෙනෙක් ම පවිත්‍ර වූවා නොවේ ද? අනෙක් නව දෙනා කොහේ ද?
18
මේ විජාතිකයා හැර, දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස වෙන කිසිවෙක් හැරී ආවේ නැද් ද” කියා,
19
ඔහුට කතා කොට, “නැඟිට යන්න, ඔබේ ඇදහිල්ල ඔබ සුව කෙළේ ය”යි වදාළ සේක.
20
“දෙවියන් වහන්සේගේ රාජ්‍යය කවර කලෙක පහළ වන්නේ දැ”යි පරිසිවරුන් ඇසූ බැවින්, උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, “දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඇසට පෙනෙන අයුරින් නොපැමිණෙයි.
21
මෙන්න මෙතැන ය, අන්න අතැන යයි කිසිවෙකුට කිව නොහැකි ය; මන්ද, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ අතරෙහි ය”යි වදාළ සේක.
22
උන් වහන්සේ ශ්‍රාවකයන්ට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය-පුත්‍රයාණන් වැඩ සිටින දවස්වලින් එකක් වුව ද දැකීමට ඔබ ආශාවන කාලයක් පැමිණෙයි; එහෙත් ඔබ එය නොදක්නාහු ය.
23
‘අන්න, එතැන ය! මෙන්න මෙතැන ය!’යි ඔවුන් කියන කල, පිටත් වී එය පසුපස්සේ නොයන්න.
24
අහසෙහි එක් දිශාවකින් පහළ වන විදුලිය අහසේ අනෙක් දිශාව දක්වා බබළන්නාක් මෙන්, මනුෂ්‍ය-පුත්‍රයාණෝ පහළ වන දවසේ දී බබළන සේක.
25
එහෙත් පළමුකොට එතුමාණෝ බොහෝ දුක් විඳ මේ පරම්පරාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිය යුත්තාහ.
26
තවද නෝවාගේ දවස්වල දී වූ ලෙස ම, මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ දවස්වල දී ද වන්නේ ය.
27
නෝවා නැවට පිවිසුණු දිනය දක්වා මිනිස්සු කමින්, බොමින්, ආවාහ විවාහ වෙමින් කල් යැවූ හ. එවිට ජල ගැල්ම පැමිණ ඔවුන් සියල්ලන් විනාශ කර දැමී ය.
28
ලොත්ගේ දවස්වල දී ද එසේ ම විය; ඔව්හු කමින්, බොමින්, වෙළහෙළඳාම් කරමින්, වවමින්, ගෙවල් සාදමින් කල් යැවූ හ:
29
එහෙත් ලොත් සොදොම්හි සිට නික්ම ගිය දා, අහසින් ගිනි සහ ගෙන්දගම් වැසි වැස, සියල්ලන් විනාශ කර දැමී ය.
30
මනුෂ්‍ය-පුත්‍රයාණන් ප්‍රකාශ වන දිනයේ දී ද ඒ අයුරින් ම වන්නේ ය.
31
ඒ දවසේ දී පියස්ස මත සිටින්නා ගෙයි තිබෙන තම බඩු බාහිරාදිය ගෙනයනු පිණිස බිමට නොබසීවා. එසේ ම කෙතේ සිටින්නා පෙරළා නොඒවා.
32
ලොත්ගේ භාර්යාව සිහි කරන්න.
33
සිය ජීවිතය රැකගන්නට සොයන්නා එය නැති කර ගන්නේ ය. සිය ජීවිතය නැති කරගන්නා එය රැක ගන්නේ ය.
34
මෙය ඔබට කියමි, ඒ රැයේ දී මනුෂ්‍යයන් දෙදෙනෙක් එක යහනක සිටිති; එක් කෙනෙක් ගනු ලබන්නේ ය, අනෙකා හැර දමනු ලබන්නේ ය.
35
ස්ත්‍රීහු දෙදෙනෙක් එකට ධාන්‍ය අඹරමින් සිටිති; එක තැනැත්තියක් ගනු ලබන්නී ය, අනෙක් තැනැත්තිය හැර දමනු ලබන්නී ය.
36
මනුෂ්‍යයන් දෙදෙනෙක් කෙතෙහි සිටිති; එක් කෙනෙක් ගනු ලබන්නේ ය; අනෙකා හැර දමනු ලබන්නේ ය.”
37
එවිට ඔව්හු උත්තර දෙමින්, “ස්වාමීනි, ඒ කොතැන්හි දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. උන් වහන්සේ උත්තර දෙමින්, “මළකුණ කොතැන ද, ගිජු ලිහිණියෝ එතැන රැස්වෙති”යි වදාළ සේක.
← Chapter 16
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 18 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24