bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 John 2
1 John 2
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 3 →
1
මාගේ ප්‍රිය දරුවෙනි, මේ කාරණා ඔබ සැමට ලියා එවන්නේ ඔබ සැම පව් නොකරන පිණිසය. යමෙක් පව්කළොත් ධර්මිෂ්ඨවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන මැදහත්කාරයෙක් පියාණන්වහන්සේ වෙත අපට සිටිනසේක.
2
උන්වහන්සේ අපේ පව් උදෙසා ශාන්තිකර පූජාවය; අපේ පව් උදෙසා පමණක් නොව මුළු ලෝකයාත් උදෙසාය.
3
අපි උන්වහන්සේගේ ආඥා පවත්වමු නම්, අපි උන්වහන්සේ අඳුනන බව එයින් දනිමුව.
4
උන්වහන්සේ අඳුනමියි කියා උන්වහන්සේගේ ආඥාවන් නොපවත්වන තැනැත්තේ බොරුකාරයෙක්ය, සැබෑවද ඔහු තුළ නැත.
5
නුමුත් යමෙක් උන්වහන්සේගේ වචනය පවත්වන්නේද, ඔහු තුළ සැබෑවටම දෙවියන්වහන්සේගේ ප්‍රේමය සම්පූර්ණවී තිබේ. අපි උන්වහන්සේ තුළ සිටින බව එයින් දනිමුව.
6
උන්වහන්සේ තුළ පවතිමියි කියන තැනැත්තා විසින් උන්වහන්සේ හැසුරුණාක්මෙන් හැසිරිය යුතුය.
7
ප්‍රේමවන්තයෙනි, මා ඔබ සැමට ලියා එවන්නේ අලුත් ආඥාවක් නොව පටන්ගැන්මේ සිට ඔබ සැමට තිබුණු පරණ ආඥාවක්ය. ඒ පරණ ආඥාව නම් ඔබ සැම ඇසූ වචනය වේ.
8
නැවතත් අලුත් ආඥාවක් ඔබ සැමට ලියා එවමි, එය උන්වහන්සේ තුළද ඔබ සැම තුළද සැබෑය; මක්නිසාද අන්ධකාරය පහවේගන යයි, සැබෑවූ ආලෝකය දැනටම බබළයි.
9
ආලෝකයෙහි පවතිමියි කියමින් තමාගේ සහෝදරයාට වෛරවෙන්නා මේතාක් අඳුරෙහි සිටියි.
10
තමාගේ සහෝදරයාට ප්‍රේමවෙන්නා ආලෝකයෙහි පවතියි, පැකිලීමට කාරණයක්ද ඔහු තුළ නැත.
11
නුමුත් තමාගේ සහෝදරයාට වෛරවෙන්නා අන්ධකාරයෙහි සිටියි, අන්ධකාරයෙහි හැසිරෙයි, අන්ධකාරය ඔහුගේ ඇස් අන්ධකළ නිසා තමා කොතැනට යන්නේදැයි ඔහු නොදනියි.
12
මාගේ ප්‍රිය දරුවෙනි, ඔබ සැමට ලියා එවන්නේ, උන්වහන්සේගේ නාමය නිසා ඔබ සැමගේ පව් කමාකරනු ලැබූ බැවින්ය.
13
පියවරුනි, මා ඔබ සැමට ලියා එවන්නේ, ඔබ සැම පටන්ගැන්මේ සිට සිටින්නාවූ තැනන්වහන්සේව අඳුනන බැවින්ය. තරුණයෙනි, ඔබ සැමට ලියා එවන්නේ, ඔබ සැම නපුරාගෙන් ජයගෙන සිටින බැවින්ය. ප්‍රිය දරුවෙනි, ඔබ සැමට ලියා එවුවේ, ඔබ සැම පියාණන්වහන්සේ අඳුනන බැවින්ය.
14
පියවරුනි, ඔබ සැමට ලියා එවුවේ, ඔබ සැම පටන්ගැන්මේ සිට සිටින්නාවූ තැනැන්වහන්සේව අඳුනන බැවින්ය. තරුණයෙනි, ඔබ සැමට ලියා එවුවේ, ඔබ සැම ශක්තිමත් බැවිනුත් ඔබ සැම තුළ දෙවියන්වහන්සේගේ වචනය පවතින බැවිනුත් නපුරාගෙන් ඔබ සැම ජයගත් බැවිනුත්ය.
15
ලෝකයටවත් ලෝකයෙහි තිබෙන දේවලටවත් ප්‍රේම නොකරන්න. යමෙක් ලෝකයට ප්‍රේමකෙරේ නම්, පියාණන්වහන්සේ කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත.
16
මක්නිසාද ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් පියාණන්වහන්සේගෙන් නොව ලෝකයෙන් වේ.
17
ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.
18
ප්‍රිය දරුවෙනි, මේක අන්තිම කාලයය. විරුද්ධ-ක්‍රිස්තුස් එන බව ඔබ සැම ඇසූ ලෙසම දැනටම බොහෝ විරුද්ධ-ක්‍රිස්තුස්වරු නැගිට සිටිති; මෙයින් මේක අන්තිම කාලය බව අපි දනිමුව. ඔව්හු අප කෙරෙන් ගියෝය,
19
නුමුත් ඔවුන් අපට අයිතිව සිටියේ නැත; ඔවුන් අපට අයිතිව සිටියා නම් අප සමඟ පවතිනවා ඇත. නුමුත් ඔවුන් සියල්ලන්ම අපට අයිති නැති බව ප්රකාශවන පිණිස ඔව්හු අපෙන් අහක්ව ගියෝය.
20
ඔබ සැම ශුද්ධ තැනන්වහන්සේගෙන් ආලේපයක් ලැබ සියලු දේම දනිහුය.
21
මා ඔබ සැමට ලියා එවුවේ ඔබ සැම සැබෑව නොදන්නා බැවින් නොව, ඔබ සැම සැබෑව දන්න නිසාත් සැබෑවෙන් කිසි බොරුවක් හට නොගන්න නිසාත්ය.
22
යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ නොවේයයි කියන තැනැත්තා මිස බොරුකාරයා වෙන කවුද? විරුද්ධ-ක්‍රිස්තුස් මේය, එනම්, පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ එපා කරන තැනැත්තාමය.
23
යමෙක් පුත්‍රයාණන්වහන්සේව එපාකරන්නේද, ඔහුට පියාණන්වහන්සෙත් නැත්තේය. යමෙක් පුත්‍රයාණන්වහන්සේව පිළිගන්නේද, ඔහුට පියාණන්වහන්සෙත් ඇත්තේය.
24
ඔබ සැම පටන්ගැන්මේ සිට ඇසූදේම ඔබ සැම තුළ පවතීවා. පටන්ගැන්මේ සිට ඔබ සැම ඇසූ දේ ඔබ සැම තුළ පවතී නම්, ඔබ සැමත් පුත්‍රයාණන්වහන්සේද පියාණන්වහන්සේද තුළ පවතින්නහුය.
25
උන්වහන්සේ අපට පොරොන්දුවූ පොරොන්දුව නම් සදාකාල ජීවනයය.
26
මා ඔබ සැමට මේ කාරණා ලියුවේ ඔබ සැම මුළාකරන්ට හදන අය ගැනය.
27
ඔබ සැම ගැන වනාහි, ඔබ සැම උන්වහන්සේගෙන් ලැබූ ආලේපය ඔබ සැම තුළ පවතින්නේය, යමෙකු විසින් ඔබ සැමට ඉගැන්වීම ඕනෑකරන්නේ නැත; එම ආලේපය සියල්ල ගැන ඔබ සැමට උගන්වන ලෙසද, එය බොරු නොව සත්යව තිබෙන ලෙසද, එයින් ඔබ සැමට ඉගැන්නූ ප්‍රකාරයටද උන්වහන්සේ තුළ පැවතෙන්න.
28
ඉතින්, මාගේ ප්‍රිය දරුවෙනි, උන්වහන්සේ තුළ පැවතෙන්න; එසේ කළ යුතුවන්නේ උන්වහන්සේ ප්‍රකාශවුණාම උන්වහන්සේගේ පැමිණීමේදී අප උන්වහන්සේ ඉදිරිපිට ලජ්ජානොවී නිර්භීතකම ඇතුව සිටින පිණිසය.
29
උන්වහන්සේ ධර්මිෂ්ඨ බව ඔබ සැම දනිහු නම්, ධර්මිෂ්ඨකම් කරන සියල්ලන්ද උන්වහන්සේගෙන් ඉපදී සිටින බව ඔබ සැම දනිහුය.
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 3 →
All chapters:
1
2
3
4
5