bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
Mark 11
Mark 11
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 12 →
1
ඔව්හු ජෙරුසලමට ළං ව ඔලීව කන්දට නුදුරු බෙත්පාගයට හා බෙතානියට පැමිණියහ. උන් වහන්සේ සිය ශ්‍රාවකයන් දෙදෙනෙකු යවමින්,
2
“ඔබ ඉදිරියේ ඇති ගමට යන්න; ගිය කෙණෙහි ම කිසිවෙකු කිසි කලක නොනැඟුණු, බැඳ සිටින කොටළු නාම්බෙකු ඔබට සම්බ වනු ඇත; ඌ ලිහා මෙහි ගෙනෙන්න.
3
‘ඔබ මෙය කරන්නේ මන්දැ’යි යමෙකු ඇසුවොත්, ‘සමිඳාණන් වහන්සේ හට උගෙන් වැඩක් ඇත; නොපමාව ඌ ආපසු එවනු ඇතැ’යි ඔවුන්ට කියන්නැ”යි වදාළ සේක.
4
ඔව්හු ගොස්, දොර ළඟ පිටත වීදියෙහි දිගේලි කොට සිටි කොටළු නාම්බෙකු දැක ඌ ලිහුවෝ ය.
5
එහි සිටි අයගෙන් ඇතැමෙක් කතා කොට, “කොටළු නාම්බා ලිහන්නේ මන්දැ”යි ඇසූහ.
6
ජේසුස් වහන්සේ වදාළ ලෙසම ඔව්හු ඔවුන්ට පිළිතුරු දුන්හ. එවිට ඔව්හු ඔවුන්ට ඉඩ දුන්නෝ ය.
7
ඔව්හු කොටළු නාම්බා ජේසුස් වහන්සේ වෙතට ගෙනවුත් තමන්ගේ උතුරු සළු ඌ පිට එළාලූ හ. උන් වහන්සේ ද ඌ පිට හිඳගත් සේක.
8
එවිට බොහෝ දෙනෙක් තමන්ගේ සළු ද, අන් අය වතුපිටිවලින් කපා ගත් කොළ අතු ද මඟ අතුළෝ ය.
9
පෙරටුවෙන් හා පිටුපසින් ගිය අය “හෝසන්නා! සමිඳුන් නමින් වඩිනා මෙතුමාණන් හට ආසිරි වේ වා!,
10
අපේ පිය වූ දාවිත්ගේ මතු පැමිණෙන රාජ්‍යයට ආසිරි වේ වා!, අති උසස් තැන්හි හෝසන්නා!” කියා මොරගැසූහ.
11
ජේසුස් වහන්සේ ජෙරුසලමට පැමිණ දේව මාලිගාවට ඇතුළු ව අවට සියල්ල නරඹා, සවස් වූ බැවින් දොළොස් දෙනා සමඟ බෙතානිය බලා නික්ම ගිය සේක.
12
පසු දා ඔවුන් බෙතානියෙන් නික්ම ගිය කල උන් වහන්සේට බඩගිනි විය.
13
උන් වහන්සේ කොළ ඇති අත්තික්කා ගසක් දුර දී දැක, ඉන් යමක් ලැබේ දෝ යි සිතමින් එහි වැඩිය සේක. ගස ළඟට පැමිණි කල, කොළ මිස අන් කිසිවක් සම්බ නො වී ය. ඒ අත්තික්කා වාරය නුවූ බැවිනි.
14
උන් වහන්සේ, “මෙවක් පටන් සදහට ම කිසිවෙක් කිසි කලෙක තාගෙන් පල අනුභව නොකරත්වා”යි ගසට වදාළ සේක. එය උන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ඇසිණි.
15
ඔව්හු ජෙරුසලමට පැමිණියෝ ය. උන් වහන්සේ දේව මාලිගාවට පිවිස එහි වෙළහෙළඳාම් කළවුන් පිටතට පලවා හරින්න පටන්ගෙන, මුදල් මාරු කරන්නන්ගේ මේස ද පරෙවි වෙළෙඳුන්ගේ ආසන ද පෙරළා දමා,
16
දේව මාලිගාව මැදින් කිසිදු දෙයක් ගෙන යන්න කිසිවෙකුට ඉඩ නුදුන් සේක.
17
උන් වහන්සේ ඔවුන්ට උගන්වමින්, “ ‘මාගේ ගෘහය සියලු ජාතීන්ට යාච්ඤාවේ ගෘහයකැ’යි කියනු ලබන බව ලියා නැද් ද? එහෙත් ඔබ එය හොරුන්ගේ ගුහාවක් කර ඇතැ”යි වදාළ සේක.
18
නායක පූජකවරු ද විනයධරයෝ ද ඒ අසා උන් වහන්සේ නසාදැමීමට මඟක් සෙවූ හ. මන්ද, උන් වහන්සේගේ අනුශාසනා ගැන මුළු සමූහයා විස්මිත වූ බැවින් ඔව්හු උන් වහන්සේට බිය වූ හ.
19
සවස් වූ විට උන් වහන්සේ නුවරින් නික්ම ගිය සේක.
20
ඔව්හු පසු දා උදේ යද්දී, අත්තික්කා ගස; මුල පටන් වියළී තිබෙනු දුටුවෝ ය.
21
ඒ සිද්ධිය මතක් වී, පේදුරු කතා කරමින්, “බලන්න ගුරුදේවයෙනි, ඔබ සාප කළ අත්තික්කා ගස වියළී තිබේ ය”යි කී ය.
22
ජේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, මෙසේ වදාළ සේක: “දෙවියන් වහන්සේ අදහාගන්න.
23
සැබැවින් ම මම ඔබට කියමි, කවරෙක් නමුත් මේ කන්දට, ‘ඉදිරීගොස්, මුහුදෙහි පතිත වේ වා’යි කියා, තමා කියන ඒ දේ සිදු වන්නේ ම යයි නිසැක සිතින් අදහන්නේ නම් එය සිදු වන්නේ ම ය.
24
එබැවින් මම ඔබට කියමි, ඔබ යාච්ඤාවෙන් අයැදින කවර දෙයක් වුව ද, එය ඔබට ලැබුණේ යයි අදහන්න. එවිට එය ඔබට ලැබෙන්නේ ම ය.
25
ඔබ නැඟිට යාච්ඤා කරන විට කිසිවෙකුට විරුද්ධ ව කිසිවක් ඇත්නම් කමා කරන්න. එසේ කළ යුත්තේ ස්වර්ගයෙහි වැඩ වසන පියාණන් වහන්සේත් ඔබේ වැරදිවලට කමා කරන පිණිස ය.
26
එහෙත් ඔබ කමා නොකරන්නහු නම්, ස්වර්ගයෙහි වැඩ වසන පියාණන් වහන්සේ ද ඔබේ වැරදිවලට කමා නොවන සේක.”
27
ඔව්හු යළිත් ජෙරුසලමට පැමිණියෝ ය. උන් වහන්සේ දේව මාලිගාවෙහි සක්මන් කරන කල, නායක පූජකවරු ද විනයධරයෝ ද ප්‍රජා මූලිකයෝ ද උන් වහන්සේ වෙත අවුත්,
28
“ඔබ මේ දේවල් කරන්නේ කවර අධිකාරි බලයකින් ද? මේ දේවල් කිරීමට මේ බලය ඔබට පැවරුවේ කවරෙක් දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.
29
ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, “මමත් ඔබෙන් ප්‍රශ්නයක් අසමි. මට පිළිතුරු දෙන්න; එවිට මේ දේවල් කරන්නේ කවර බලයකින් දැ යි මම ඔබට කියන්නෙමි.
30
ජොහන් බව්තීස්ම-ස්නාපනය කිරීමේ බලය ලැබුවේ දෙවියන් වහන්සේගෙන් ද නැතහොත් මනුෂ්‍යයන්ගෙන් ද? මට පිළිතුරු දෙන්නැ”යි වදාළ සේක.
31
ඔව්හු තම තමන් අතර විවාද කරමින්, “ ‘දෙවියන් වහන්සේගෙන් ය’යි අප කීවොත්, ‘ඔහු අදහා නොගත්තේ මන්දැ’යි අපට කියනු ඇත.
32
එසේ නම්, ‘මනුෂ්‍යයන්ගෙන් ය’යි කියමු ද?” ජොහන් සැබැවින් ම ‘දිවැසිවරයෙකැ’යි කොයි කවුරුනුත් පිළිගත් බැවින් ඔව්හු සෙනඟට භයින්, “එසේ නොකියමු”යි තීරණය කොට,
33
“අපි නොදනිමු”යි ජේසුස් වහන්සේට පිළිතුරු දුන්හ. ජේසුස් වහන්සේ ද, “මේ දේවල් කරන්නේ කවර අධිකාරි බලයකින් දැ යි මමත් ඔබට නොකියමි”යි වදාළ සේක.
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 12 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16